Archive for February 2015

වැලෙන් ටොයින් කී විට මතක් වෙන්නේ රාගය ප්‍රමුක කරගත් වර්තමාන යුවල් වල් අකාරයෙන් අහුමුලු ගානේ , පදුරු අස්සේ පැදුරු උඩ සෙල්ලම් කරන අකාරය ය . එයට හේතුව එසේ මතක් වන පුද්ගලයාගේ අව මානසිකත්වය නොවේ .. ඒ ඇත්තටම කියනවනම් වර්තමානයේ පෙනෙන්නට තිබෙන පොදු සිද්ධි දාමයයි .. " වැලන්ටයින් " එහෙමත් නැත්නං ආදරවන්තයන්ගේ දිනය සමරන අයගෙන් තුන්කාලක්වත් එහි නියම තේරුම දන්නවාද කියා සැකයක් ඇත .. තවත් අතකින් බලන විට එය ආදරයේ නාමයෙන් වෙළෙන්දන් රජවන දිනයකි .. ඊට හෙතුවනන් ආදරවන්තයින් භෞතිකව ලබා දෙන  ත්‍යාග මගින් ආදරයේ තරම හෙවත් " කොච්චරක් ආදරේද " යන්න මැනීමයි .. එසේ සිතන උන්ට කියන්න තියෙන්නේ " පුලුවන්නම් හොයාගෙන ඔ.හෙන්රි ගේ 'Gift of Magi ' " කියන කෙටිකතාව කියවන ලෙසය .. එහි නියම ආදරය හා භෞතික තෑගි මගින් ආදරය ප්‍රකාශ කිරීම කොතරම් බොලඳ ක්‍රියාවක්ද කියා පැහැදිලි කරයි ..  වැලන්ටයින් දිනය ඇතිවූ හැටි ගැන ගිය වසරේ වැලන්ටයින් එකට චකා පෝස්ටුවක් දැම්මේය ..

වැලන්ටයින් ජයටම සමරන්නේ පාසල් පෙම්වතුන්ය ..උන්ගෙන් මව් වරුන්ගේ දිනය මතකද කියා ඇසුවොත් කට උත්තර නැත .  ඔවුන් වැලන්ටයින් එකට ලැහැත්ති වෙන්නේ මාස ගානක සිටය .. පෙම්වතියට හෝ පෙම්වතාට දෙන්ට තෑග්ගක් හොයමින් ලතැවෙන්නේ සැහෙන කාලෙක සිටය ..  නමුත් ඔය අයගෙන් තෑග්ග දෙන්නේ අතලොස්සකි .. ඒ වැලන්ටයින් එකට කලින් වැඩේ අජපල් කරගන්න නිසාය ..  ඇත්තටම පාසල් කාලයේදිනන් තෑග්ගක් දී ශේප් වෙලා යාම හොදයැයි සිතෙයි .. ඊට හේතුව උනුත් ලොකු උන් කරන දේවල් කරන්න ගියොත් උන්ට ලොකු වෙද්දී කරන්න දේවල් නැතුව යෑමය .. ඉදල හිටලා අනන්තයට යන එකෙක් නැතුවාම නොවේ ..

ඇත්තටම වැලන්ටයින් සමරන ලොකු ලොකු අයියල අක්කල සංවර බාවය ගැනද ටිකක් හිතුවොත් හොදය . ඒ එදාට පොඩි එකෙක්ට පාරේ බැහැල යාමට තරම්වත් හොදනැති දවසක් වන නිසාය ..  පොඩි එක වල වදිනවා සුවර්ය .. එදාට පොඩි උන් අරන් ට්‍රිප් යන්න හිතන් ඉන්නවනම් ඒ සවාරිය වෙන දවසකට දා ගැනීම හොදය .. පෙම් කෙලිය යුතුය .. ඒත් ප්‍රසිද්ද ස්ථාන වල වැල වගේ නොව , රහසින් ය . රහිසින් පෙම් කෙලිනවා කියා සයිබර් කඩ කාමර අස්සේ රින්ගිය යුතු නැත .. එසේ රිංගන උන්ට කියන්න තියෙන්නේ "උබේ අක්ක නංගිත් වැලන්ටයින් සමරනවා " කියාය .. හදවතින්ම ලව් කරන එකෙක් හරි අවස්තාව එනතුරු ඕනි නැති දේවල් පෙම්වතියෙග්න් හෝ පෙම්වතාගෙන් නො ඉල්ලයි .. එසේ ඉල්ලන ආදරයක් සදාකල් පවතින්නේ හෙනටම කලාතුරකිනි .. ඒ නිසාමදෝ කොහේදෝ පෙබරවාරි මාසය කැලෙන්ඩරේ කොටම මාසය වී ඇත්තේය  ..  අන්තිමට දෙන්නටම කෙල වී වැඩේ චකබ්ලාස්ට් වීමට වැලෙන් ටෝයින්ම හේතු වේ ..


කීමට තවත් දෙයක් ඇත .. වැලන්ටයින් යනු තවත් එක දවසක් පමණි .. එදාට අමුතු අමුතු දේවල් දැනීමද තවත් එක දෙයක් පමණි .. වටින්නේ දැනෙන අමුතු දේවල් පාලනය කරගෙන තවත් එක දවසක් ගෙවා දැමීමයි .. එදාට විතරක් වැඩි ආදරයක් නොවිය යුතුය ..  

සිංගල් උන් වෙත කියමි .. උබල වැලන්ටයින් සැමරීමට නොහැකි වීම ගැන දුක් නොවන්න .. නාහෙන් නාඩන්න .. හේතුවනම් මේ ලෝකයේ මව් වරුන්ගේ දිනය සැමරීමට අම්ම කෙනෙක් නැති , පියවරුන්ගේ දිනය සමරන්න පියෙක් නැති අයද ඕනි තරම් සිටින නිසාවෙනි ..

සැබෑ ආදරවන්තයින්ට හැමදාම වැලන්ටයින් ය .
.


---------------------------------------------------------------------------------------------------------

දැන්වීමකි : පෙරවාරි 14 වන දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය පැවෙත්වෙ ..

--------------------------------------------------------------------------------------------------------

ඔබට නොමිලේ උපදෙස් දුන්නු මම ගෙදර සිට මැච් එක බලන බවට දිවුරා පොරොන්දු වෙමි ..
සාදරයෙන් පිළිගන්නවා !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !