Posted by : Unknown Tuesday, December 3, 2013

හරි  ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ ගොඩක් අයට ලොකු ගැටළුවක් වෙලා තියෙන Facebook like වැඩියෙන් ගන්නේ කොහොමද කියල ..ඇ ... ගොඩක් අය මේක දන්නවා ඇති .. මම  කියල දෙන්නේ දන්නේ නැති අයටලු ඇ ... ;) ..හරි .. මම මුල ඉදන්ම කියන්නම් ..

මේකේ නම Addmefast....මෙහෙමයි මේක ඇත්තටම තවත් එක web site එකක් විතරයි .. එකෙන් කරන්නේ Facebook like විතරක් නෙවෙයි ... twitter tweets , follower ල එහෙම exchange කරන එක .. ඒ කියන්නේ ... ඔයාට මේ දේවල් ලැබෙන්නේ ඔයා මේ දේවල් ලබා දෙන තරමට ... නිකන් කිව්වට හැම එකක්ම නිකන් නෙවෙයි කියන්නේ ඔව්වට තමා ... :P ( මෙය දෙමල පත්තරයක් නොවේ ..)

මේක මෙහෙමයි ...  ඔයා වගේම තව මේ  සයිට් එකේ Register උන ය ඉන්නවා .. එයාල ඔයාගේ Fan page වලට ලයික් දානවා .. ඔයා ඒ වෙනුවෙන් එයාලගේ ඒවටත් ලයික් දානවා ... ( twitter කියල ලොකු නැහැ ...   එකටත් මේකම තමා වෙන්නේ ... 

හරි මෙතැන් සිට වැදගත් හරිය බලාපොරොත්තු වන්න ඇ ... :3 


 මම දැන් කියල දෙන්නම් මේ සයිට් එකේ වැඩ කරගන්න හැටි .. පුළුවන් විදියට ... 

-->  මුලින්ම ඔයා ඒ සයිට් එකට මෙතැනින් යන්න  ... 

-->  එතකොට එන page එකේ දකුණු පැත්තේ උඩ කෙලවරේ තියෙනෙව නේද login වෙන්න තැනක් ...  ඒකට පහලින් තියෙනෙව ලාවට register now කියල එකක් .. අන්න එක ක්ලික් කරන්න ... 



හරි .. ඊලගට එනවනේ page එකක් ... අන්න ඒකට  ඔයාගේ ඇත්ත  විස්තර දාල Register වෙන්න ... :D 



ඊට පස්සේ ... ඔයා Register වෙද්දී දුන්න e-mail එකට log වෙන්න .. දැන් එකට ඇවිත් ඇති Addmefast එකෙන් email එකක් .. ඒ ඇවිත් තියෙන්නේ ඔයාගේ confirmation email එක ... එකේ තියෙන ලින්කුව ක්ලික් කරන්න .. හරිය ... දැන් ඔයා යන්නේ ආයිත් Addmefast home page එකට .. දැන් අර Register button එක තිබ්බ තැනම තියෙනෙව login වෙන ..තැන  .. එතනට ඔයාගේ email එකයි password එකයි දීල log වෙන්න ... :D 



ඊට පස්සේ එයි ඔය පහලින් තියෙනෙව වගේ agreement එකක් .. එකට ඔයා internet පාවිච්චි කරන ය කියන ලොකුම බොරුව සුපුරුදු විදියට .කියන්න ...ඒ කියන්නේ " i agree " කියල ඔබන්න .. :p 



හරි දැන් වැඩේ හරි .. :D හැපිද ...එතකොට ඔයාට බලාගන්න පුළුවන් පහල තියෙනෙව වගේ කොටසක් ... ...පේනවා නේද පේනවා නේද ...



හරි .. දැන් වැඩේ පටන් ගම්මු .. මෙහෙමයි දැන් කොලන්නේ ..ඔයාට ඔය තියෙන icon ක්ලික් කරලා කැමති එකක් තොර ගන්න පුළුවන් ... ඒ කියන්නේ ඔයාටයි මුලින් ලයික් හරි share හරි මොකක් හරි කරන්න වෙන්නේ .. එතකොට ඔයාට ලකුණු එකතු වෙනවා ... (points) ... එක page එකකට ලයික් එකක් දාපුවාම හම්බෙන ලකුණු ගණන තවත් එකකට වඩා වෙනස් වෙන්න පුළුවන් .. ඒ ගැන හිතන්න .එපා . හැබැයි වැඩියෙන් point දෙන එව්වට ලයික් වගේ දැම්මොත් වැඩියෙන් point හන්බු වෙයි .. :v 

මම දැන් එකක් කරන හැටි කියල ..දෙන්නම් ...  මම පොඩි  වෙනසකටත් එක්කල twitter එකේ අනිත් අයගේ post මගේ එකවුන්ට් එකකින් tweet කරන හැටි කියල දෙන්නම් ... :D 

මුලින්ම  මම ඔය icon ලිස්ට් එකෙන් twitter tweets කියන එක උඩ ක්ලික් කරනවා ...එතකොට මට මෙන්න මේ වගේ page එකක් තමා පේන්නේ ..ඔය දාල තියෙන පුටෝ එකේ colors අවුලක් තියේ .. හිතන්න එපා ඒ ගැන ඇ .. ;) 


ඒ photo එකේ උඩින්ම  කොටු කරලා තියෙන්නේ මට ඒ post එක tweet කලාම හම්බ වෙන ලකුණු ගණන වැටෙන තැන ..

දෙවෙනියට කොටු කරලා තියෙන button එක ක්ලික් කලාම තමයි වැඩේ වෙන්නේ .. ඔයාට එක නැතුව ඊලග post එක ගන්න ඕනිනම් අන්තිමට කොටු කරලා තියෙන skip බටන් එක ඔබන්න .. ( මෙව්වා  site එකෙ  කොටු කරලා නැහැ ඇ .. :p) 

මම දැන් අර දෙවෙනියට කොටු කරලා තිබ්බ button එක ක්ලික් කරාම මෙන්න මේ වගේ pop-up එකක් load වෙනවා ...එකෙන් තමා අපි post එක tweet .කලන්නේ .. සමහර ... අහ එතකොට ඔයාට කියයි ඔයාගේ twitter එකවුන්ට් එකේ username password ගහන්න කියල .. එහෙම කරලා මුලින් log වෙලා ඉන්න හරිද .. :3 (එක කියන්න  අමතක උනා මුලින් .. ) 

මෙන්න මේ වගේ pop-up එකක් එයි log වෙලානම් ... 



දැන් ඉතින් ඔය මම රතු පාටට කොටු කොරල තියෙන " Tweet " කියන බොත්තම එබුවට පස්සේ එක tweet වෙනවා ... ඊට පස්සේ සමහර විට auto ම ක්ලෝස් වෙයි .. නැත්නම් pop-up එක ඔයාම ටික වෙලාවකින් ක්ලෝස් කරලා දාන්න ..ඊට පස්සේ ඔයාට point ටික add වෙලා ආයිත් අලුත් එකක් ඇවිත් ඇති tweet කරන්න ... ආසයි නෙහැ ... දැන් දිගටම ඔහොම කරන්න ... එතකොට point add වෙයි ... හැබැයි tweet කරද්දී ඔයාගේ අතින් මොකක් හරි වැරද්දක් උනොත් ඔයාට ලකුණු එකතු වෙන්නේ නම් නැහැ .. :/ :/ 

ඔයා එකතු කරාගෙන තියෙන point ගාන දකුණු පැත්තේ උඩ ලොකුවට වැටිලා ඇති ... :D

------------------------------------------------------------------------------------------------------

හරි දැන් මන් කියල දෙන්නම් ඔය එකතු කර ගත්තු point වලින් කොහොමද වැඩ ගන්නේ කියල .. ඒ කියන්නේ ඔයාගේ fan page එකට ලයික් හරි twitter එකට followers ල හරි ගන්නේ කොහොමද කියල ...දැන් ආයිත් home page එකට යන්න .. :D

එතන වම පැත්තේ තියෙන ලිස්ටුවේ උඩින්ම ඇති Add site/page කියල button එකක් .. එක ක්ලික් කරන්න .. මම ඔය පල්ලෙහා photo එකේ කොටු කරලා තියෙන්නේ එක තමා .. :3 ..



එහාකොට ඔයා යන්නේ ආයිත් form එකක් පුරවන්න තියෙන page එකකට ... :3 ..

මේකනම් හරිම වැදගත් .. ඔයාගේ අතින් මොකක් හරි සීන් කොන් එකක් ගියොත් ඔක්කොම වැඩ චකබ්ලාස්ට් තමා ඇ .. :3 

-- > දැන් එකේ උඩින්ම තියෙන field එකේ ඔයාට ඕනි Facebook likes ද ... twitter followers ද ... නැත්නම් වෙන මොකක් හරිද කියල තෝරන්න ... ( පේනවා නේද තියෙන ගොඩ .. ) 

-->  දැන් හරිනේ .. දැන් ... countries කියල තියෙන එකෙන් ඔයාලට likes followers ල ඕනි මොන රටෙන්ද කියල තෝරන්න .. ලංකාවෙන් කට්ටිය ඉන්නවා .. එහෙම විශේෂ රටක් නැත්නම් එකට මුකුත් දාන්නේ නැතුව worldwide ම තියන්න ... 

-->  ඊට පස්සේ .. ඔයාගේ  page එකේ හරි මොකේ හරි title එක ඊලග field එකේ පුරවන්න ... 

--> ඊට පස්සේ ඔයාට ලයික් ඕනි fan page එකේ link එක හරියටම දාන්න ඊලග site/page URL කියන field එකේ ... දාල මුකුත් කරන්න කලින් දාපු එක ආයිත් ගහල බලන්න ඔයාගේ page එකටමද යන්නේ කියල ... නැත්නම් ඔක්කොම වැඩ චලබ්ලාස්ට් වෙයි ඇ .. :P 

-->  ඊට පස්සේ දාන්න ඔයාට ඕනි ලයික් ගැන ඊලගට තියෙන total click කියන field එකේ.. ඔයාට එහෙම limit එකක් නැත්නම් එක හිස්ව තියන්න ...

-->  ඊලගට තියෙන්නේ Daily clicks කියල එකක්නේ .. ඔයාට දවසකට ඕනි ලයික් ගැන එතනට දෙන්න .. එතනත් හිස්ව තිබ්බට කමක් නැහැ .. 

ඕවට  ලක්ෂ ගණන් දැම්මත් point ඉවර උනාම ලයික් වැටෙන්නේ නැහැ .. එතකොට ඔයාට ආයිත් point එකතු කරන්න වෙනවා ..  

ඊලගට තියෙනෙව නේද  field එකක් CPC කියල ..එකට ඔයාට දාන්න පුළුවන් ... ඔයාට වැටෙන එක ලයික් එකකට ඔයාගේ point වලින් කැපෙන ගාන .. එක ඔයාටම දා ගන්න පුළුවන් එක ලොකු දෙයක් නෙහැ .. හැබැයි ඉතින් .. ඔයා ඔතනට දාන ගැන තමා ඔයාගේ page එකට ලයික් කලාම අනිත් අයට හම්බු වෙන්නේ ... ඒ නිසා ඉතින් ඔතනට අඩු ගානක් දැම්මොත් වැඩිය කට්ටිය ලයික් කරන එකක් නැහැ ... :D  .. මන්ද ඉතින් ... your choice my choice ... :3 ..

දැන් එහෙනම් Save changes button එක ක්ලික් කරන්න .. එතකොට ඔයාගේ page එක add වෙයි .. දැන් ඔයාට ලයික්  වැටෙයි ... ඇ ... 

එක පාර ඔක්කොම වැටෙන්නේ නැහැ ... හිමිහිට වැටෙයි ඉතින් .. හා දැන් වැටෙනකම් බලන් ඉන්න එපා .. තව point එකතු කරන්න .. නැත්නම් point ඉවර උනාම ඔයාට හුලං .. :p 

හරි .. දැන් මගේ වැඩ ඉවරයි .. දැන් ඉතුරු ටික ඔයාගේ අතේ තියෙන්නේ ... හා .. තව එකක් .. හැම දේකම රහස් තියෙනෙව .. ;) එව්වත් ටිකක් ටිකක් ඉගෙන ගත්තොත් ඔයාට සැප ... :D 

එහෙනම් ඉතින් මම යනවා ... ආයිත් මේ වගේ පෝස්ට් එකකින් එන්නම් ... දන්නවද .. ඊලග පොස්ට් එකෙන් මම ඔයාලට කියල දෙන්නේ බ්ලොග් වල දකින්න අඩු ... ගැජට් එකක් ගැන ;) ,... දිගටම ඉන්න මාත් එක්ක .. 

කොමෙන්ට් එහෙකුත් දාල යන්න ඇ .. මගේ දෑත් සක්තිමත් කලන්න ඇ .. :3 

එහෙනම් ජය වේවා ... !!!




{ 7 Comments... ඒවා කියෝල ඔයාගේ අදහසත් දාල යන්න }

  1. සයිට් එක වැඩ නෑ බන්

    ReplyDelete
    Replies
    1. වැටෙන add එක skip කරලා යන්න මචෝ ..එතකොට හරි .. :D

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete

☻ Photo Comment දැමීමට :

[img] ඔයාගේ Image Link එක [img]

☻ සිංහල අකුරු Type කිරීමට වම් පස පහල ඇති "සිංහල " බොත්තම ඔබන්න ..

සාදරයෙන් පිළිගන්නවා !

ලිපි ගොනුව !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !