Posted by : Unknown Saturday, December 28, 2013

මා වැනි බිලින්ද 
මරුවා යයිද කැන්දා 
අනේ ඒ හින්දා 
දෙන්න ලේ බිඳු මාම නැන්දා



ඔව් .. ඔයාටත් පුලුවන්නම් මේ වගේ අසරණ ජීවිතයක් බේරා ගන්න .. පුළුවන් ..2014 පටන් ගද්දිම ඔයාට ඒ වගේ පින් සිද්ද වෙන වැඩක් කරන්න හොදම අවස්තාවක් ලැබිල තියෙනෙව .. බුකියේ කට්ටිය මේ 2014 ඒ වගේ වැඩකින් පටන් ගන්නයි යන්නේ .. බුකියේ කට්ටිය හැමෝම සියනැ කෝරලේට එකතු වෙලා ලේ දන් දීමේ කදවුරක් පවත්වන්නයි යන්නේ .. මේ වෙනකොට්ට ඊට අවශ්‍ය සියලුම කටයුතු සම්පාදනය වෙමින් පවතිනවා .. 

ම්ම්ම් ... මේක සංවිදානය කරන්න යන්නේ ගම්පහ නගරයේමයි .. ඒ හැමෝටම වගේ එන්න ලේසි කියල හිතෙන නිසා ... ලබන ජනවාරි මාසයේ 12 වෙනිදා ඒ කියන්නේ ඉරිදාවක තමයි මේක පවත්වන්න නියමිත .. ඒ උදේ 9 ඉදන් හවස 3 වෙනකන් ගම්පහ සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාල පරිශ්‍රයේදී .. මේ වෙනුවෙන් ජාතික ලේ බැංකුවේ වෛද්‍ය  ශිරෝමන් මහතා එදාට අපිට උදව් කරන්න සහබාගි වෙනවා .. මේ වැඩේට ලේ බැංකුවෙනුත් ලොකු සහයක් ලැබෙනේව ...

ලේ දන් දෙන හැමකෙනෙක්ටම එදාට කෑම දෙන්න බලාපොරොත්තු වෙනවා .. එත් තියෙන මුල්‍යමය හැකියාවත් එක්ක තීරණය වෙලා තියෙන්නේ කිරි පැකට් එකක් එක්ක බනිස් ගෙඩියක් ( ෆිෂ් බන් ) එන හැම කෙනෙක්ටම වගේ දෙන්න ... 150 විතර වගේ මේකට සහභාගී වෙයි කියල බලාපොරොත්තු වෙනවා ..එක්කෙනෙක්ට දල වශයෙන් රුපියල් 100ක් වෙන් කොලොත් ඒ කෑම වෙලේට හැමෝටම (120*100) 12000 වගේ මුදලක් යනවා .. ඊට අමතරව වෛද්‍යවරයාට සහ එන සේවක මණ්ඩලයට දහවල් ආහාරය දෙන්නත් බලාපොරත්තුවක් තියෙනෙව ... ඒකට අවම රැපියල් 4000ක් හෝ යාවි
ලේ දෙන්න බැරි වුනත් සහබාගී වෙන්න කැමති අය ඉන්නවා එදාට එන්න බලාගෙන ඉතිං ඒ අයටත් දවල් කෑම දෙන්න ඕනෙ.. එන ගාන අනුව තමයි ඒක වෙනස් වෙන්නෙ.... අවම තව රැපියල් 5000ක් විතර ඒවට වියදම් වේවි...

ප්‍රචාරණ වැඩ සදහාත් අපිට වියදම් කීපයක් දරන්න සිද්ධ වෙනවා.. ෆේක් අපි ටිකගෙන් ලොකු ප්‍රාණයක් ලේ එකතු වෙන්නෙ නැති වෙයි.. ගම්පහ අවට කැමති අයට සහභාගී වෙන්න පුළුවන් විදියට එයාලව දැනවත් කරන්න ප්‍රචාරණයක් කරන්න වෙනවා.. ඒකට ගනං බලපු විදියට රැපියල් 3000ක්විතර වියදම් වේවි.. පෝස්ටර් ටිකක් අපිට ලැබෙනවා.. නමුත් අපි වෙනම පෝස්ටර් ගහන්න ඕනෙ... බැනර් එකක් දාන්නත් ඕනෙ ඒකට වෙනම වියදමක් යාවි...
මේ සේරම වෙනුවෙන් අපිට ආසන්න රැපියල් 25000ක පමණ මුදලක් අවශ්‍ය වෙනවා..
සංවිධායක මණ්ඩලය මේ වෙනුවෙන් පෞද්ගලිකව මුදල් ආධාර එකතු කරලා තියෙනවා.. මේ සදහා සහය වෙන්න කැමති අය ඉන්නවනං ඔයාලටත් හැකියාවක් තියෙනවනං මේ සදහා දායක වෙන්න අවස්ථාවක් තියෙනවා...

" ඔයාලට හැකි මුදලක් ලබාදෙන්න , සියළු මුදල්වල වගකීම සංවිදායක මණ්ඩලය බාරගන්නවා..." 

 සංවිදායක මණ්ඩලයට  එන අය හරියටම කියන්න කීයක් එනවද කියලා බලාගන්න ඕන නිසා...



ගම්පහට එන විදිය ගැනත් දාන්නං...


-->   කොළඹ ඉදලා එනවනං 200 ගම්පහ කොළඹ බස් එකක හරි ට්‍රේන් එකේ හරි එන්න පුළුවන් ගොඩක් ට්‍රේන් ගම්පහ නතර කරනවා...

-->   කුරුණැගල නුවර ඉදලා එන කෙනෙකුට කොළඹ බස් එකක ඇවිත් යක්කලින් හෝ මිරිස්වත්තෙන් බැහැලා ගම්පහ බස් එකක ගම්පහ ටවුන් එකට එන්න පුළුවන් යක්කල ඉදල කිලෝමීටර් 5ක් තියෙනවා මිරිස්වත්තේ ඉදලා කිලෝමීටර් 4ක් තියෙනවා... ගම්පහට
යක්කලින් බහින කෙනෙක්ට 201,231,181,215, ඕනම බස් එකක එන්න පුළුවන්
මිරිස්වත්තෙන් බහින කෙනෙක්ට 200,202,228/1,205,214, ඕනම එකක එන්න පුළුවන් ඇවිත් ගම්පහින් බැස්සම හොයාගන්න ලේසියි...
නුවර, කුරුණෑගලින් එන අයටත් ට්‍රේන් එකේ එන්න පුළුවන් ඇවිත් ගම්පහින් බහින්න... (ගම්පහ නවත්තන ඒවද කියලා බලලා එන්න)

-->   වත්තල ජාඇල පැත්තෙන් එන කෙනෙක්ට
වත්තල කෙනෙක්නං කඳානට ඇවිත් 276 බස් එකේ ගම්පහට එන්න පුළුවන්
නැත්නං ජා ඇලටම ඇවිත් 201 ජා ඇල - ගම්පහ හෝ 201 ජා ඇල නිට්ටඹුව බස් එකක එන්න පුළුවන්

-->    කටුනායක , මිනුවන්ගොඩ කෙනෙක්ට
270 කටුනායක - ගම්පහ බස් එකක ලේසියෙන්ම එන්න පුළුවන් මිනුවන්ගොඩට ඇවිල්ලයි බස් එක ගම්පහට එන්නේ...

-->    මීගමුව සීදුව පැත්තෙ කෙනෙක්ට
244 මීගමුව ගම්පහ බස් එකක එන්න පුළුවන් කොටුගොඩ හරහා එන්නෙ..

-->    දිවුලපිටිය ගිරිඋල්ල පැත්තෙ අයට
ගිරිඋල්ලෙ කෙනෙක්ට දිවුල පිටියට ඇවිත් 211 ගම්පහ දිවුලපිටිය බස් එකක එන්න පුළුවන්
නැත්නම් 221 නිට්ටඹූව බස් එකක නිට්ටඹුවට ඇවිත් 201 නිට්ටඹුව ගම්පහ බස් එකක එන්න පුළුවන්

-->   ගම්පහට ඇවිත් ගම්පහ පබ්ලික් හෝල් එක( සිනමා ශාලාව තියෙන්නේ බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහා)
එතනින් පොඩ්ඩක් ඉස්සරහට එනකොට තියෙනවා HDFC බැංකුව එතන තියෙන පාරෙන් හැරිලා මීටර් 5ක් 6ක් විතර ඇතුලට එන්න ඕනෙ පාර අයිනෙම ස්කෝලෙ තියෙනවා... හැරෙන්න ඕනෙ තැන බැනර් 1ක් දාලා තියෙනෙව හොයාගන්න ලේසි වෙන්න....

ඔයාලගේ ආධාර මුදල් ලංකා බැංකුවේ පහත සදහන් ගිණුමට බැර කරන්න ..


ගිණුම් අංකය - 70688969
S A D S L ජයතිලක
ලංකා බැංකුව 




ඔයාලට මේ ගැන වැඩි විස්තර දැන ගන්න ඕනිනම් ඔයාල පහල තියෙන දුරකථන අංක වලට කතා කරලා විස්තර දැන ගන්න පුළුවන් .. 

 පැමිණීමේ ගැටළු ( පොඩි මල්ලි )               - 0717383167
  
මුදල් ආදාර    (මොණරී  )                           - 0717604329 
  
පැමිණීම තහවුරු කිරීම (බ්ලැක් පුමා)         - 0777615332 
                          (පොඩි සොනික්)              - 0754392827

  වෙනත් උපකාර වේනම්(ගිනි කුකුලා )      - 0714041977 


ඔයාල හැමෝටම කරන විවුර්ත ආරාධනයක් මේක ...  ඔයාලට පුලුවන්නම් මේ ගැන තව දන්නා කියන අයට කියන්න .. එහෙනම් එදාට හම්බ වෙමු ...!!!

{ 3 Comments... ඒවා කියෝල ඔයාගේ අදහසත් දාල යන්න }

  1. නියමයි බං

    ReplyDelete
    Replies
    1. එල මචං .. පුලුවන්නම් වරෙන් ... :)

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete

☻ Photo Comment දැමීමට :

[img] ඔයාගේ Image Link එක [img]

☻ සිංහල අකුරු Type කිරීමට වම් පස පහල ඇති "සිංහල " බොත්තම ඔබන්න ..

සාදරයෙන් පිළිගන්නවා !

ලිපි ගොනුව !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !