"ගප්පියා" නමින් කෙටිකලක් තුල සයිබරයේ ප්‍රසිද්ද උන තරුණයෙකි .. එතරම් වේගයෙන් මෑත කාලීනව තරුණ ප්‍රජාව අතර ජනප්‍රියත්වයට පත්වුණු අය අතලොස්සකි .. ඒ අතරිනුත් ප්‍රිය ආකාරයට ජන ප්‍රිය උණු අය අතැගිලි ගනනටත් අඩුය .. හාස්‍ය මෙන්ම උපහාසය සමග වීඩියෝ පට තුලින් රසික ප්‍රජාව වෙත සමීප උණු ගප්පියාට පසුගිය දිනක , හරියටම පොසොන් පොහෝ දින හෙනහුරා ලැබුවේය .. සමහරු කිවේ පෝය නිසා පුරහදේ බලපෑම කියාය .. 

ලංකාවේ මිනුස්සු මාරය .. දෙනකොට උපරිමේටම දෙන්නත් කෙලිනකොට එලටම කෙලින්නත් හොද හැකියාවක් ඔවුන් සතුය .. "hit" වුනු ගප්පියා "shit" වීමට ගියේ විනාඩි කිහිපයකි ... ගප්පියා එකපාරටම ෂීට් වුවේ , ගප්පියා හිට් වෙවියයි සිතා පළකරපු කාටුනයක් නිසාය ..

එහි මතුපිට හරය "මහින්දාගමනය අද සිදුවුවනන් තිස්ස මිහුදු හාමුදුරුවන් සමග සෙල්ෆි ගනු ඇති බවයි .. " වර්තමාන තරුණ ප්‍රජාවගේ මෙනියාවක්ව පවතින Selfie ක්‍රමය උපහාසයට ලක්කිරීම එහි අරමුණ වෙන්න ඇත්තේය .. ඒ මට පෙන විදියය .. තව එකෙක්ට ඊට වඩා ගැඹුරින් වෙන විදියකට පෙනෙන්න ඉඩ ඇත .. නමුත් ගප්පියාට පෙනුනේ කොහොමද කියා අපි නොදනිමු .. ඌට පෙනුනෙත් මට පෙන විදියටනන් එහි වරදක් නැත .. නමුත් වෙන විදියකට එක දැක්ක අය දුටු තැන සිට ගප්පියාගේ සර්වාන්ගේම මඩින් නැව්වේය .. ඒ බෞද්ධ ආගමට ගප්පියා අපහාස කිරීමේ වරද නිසාවෙනි .. 



එක අතකට ගප්පියාද වැරැද්ද ගත්තේය .. ලංකාවේ මිනුස්සු ගැන අවභෝදයක් තිබුනානං ඔයිට වඩා දුර ගප්පියාට හිතන්න තිබුනේය ..

මේ සිද්දියත් සමග මට මෙහෙම අවස්ථාවක්ද සිහිපත් වෙයි .. ඒ ජනාදිපතිවරණ කාලයේදී සමහරු මහින්දාගමනය අර්ථ දක්වමින් මිහින්තලේ චායාරුපයකට මහින්ද ඇතුළු පවුල තබා edit කර තිබු අවස්ථාවයි .. ඒ චායාරුප සම්බන්දයෙන් ඒ වෙලේ මේ වගේ ලෙඩක් වැටුනේ නැත්තේ ඇයි කියා මටනං ප්‍රශ්නයකි .. 

සමහරු ගප්පියාට සෙල්ෆි උපහාසය පොසොන් දවසෙම මතක් උනේයැයි තර්ක කළේය .. මටනං තේරෙන පරිදි නිර්මාණයකට අදහස එන්නේ හිතෙන වෙලාවකට නෙවේය .. අනික් පැත්තෙන් බලද්දී ගප්පියාගේ කාටුනය වෙන ආගමකට විරුද්ද වුනානන් ලංකාවේ මිනුස්සු ඒක ෂෙයාර් කරලා ගන්න ආතල් එකද අමතක නොකර යුතුය .. එහෙනං ගප්පිය ෂිට් නොවී තව හිට් වීමටද ඉඩ තිබුණි .. 

මම කිව්වේ එක පැත්තක් ගැන පමණි .. තවත් දෙයකි .. කුන්හරප වලින් තොරව තර්ක කිරීමටද සියලු දෙනා ඉගෙන ගත යුතු බවත් බැරි උන් ගොන් පාර්ට් නොදැමිය යුතු බවත් ගප්පියාට මඩගපු කොමෙන්ට් දැක්කම සිතුනි ..

තවද මම  බුකියී මෙහෙම පෝස්ට් එකක්ද දැක්කෙමි .. 

"ගප්පියාගේ විහිළුවක් තෙරුන්ගන්න බැරි මිනුස්සු බෞද්ද දර්ශනය කොහොම තේරුම් ගනියිද."

කෙසේවෙතත් හිට් වෙන්න ට්‍රයි කරන හිට් වෙලා ඉන්න කාට කාටත් මේවා හොද පාඩම්ය .. 





මම බ්ලොග් ලියන්න පටන් අරගෙන වැඩිකලක් නොමැත .. ආසන්න වශයෙන් වසර එකහමාරක පමණ කාලයකි .. නමුත් බ්ලොග් ලියන්න ගත දවසේ සිට මට සෙට්වුණු ආතල්නන් එමටය .. :D මුලින්ම බීච් පාටියේදී මට ඔවුන්ව සෙට් උනේය .. ඊළගට 2014 අවුරුදු උත්සවෙදිය .. අන්තිමට 2015 අවුරුදු උත්සවෙදිය .. මේ කියන්න යන්නේ 2015 ගැනය .. :)
2015 සයිබර් සිහින බක්මහ උළෙලට එන්න මුලින් අපේ අයිය කාරය හා කිව්වත් ඒකාගේ මොකක්ද මන්ද වැඩක් නිසා පස්සේ බෑ කිව්වේය .. මම තනි වුනේය .. ගෙදරින් ද මට වැට බැදුණි .. පසුව කවුපි අක්කාට , පවනි අයියාට (නන්කිට) සහ නිමේෂ් (ඔටුවා) අයියාට පින්සිද්ද වෙන්න මම වැල්ලවත්ත කුරේ පාර්ක් එකට සැපත් වුනේය .. ^_^ ආවේ වැටෙන් පැනලය .. ( ඇත්තටම එකට එන පාරක් කොහෙන්ද තිබ්බේ බන්)




කොහොමින් කොහොමින් පසු පැවිලියන් එකට ආවේය .. එතැන් සිට වුනු එක එක දේවල් එක එක ආකාරයෙන් මතකයට ආවත් ඒ ඔක්කොම කියන්නන් බැරිය .. මාත් එක්ක කතාකරපු එකෙක්වත් මන් ගැන ඇහුවේ නැත .. උන් ඔක්කොම හෙව්වේ අයියවය .. >_< ( නපුරෝ ) සමහර උන්ට අයියවයි මාවයි පැටලී ඇත ..

පොල්තෙල් පහන පත්තු කිරීමෙන් පසු තරග පටන් ගත්තේය .. -_- එක එකා එක එක තරග වලට සිට එක එක එව්වා දිනාගත්තේය .. මමනම් හිටියේ නැත .. -_- :3
පොල්තෙල් පහන පත්තු කිරීමෙන් පසු තරග පටන් ගත්තේය .. -_- එක එකා එක එක තරග වලට සිට එක එක එව්වා දිනාගත්තේය .. මමනම් හිටියේ නැත .. -_- :3 කබ අදින්න ට්‍රයි එකක් දුන්නත් අපේ කරුමයකට මුලින්ම සෙටුනේ හෙන  නපුරු ලොකු උන් ඉන්න කණ්ඩායමකි .. -_- 


මේ නැම්දිනම් හෙනම නපුරුය .. :/ .. අලියට ඇහැත් තියල අවුරුදු කුමාරි ඔටුන්නත් ඉස්සුවේය .. :3 
 කවුද යකෝ බැලුන් හදපු එකා .. >_< පිම්බෙනවා විතරයි පුපුරන්නේ නැ . .. :/
ගියපාර ෆර්ස්ට් ගහපු speedy පැරදුනු අවස්තාව .. :3 හෙන සන්තෝසයි .. 

ඔටුවෙක් මුට්ටියට කෙලි අවස්තාවක් .. ( මුට හොදට පේනවා .. මොකට කන්නාඩි දානවද මන්ද )
පැනල ඇවිත් හිටපු මේ මාමිවයි නැම්දිවයි දන්නේ නැ කාද කිලා .. :/
අනවුන්සරස් ෆොර්එවර් .. :3

නැම්දීලාලගේ රේස් එක .. ^_^ හම්මේ ..

බොන උන් බිව්වේය . මම බලන් සිටියේය .. :) එක එකාගේ පටිවට් කුඩුවන අවස්ථාවේ මට මිට අවුරුදු එකහමාරකට පමණ පෙර මට තිබුණු නොනසුනු පිවිතුරු මගේ ෆේක් ජීවිතය මතක් උනි .. :'( දැන් එකේ කැලිත් නැත .. මම පජාත උන ෆේක් චරිතයක් වී ඇත .. කොහොම හරි ඒ වෙලී මම තාම පොඩියි කි විට නැන්දිල මාමිලා හිනා උනේ ඇයි කියා මම තාම නොදනියි .. :/ ( නපුරෝ ) අන්තිමට දවල්ට කන වෙලාවත් ආවේය .. ඊට පස්සේ හවස තේ වෙලාව ආවේය .. :3 .. ඒ අතරමැද තරග ගොඩක් තිබුනේය .. ඒවාට සහභාගී නොවුනත් ඒවගෙන් පට්ට ආතල් එකක් ලැබුනේය .. -_- අවුරුදු කුමාරි නැමදිලාගේ කැට් වොල්ක් එක යන වෙලේ කේක් කැල්ල උගුරේ හිරවුනේය .. :3 . අවන්කවම .. රසික (රණා) අයියාගේ සෙල්පි රැප් එක හිත මනබැන්දේය .. :v .. තාමත් දෝංකාර දෙනවා වගෙය .. :3 

අනේ ඉතින් මම පුංචි එකා කියල කවුරුත් මාව හැලුවේ නැත .. වචනයක් හරි මාත් එක්ක කතා කරපු උන්ට හෙනම ඉස්කොතුය .. අනිත් උන්ට මුකුත් කියන්නේ නැත .. :D මා අතින් නොදන්නා කමට නැම්දිල මාමලාට වරදක් උනානං සමාව භාජනය මැනවි .. :) වැඩේ එලටම ඔර්ගනයිස් කර තිබු සංවිදායක නැම්දිල මාමිලාට ඉස්කොතුය .. :D මිතුදමේ පස්වෙනි සැමරුම සමරන විට ඔබ සමග සිටීමට හැකි වීම ගැන සතුටු වෙමි .. :D 

 අවසාන වසයෙන් ප්‍රාර්ථනා කරන්නේ .. " පස්වසක මිතුදම සියවසක්ම පවතීවා කියාය " :) ..


ප/ලි : මම පොටෝ ගැහුවේ නැත .. ඒවායේ අයිතිය ගහපු උන් සතුය .. මඩ ඉදිරියට .. :D

එහෙනං ආයි සෙට්වෙමු මචං .. :)

යෝ යෝ .. සිරිලක පිරි අවුරුදු සිරි මේ .. ඔන්න එහෙනං හැමෝටම එකසිය විස්සට දෙසියවිස්සක් ආයුබෝවේවා වේවා කිව්වා .. :P ඒ වගේම ලැබුවාවූ මේ සිංහල දමිල අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන සාමය සතුට රජයන වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා කියල චකස් මල්ලි එකසිතින් ප්‍රාර්ථනා කරනවා ඇ .. (ඔයාලත් අනිත් පැත්තට ප්‍රාර්ථනා කරන්න ඇ ) :D ආ මේ ..  අර අර අපොස සාපෙ .. අන්න එකේ රිසාල්ස් ආවනේ .. ඔන්න මගෙන් රිසල්ස් අහන්න බලන් හිටපු අයට පහලින් මගේ රිසල්ස් ෂිට් එක අමුණලා තියෙනෙව .. අනේ මන්ද මේක හොද එකක්ද නරක එකක්ද කියල මටවත් තාම හිතාගන්න බෑ .. :P



හරි හරි .. එක ගැන කියන්න නෙවේ මේ පෝස්ට් එක ලිව්වේ .. :) .. මේක ලිව්වේ මේ අවුරුද්දේ පට්ටම ආතල් එකක් ගන්නා විදිය ගැන ඔයාලට කියන්න .. හැමෝම දන්නව ඇතිනේ සයිබරයේ යුනිකෝඩ් සිත්තම්කරුවෝ ඒ කියන්නේ බ්ලොගර්ස් ලගේ වාර්ෂික අවුරුදු මෙව්වා එක . .:D ඔව් ඔව් අවුරුදු උත්සවේ .. ආන්න එක ගැන කියන්න තමයි මේ ලක ලැහැස්ති වෙම්නේ .. :D

වැඩි සින් ඕනේ නැ .. ඔන්න මම කෙලින්ම එක ගැනම කියල මාරු වෙන්නම් . .:) මුලින්ම කියන්න ඕනේ සයිබර් සිහින බක්මහ උළෙල කියන්නේ අවුරුදු උත්සවයක් :3 .. බ්ලොගර්ස් ල කිව්වට මේකට එන්නේ බ්ලොගර්ස්ල විතරක් නෙවේ .. බ්ලොග් ලියන සහ කියවන ඇමෝම එක එක පළාත් වලින් එක එක වෙලාවට සමහරු එක එක දවස් වලට මේකට එනවා  ... :D

 එක එක දවස් වල ආවට ඉතින් මේක තියෙන්නේ අප්‍රේල් 19 වෙනිදා .. ටක්කෙටම කියනවනං අප්‍රේල් 19 උදේ 8 විතර ඉදන් තමයි වැඩේ යන්නේ .. මේක තියෙන්නේ වැල්ලවට්ටේ කුරේ ග්‍රවුන්ඩ් එකේ .. හැමෝටම එන්න ලේසියිනෙ .. 

මේක මාර ෆැන්ටසි උත්සවයක් .. අවුරුදු උත්සවේ අතරතුර ආතල් වගේම ගෙදර ආපුවාම යන දැවැන්ත මඩ ප්‍රචාරයේ අවධානමත් මේකට එන අයට භාරගන්න වෙනවා .. මොකද මේකේ පැපරාසි කාරයෝ වගේ පොටෝ ගහන උන් ටිකක් ඉන්න නිසා .. :3 



ඉන්න මම මේ පාර තියෙන අයිටම් ටිකක් කියන්නම් .. :D


  • දීවීම (පිරිමි)
  • දිවීම (ගැහැණු)
  • කණාමුට්ටි බිදීම
  • අලියාට අැස තැබීම
  • කඹ අැදීම
  • යෝගට් කැවීම
  • තුන් පා දිවීම
  • අවුරුදු කුමරු
  • අවුරුදු කුමරිය
  • සතය සෙවීම
  • බනිස් කෑම
  • තොප්පි පාස් කිරීම
  • බිත්තර ඇල්ලීම
  • බැලුම් පිපිරවීම
  • DJ සංගිත තරගය
  • ජන ගී ගායනා විකට ඇඳුම් තරගය




ඔන්න ඔය තියෙන්නේ මේ පාර සෙට් කරලා තියෙන තරග ලැයිස්තුව .. :D ඕවට දෙන තෑගි ටිකත් පට්ට මවලස් .. මොබයිල් ෆෝන් , රයිස් කුකර් , ගෑස් කුකර් , බිත්ති ඔරලෝසු , කුල් & හොට් ට්‍රැවලින් වෝටර් බොට්ල් , ටීෂර්ට් , මග්ස් වගේ ගොඩක් දේවල් ඔයාලට අරගෙන යන්න පුළුවන් මේකට ආවොත් .. :)

ආ තව එකක් .. එන හැමෝටම දවල් කෑම එක සහ වතුර දෙන්න සංවිධායක මණ්ඩලය තීරණය කරලා තියෙනෙව .. ඒ හැමදේටම ඇතුල්වීමේදී රුපියල් 200 ක් වගේ පුංචි ගාස්තුවක් ඔයාලගෙන් අය කරනවා . එකත් අරන් එන්න ඇ .. :D අනික් දේ තමයි ඔයාල මේකට එනවනං ( එනවනං නෙවේ අනිවාර්යෙන් වරෙව්) මෙන්න මේ පහල තියෙන ලින්කුවෙන් ගිහින් ඔය Form එක පුරවන්න .. :) එක හරියටම කි දෙනෙක් එනවද කියල දැනගන්න ලොකු හයියක් ..

ලියාපදින්චි වීමේ ෆෝරම් එක

ඔක්කොම වගේ කියන්න ඕනේ ටික කිව්වා .. :D (@කිව්වද බලමින්)

අ තව විස්තර , ඒ කියන්නේ වැඩි විස්තර දැනගන්න සයිබර් ෆෙස්ටිවල් ඔර්ගනයිස් කරන බ්ලොගර්ස් ලගේ මෙව්වා එකේ official බ්ලොගට ගිහින් බලන .. මෙන්න
මෙතනින් ..

 ආ තව එකක් එන උන් අවුරුදු 17 ට අඩු ලස්සන ලද බොලඳ සිනහවකින් මුව කමල ගවසාගෙන ඉන්න නංගිලා එහෙම ඉන්නවනං එක්කන් වරෙව් ඇ .. මන් පරිස්සමට බලාගෙන හවසට යද්දී ආයි ගෙනත් දෙන්නන් .. ^_^ :* ( මන් දන්නවා කිය්ව්වට උබල එක්කන් එන්නේ නෑ කියල .. -_- )

එහෙනං මම සුරුස් .. එදාට සෙට් වෙමු ඇ .. ආ මේ .. එදට මාව දැක්කොත් කතානොකර යන්නත් එපා ඇ .. :D ජය වේවා ..






වැලෙන් ටොයින් කී විට මතක් වෙන්නේ රාගය ප්‍රමුක කරගත් වර්තමාන යුවල් වල් අකාරයෙන් අහුමුලු ගානේ , පදුරු අස්සේ පැදුරු උඩ සෙල්ලම් කරන අකාරය ය . එයට හේතුව එසේ මතක් වන පුද්ගලයාගේ අව මානසිකත්වය නොවේ .. ඒ ඇත්තටම කියනවනම් වර්තමානයේ පෙනෙන්නට තිබෙන පොදු සිද්ධි දාමයයි .. " වැලන්ටයින් " එහෙමත් නැත්නං ආදරවන්තයන්ගේ දිනය සමරන අයගෙන් තුන්කාලක්වත් එහි නියම තේරුම දන්නවාද කියා සැකයක් ඇත .. තවත් අතකින් බලන විට එය ආදරයේ නාමයෙන් වෙළෙන්දන් රජවන දිනයකි .. ඊට හෙතුවනන් ආදරවන්තයින් භෞතිකව ලබා දෙන  ත්‍යාග මගින් ආදරයේ තරම හෙවත් " කොච්චරක් ආදරේද " යන්න මැනීමයි .. එසේ සිතන උන්ට කියන්න තියෙන්නේ " පුලුවන්නම් හොයාගෙන ඔ.හෙන්රි ගේ 'Gift of Magi ' " කියන කෙටිකතාව කියවන ලෙසය .. එහි නියම ආදරය හා භෞතික තෑගි මගින් ආදරය ප්‍රකාශ කිරීම කොතරම් බොලඳ ක්‍රියාවක්ද කියා පැහැදිලි කරයි ..  වැලන්ටයින් දිනය ඇතිවූ හැටි ගැන ගිය වසරේ වැලන්ටයින් එකට චකා පෝස්ටුවක් දැම්මේය ..

වැලන්ටයින් ජයටම සමරන්නේ පාසල් පෙම්වතුන්ය ..උන්ගෙන් මව් වරුන්ගේ දිනය මතකද කියා ඇසුවොත් කට උත්තර නැත .  ඔවුන් වැලන්ටයින් එකට ලැහැත්ති වෙන්නේ මාස ගානක සිටය .. පෙම්වතියට හෝ පෙම්වතාට දෙන්ට තෑග්ගක් හොයමින් ලතැවෙන්නේ සැහෙන කාලෙක සිටය ..  නමුත් ඔය අයගෙන් තෑග්ග දෙන්නේ අතලොස්සකි .. ඒ වැලන්ටයින් එකට කලින් වැඩේ අජපල් කරගන්න නිසාය ..  ඇත්තටම පාසල් කාලයේදිනන් තෑග්ගක් දී ශේප් වෙලා යාම හොදයැයි සිතෙයි .. ඊට හේතුව උනුත් ලොකු උන් කරන දේවල් කරන්න ගියොත් උන්ට ලොකු වෙද්දී කරන්න දේවල් නැතුව යෑමය .. ඉදල හිටලා අනන්තයට යන එකෙක් නැතුවාම නොවේ ..

ඇත්තටම වැලන්ටයින් සමරන ලොකු ලොකු අයියල අක්කල සංවර බාවය ගැනද ටිකක් හිතුවොත් හොදය . ඒ එදාට පොඩි එකෙක්ට පාරේ බැහැල යාමට තරම්වත් හොදනැති දවසක් වන නිසාය ..  පොඩි එක වල වදිනවා සුවර්ය .. එදාට පොඩි උන් අරන් ට්‍රිප් යන්න හිතන් ඉන්නවනම් ඒ සවාරිය වෙන දවසකට දා ගැනීම හොදය .. පෙම් කෙලිය යුතුය .. ඒත් ප්‍රසිද්ද ස්ථාන වල වැල වගේ නොව , රහසින් ය . රහිසින් පෙම් කෙලිනවා කියා සයිබර් කඩ කාමර අස්සේ රින්ගිය යුතු නැත .. එසේ රිංගන උන්ට කියන්න තියෙන්නේ "උබේ අක්ක නංගිත් වැලන්ටයින් සමරනවා " කියාය .. හදවතින්ම ලව් කරන එකෙක් හරි අවස්තාව එනතුරු ඕනි නැති දේවල් පෙම්වතියෙග්න් හෝ පෙම්වතාගෙන් නො ඉල්ලයි .. එසේ ඉල්ලන ආදරයක් සදාකල් පවතින්නේ හෙනටම කලාතුරකිනි .. ඒ නිසාමදෝ කොහේදෝ පෙබරවාරි මාසය කැලෙන්ඩරේ කොටම මාසය වී ඇත්තේය  ..  අන්තිමට දෙන්නටම කෙල වී වැඩේ චකබ්ලාස්ට් වීමට වැලෙන් ටෝයින්ම හේතු වේ ..


කීමට තවත් දෙයක් ඇත .. වැලන්ටයින් යනු තවත් එක දවසක් පමණි .. එදාට අමුතු අමුතු දේවල් දැනීමද තවත් එක දෙයක් පමණි .. වටින්නේ දැනෙන අමුතු දේවල් පාලනය කරගෙන තවත් එක දවසක් ගෙවා දැමීමයි .. එදාට විතරක් වැඩි ආදරයක් නොවිය යුතුය ..  

සිංගල් උන් වෙත කියමි .. උබල වැලන්ටයින් සැමරීමට නොහැකි වීම ගැන දුක් නොවන්න .. නාහෙන් නාඩන්න .. හේතුවනම් මේ ලෝකයේ මව් වරුන්ගේ දිනය සැමරීමට අම්ම කෙනෙක් නැති , පියවරුන්ගේ දිනය සමරන්න පියෙක් නැති අයද ඕනි තරම් සිටින නිසාවෙනි ..

සැබෑ ආදරවන්තයින්ට හැමදාම වැලන්ටයින් ය .
.


---------------------------------------------------------------------------------------------------------

දැන්වීමකි : පෙරවාරි 14 වන දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය පැවෙත්වෙ ..

--------------------------------------------------------------------------------------------------------

ඔබට නොමිලේ උපදෙස් දුන්නු මම ගෙදර සිට මැච් එක බලන බවට දිවුරා පොරොන්දු වෙමි ..

පිකිස් ක්ලාස් එකේ ඕපාදුප කියවන අවස්ථාවේ සැර්ගේ අතින් නිවුටන්ගේ නියමයකට අදාළ සමීකරණයක් කියැවුනි . ඇත්තෙන්ම කියනවනං මට ක්ලාස් එකේ සිටි පැය ගණනටම තේරුනේ එපමණි .. එයින් මා උගත් දේ හා වටහා ගත දේ මෙසේ සටහන් තබමි .. නියමයනම් ආකර්ෂණ ශක්තිය පිලිඹද නියමයි .. " d " දුරකින් වෙන්ව තිබෙන වස්තුන් දෙකක ආකර්ෂණ ශක්තිය නිවුන්ටන්ගේ මෙම නියමයට අදාළ සමීකරණය මගින් සොයා ගත හැක .. සමීකරණය පහත සදහන්ය .. එහි "G" යනු "gravitational constant" හෙවත් අර 10ms-1 කියන එකය .. "m" යනුවෙන් හදුන්ව ඇත්තේ වස්තුන් දෙකේ ස්කන්ධයයි .. "d" යනු වස්තුන් දෙක අතර ඇති දුරයි .. සැර් මේක කිව්වා ගමන් මතක් උනේ හිතේ දෝංකාර දෙන ලව් ඉලව් ඇන්ඩ් බුට් ය .. 
ඇත්තෙන්ම ලව් කපල් එකක් ඇත්වේද්දී ආදරය පලුදු වන බව මෙම නියමය මගින් නිවුටන් ප්‍රකාශ කරන අතරම අර සමීකරණය මගින් එය ඔප්පු කරයි .. ඉන්න මම පහදමි .. 


නියමයට අදාළ සමීකරණය

ආදරයෙන් ඇත්විම වනාහි වස්තුන් දෙක අතර දුර විශාල වීමයි . ඒ කියන්නේ සමිකරණයේ "d^2" වැඩි අගයක් ගනී .. එකෙන් බෙදෙන නිසා ආකර්ෂණ බලය අඩු අගයක් ගනී .. දෙදෙනා ලංව සිටීමෙන් "d" අගය අඩුවන අතර බෙදෙන්නේ අඩු ගානකින් නිසා ආකර්ෂණ බලයේ අගය වැඩි වේ .. 


තවද මෙම නියමයට අනුව දෙදෙනාගේ බර මතද ලව් අගය හෙවත් ආක්ස්ර්ශන බලය වැඩි වේ .. එම නිසා ගොඩක් මහතා දෙදෙනෙක් හම්බු වූ විට ඔවුන් ඉක්මනින් පැටලීම විද්‍යාත්මකවද ඔප්පු වේ .. (එයට තවත් සාදකයක් බලපායි .. එනම් මහත කෙල්ලන් කොල්ලෝ නැතිව වේලිමයි .. ) එම නිසා මහත කෙල්ලන් ටෝක් කිරීම ලෙහිසිය .. නමුත් ගොඩක් කෙට්ටු කෙල්ලන් සෙට් කරගනිම අමාරුය .. අන්න එතැනදී ඉහත නියමය සමග එකග විමට නොහැකිය .. ඊට හෙතුවනන් ලෑලි කැලිද කොල්ලෝ නැතිව වේලෙන නිසාවෙනි ..


මට මේ පිළිඹදව තව තව ගැඹුරු දේ හිතුනත් ඒ දේවල් මාද්‍ය සධාචාරයට පටහැනි විය හැකි නිසා ඒවා ගැන මුකුත් නොකියමි .. මගේ අතින් යම්කිසි වැරද්දක් වී ඇතිනම් එය නිවැරදි කරන මෙන්ද ඉල්ලමි .. ඔබටත් මෙම නිවුටන්ගේ අරුම පුදුම නියමය පිලිඹද හිතෙන තවත් අරුම පුදුම දේ තිබේනම් කොමෙන්ට් කරන මෙන්ද ඉල්ලා සිටිමි

කෙසේවෙතත් මෙතෙක් කිසිම පුද්ගලයෙකුට අරුත් පැහැදිලි කරගත නොහැකි ආදරය පිළිඹදව මෙසේ හෝ යම් අදහසක් ලබා ගැනීමට අපට සහය වූ සර් අයිසැක් නිවුටන්ටද මාගේ උත්තම ආචාරය .. 

හම්මේ ඉතීම් .. සාමය සතුට පිර්ච්ච සුබම සුබ නත්තලක් වේවා හැමෝමටම ... කොමද කස්ටියට .. මාවනම් දැන් මතකද දන්නෙත් නැ .. :D .. හෑ .. මම අපොස සාපෙ ලිව්වනේ බන් .. එකයි ආවේ නැත්තේ බ්ලොග් එක ලියන්න .. දැන් ඔන්න ඒ හුට්ටප්පර ඔක්කොම ඉවර වෙලා චකබ්ලාස්ට් ආයිත් සයිබරයට සැපත් වුන වගයි අ ..

හිටහල්ලකෝ ඔක්කොටම කලින් සාපෙ ගැන කියන්න .. :D මටනම් ඉතින් සාපෙ කියල ගානක්වත් තිබ්බේ නැ .. ඒ උනාට ඒ හැටි අමාරුවක් තිබ්බෙත් නැ පේපර් වල .. (හැබැයි විද්‍යාව පේපරේ හදපු එකාගේ ගෙවල් හෙව්වා ඒ දවස් වල ) .. කට්ටිය කිව්ව තරන්නම් යකා කළු නැ බන් .. ඊසි .. :P ඔය පල්ලෙහා තියෙන්නේ ඒ කුප්ප පේපරේ පුටෝවක් .. :3 (ඔන්න මමනම් පෝන් එක ගෙනිච්චේ ලෑ ... ^_^ )






ඉතින් ඉතින් .. දැන් ඉතින් මොන මගුල උනත් වෙලා ඉවර නිසා පේපරේ බලන එකාට මන් ගැන අනුකම්පා හිතේව කියල උදේ හවහ ප්‍රාර්ථනා කොරන එක තමා මේ දවස් වල කරන්නේ .. :P සාපෙ ඉවර උන දවසේ ඉදන් ඉතින් ජෝගි නටපු එක තමා කොලේ .. :D (අපේ අම්ම කිවා ඕලෙවල් ඉවර වෙලා රටවටේ රවුන් ගහපු කොල්ලෙක් ගෙවල් වලට හොරෙන් නාන්න ගිහින් ගිලිලා මලා කියල .. ) 

මන් රවුන් ගහන්න පටං ගත්තේ අර TweetupSL එකෙන් .. :D මායි අපේ අයියයි තව අක්කල දෙන්නෙකුයි තවත් කොහෙන්ද මන්ද අහුලා ගත්ත උන් දෙතුන් දෙනෙකුයි එක්ක එදා යකා නැටුවා .. ඊට පස්සේ එක එකාගේ ගෙවල් වල යන්න පටන් ගත්ත ... 



පිස්සු කෙලින්න සහභාගී වූ පිස්සෝ සෙට් එක .. 
ආයිත් මතක හිටින මාවලස් අයිටම් එකකට තිබ්බේ අපේ ඕලෙවල් ගණන්  ක්ලාස් එකේ පාර්ටි එක .. එදානම් සැර ආතල් එකක් ගත්තේ .. :D .. ආ ඒකෙත් පොටෝ වගයක් තියෙනෙවා .. බලාපල්ලකෝ .. :D







ඔය ඉන්නේ මචං අපේ ගණන් ක්ලාස් එකේ කියුට් ලව්ලි ලලනාවෝ ටික .. :D මැද ඉන්නේ දාහකින් හොයාගන්න බැරි අපේ මැත්ස් සර් .. -_- ( Everybody Hat Off and RESPECT Him ) .. 






ඔය ඉන්නේ කොල්ලෝ ටික .. :) .. හිකි හිකි .. ඔන්න ඔච්චරයි ක්ලාස් එකේ සින් .. :)

 හරි ඕපාදුප ඉවරයි .. :v . පොඩි පොස්ට් එකක් .. එහෙනම් මන් ගියෝ .. පරිස්සමින් ආදරෙන් සතුටින් හිටහල්ල .. :)

 ආදරෙයි හැමෝටම .. උම්ම්ම්ම්ම්ම ... :*







හා .. කොහොමද සහෝදර බ්ලොග්  පාටකයෙනි .. :) .. හුග කාලෙකින් නේද ..  මට ලියන්න පොස්ට් දෙක තුනක්ම මග හැරුන ම්ච්නලා .. ගොඩක් විශේෂ දේවල් .. දැන් ඒ දේවල් වල කාලින බව දුරස් වෙලා නිසා ආයි නොලිය ඉන්නයි හිත කියන්නේ .. ගොඩක් කට්ටිය ඇහුව මොක  හිටපු ගමන් උනේ මල්ලි කියල .. මම දැන් මේ ලියන්න හදන්නේ එව්වා ගැන නෙවේ .. 




මම සයිබරයෙන් සමුගන්නයි හදන්නේ .. :)  .. හිනා උනාට අවුල මචං ..  මම එකවුන්ට් අයින් කරන්නේ නැහැ .. ආයි  මේ බ්ලොග් එකත් කාලෙකට ලියවෙන එකක් නැහැ .. :) .. හෝව් හෝව් .. ඉන්න්ටකෝ හේතුව කියනකම් .. ඔය මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ තියෙනෙව නේද .. ඕක මහා එපාකරපු මාසයක් .. මට මේ පාර ඔය මාසෙදි සාපයක් සෙට් වෙනවා .. ඔව් අනී .. අපොස සා/පෙළ මෙව්වා එක .. :/ .. මක් කරන්නද නේද .. :) .. මම ඉතින් නමෝ විත්තියෙන් කොම්පුඋටරේ එහෙම කඩල බුකියෙන් එහෙම අයින් වෙන්නයි හදන්නේ .. :)  හිකිස් .. ඉහි ඉහි .. ඔව් බන් .. වෙනස් වෙලා බලමු මේ අමාරු වැඩේ ගොඩ දාගන්න මචං ...  හැමෝම කියනවා .. :) .. මේක ලිව්වේ Just එක ගැන කියන්න .. එහෙනම් මම ගිහින් එන්නම් .. ආයිත් එක්සැම් ඉවර වෙච්ච දවසට එන්නම් ඔහෙලා ඔක්කොම හම්බු වෙන්න .. එතකන් අනේ මාව අමතක කරන්න එපා .. :D .. ..  මම ආයිත් මේකට , බුකියට එන දවසට චකබ්ලාස්ට් කියල එකෙක් හිටිය කියල උබලට මතක තිබ්බොත් ඒ ඇති  මට .. :) ..   එහෙනම් මට හොදට පාඩම් කරලා එක්සැම් ගොඩ දාගන්න ඇහැක් වෙන්න කියල ඔයාලත් එක සිතින් ප්‍රාර්ථනා කරන්න ..  ගිහින් එන්නම් .. දුකයි .. ආදරෙයි අහස තරම් ...  ..  :(  



මුකුත් නොදන්නා පොඩි එකෙක් වගේ ( වගේ නෙවෙයි ..පොඩි එකෙක් තමා .. ) ඉස්කෝලෙට ආපු පලවෙනි දවසේ ඉදන් බල බලා හිටපු දෙයක් ..  ...සත්‍ය අත්දැකීමක් ... මේක උනේ මීට මාස තුන හතරකට කලින් ... X Ban කිව්වම ගම්පහ අවට අයනම් දන්නවත් ඇති ..ඔව් ..එක තමා ... ගම්පහ බන්ඩාරනායකේ අවුරුදු පහකට සැරයක් තියන ප්‍රදර්ශනය ... අපිටත් මේ පාර මේකට සහබාගි වෙන්න හම්බ උනා ..බලන්න නෙවෙයි .. දෙයක් හදන්න ... අපි කිව්වේ .. අපි ඔක්කොම දහ දෙනෙක් .. ඒ දවස් වලනම් දහ දෙනෙක් කියල දැනුනේ නැහැ .. දැනටත් එහෙම තමා ... කියන්න යන්නේ හදපු දේ ගැන නෙවෙයි ... වෙච්ච දේවල් ගැන ...

මතකයි මුලින්ම ලොකු රැස්වීමක් තිබ්බ .පිට්ටනියේ .... ඉස්කෝලේ ... මුළු  ඉස්කෝලෙම වගේ හිටිය ... අපි දහදෙනත් හිටිය ... මුලින් හිටියේ හයයි .. පස්සේ හතරක් සෙට් උනා .. රැස්වීමේ කිව්වේ හැමෝම මොකක් හරි හදන්න ඕනි කියල .. ප්‍රදර්ශනේට ...

 අපේ  පන්තියේ  දිනක දක්ෂයන් බිහිවන පසු පස පෝලිමේ හිටපු අපිට දැන් හදන්නේ මුකක්ද කියල හෙන ප්‍රශ්නයක් ... සමහරු විවිඩ දාර්ශනික මත පල කරපු අවස්ථාවද එමටයි .. ඒ අතර මමත් ලොකු ලොකු එව්වා සීන් එකට එන්ටර් කළා .. මුලින්ම කරලියට ආවේ රොබෝ කෙනෙක් ..ඒකට ඔක්කොම හරි .. අපි එකට අනුග්‍රහකයොත් හොයා ගත්ත .. ඒ උනාට අපි ගාව ප්‍රොග්රමේ කනෙක් හිට්යේ නැති නිසා වැඩේ ඇත අරිය .. සැලුනේ ලෑ සහෝදරයා ... තව ගොඩක් දේවල් තිබ්බ .. අපෙ හිටපු හොදම දාර්ශනිකය කිව්වේ එක්ටැම් ගෙයක් ගහමු කියල ... අන්තිමට ඒකත් අත් ඇරිය .. එකටනම් හේතුවක් දැනුනේ නැහැ .. හැබැයි පස්සේ එක වෙන කට්ටියක් කළා ..අපෙන් අදහස අරගෙන නෙවෙයිලු ඇ .. ( දන්නෝ දනිති ) ...
දැන් කට්ටිය අඩනවා ... හැදුවේ නැත්නම් මිස්ල චාටර් කරනවා ...පන්තියේ වැඩ කාරයෝ කොල්ලෝ නෙවෙයි කියල .. ඔය බයිට් එක මුලින්ම ඇල්ලුවේ අපේ විද්‍යාව මිස් ... ඒවා ගැන කතා කරලා වැඩක් නැහැ .. අන්තිමට අපිට දෙයක් හම්බු උනා .. එකනම් මේ මගේ අදහසක් තමා .. ඔව් ..ඒ උනාට මම තනියම කරපු දෙයක් නෙවෙයි .. මම එකෙන් භාගයක්වත් කලේ නැහැ .. මම කට්ටියට කිව්වා මෙලෝ යකෙක් මෙලෝ ආත්මෙකට කරන්න හිතන්නෙවත් නැති එකක් .. දන්නවාද ..මම අපේ එවුන්ට කිව්වා කාලය හරහා යන්න කාල යන්ත්‍රයක් හදමු කියල .. අපේ එවුන්ට හෙනම චූන් .. බඩ අල්ලාගෙන හිනා වෙනවා ..

 " අඩෝ උබට මාන්දමද බන් ... "

 "උබ මොනවද බිව්වේ .. අපිට ගෙනාවේ නැහැ නේ .. සමනලයා ..."

 " ඇ .. කාල යන්ත්‍රයක් කිව්වේ මොකක්ද බන් ".. ( අපේ හිටපු විද්වතෙක්ගේ අදහසක් )

 "අනේ පව් පොඩි එකා ... "

ඕන ඔහොමයි මගේ අදහසට රිප්ලයි ආවේ .. :3 .. මට වහ කන්න හිතුන ... මම වැඩේ අත්හැරිය .. පස්සේ ආයි  මම අපේ එවුන්ට පොර වගේ මේක ගැන දුන්න ටෝක්ස් වලට අපේ එවුන් වැඩේට බැහැ බැහැ කියල කැමති උනා ...

"එහෙනම් පටන් ගන්න තැනක් කියකෝ .. "

මම කලිනුත් කිව්වේ .. අපි සෙට් එක පන්තියේ හොදම ලමයි ටික කියල .. අන්න ඒ නිසාම ගොඩක් ටීචර්ලා .. අපි පන්තියෙන් එහෙම මේ වැඩ වලට යනවට ගොඩක් අකමැති උනා ..:P ..
...හ්ම්ම්  .. ඒ උනාට අපි වැඩේ කරන්න හිතා ගත්ත ..
අපි ඔන්න ෆෝම් එකක් එහෙම අරගෙන පිරෙව්වා .. අපි 6 දෙනෙක්ගේ නම් තමා මුලින් දැම්මේ ... පස්සේ කට්ටිය මදි වෙයි කියල හිතිලා ( ස්ටෙලා මිස් තමා අපිට කිව්වේ ගොඩක් කට්ටිය දාගන්න .. පස්සේ මදි වෙයි කියල ) අපි සෙට් එක 10 දෙනා දක්වා වැඩි කොලා .. අපේ ෆෝම් එකට අත්සන් කරගන්න කියල අපි විද්‍යාව මිස් ගාවට ගිය වෙලාව ගැන මම කියන්න කැමති ලෑ ... අපි වැඩේ පටන් ගත්තේ පරක්කු වෙලා නිසා අපේ ෆෝම් එක බාරගන්න බැහැ කිව්වා .. පස්සේ ස්ටෙලා මිස්ට කීල ශේප් එකක් දාගත්ත .. :D
අපිට තැනක් හොයා ගන්නත් මාර දුකක් විදින්න උනා .. කොහොම හරි ඔක්කොම අන්තිමේ ගොඩ ..

ඔන්න දැන්  එකා එකා ප්‍රදර්ශනේ වැඩ වලට කියල ඉස්කෝලෙන් එලියට යන්න පටන් ගත්ත .. ( අනිත් කොල්ලෝ ) ...කවදත් සීතලට බර අපේ සෙට් එකට අනිත් එවුන් එලියට යනවා බලන් ඉන්න බැරි උනා .. රොහාන් සර්ගෙන් ( ස්ටෙලා මිස්ගේ හස්බන්ඩ්)ලියමකුත් ලියාගෙන අත්සනත් ගහගෙන අපිත් ඉස්කෝලෙන් එලියට යන්න ( පනින්න) අවසර ගත්ත ... ඇ ..

අපිට ඉතින් හෙන සන්තොසයිලු දැන් .. රජ මගුල් .. :v .. ඔන්න දැන් අපේ එවුන් ගම්පහ රවුන් ගහන්න ගත්ත .. දවස් දෙකක් විතර නිකන්ම ගම්පහ ඇවිද ඇවිද ඉදල ඔන්න තුන්වෙනි දවසේ විතර අපිට මතක්වුනා X Ban එකට අපි මොකක්ද හදන්න ඉන්නවා නේද කීල .. ( ඔව් ඒ වෙද්දී නමත් අමතකයි ) .  ආ කාල යන්ත්‍රේ ඇ .. ^_^ ..  ඔන්න ඉතින් එහෙනම් දැන් තුන්වෙනි දවසේ විතර ඉදන් අපි වැඩේට බැස්ස ..

අපි ඕනි බඩු එහෙම හොයාගෙන වැඩේ පටන් ගත්ත .. බඩු හූයාගත්ත උනාට අපි හිතුව තරම් මේක සිගිති වැඩක් වුනේ ලෑ .. :/ .. අපි පටන් ගත්තේ ආතල් එකට උනාට පස්සේ වැඩේ සීරියස් උනා .. ඔව් .. :3 ..  අපි රේසර්ගත්ත මැසිම කරකවන්න .. යකඩ පොලු ඒ රේසර් වලට බැස්සුවා .. සමහර ඒවා බස්සන්න බැහැ .. පොල්ල ලොකු .නිසා . ඒ නිසා අපි රේසර් එකේ සිදුරු ලොකු කරලා වැඩේ කොරාගත්ත . ඔව් අපි වැඩකාරයෝ .. ^_^ .. අනේ අපරාදේ කියන්ට බැහැ අර ලේත් වැඩපලේ අන්කල් අපිට හෙන ආසාවෙන් හැලුප් කරා ...    සමහර බාස්ල අපෙන් සාල්ලි ගත්තෙත් ලෑ .. ඔවුන්ට පින් ඇ ..

අපි ඔන්න දැන් මැසින් එක හදන්න ඕනි Main පාට්ස් ඉස්කෝලෙට ගෙනල්ල අපිට දුන්න පන්තියෙන් එහෙම තිබ්බ .. හෑ .. දැන් මේක පාස්සන්න එපෑ . අපිට පාස්සන්න බැහැනෙ .. O.o .. ඔව් . අපි පාස්සන්න එක්කෙනෙක් එක්කන් ඇවිත් වැඩේ කොරාගන්න ට්‍රයි කළා .. අපේ එකෙක්ගේම අදුරන අයියෙක් .. අර අංජන  කියන එකාගේ . . අපි ට්‍රයි කරාට වැඩේ මැන්ට කරගන්න අමාරුවෙඋනා .. හේතුව අපේ මැසිමේ ප්ලැන් එක අප්සට් එකක් නිසා ..හැබැයි පාස්සන්න ආපු අයියනම් ඉස්පිරිතාලේ ගියා පෑස්සුම් කුර ඇහේ වැදිලා ..  අපි ඊට පස්සේ ප්ලෑන් එක ටිකක් කස්ටමයිස් කොරල වෙන එක්කෙනෙක්ට කීල කරාගත්ත ..

මම පොඩ්ඩක් කියන්නද  අපේ මැසිම හදන්න හිතන් හිටිය විදිය ගැන ( අන්තිමට හැදුනු විදිය )




ඔකේ ඔය තියෙන දොරෙන් මැෂින් එක ඇතුලට යන්න පුළුවන් .. ඔය දුබුරු පාටින් පාට කරලා තියෙන කොටසින් තමයි මසින් එක  බිත්තියට සෙට් වෙන්නේ ..  ස්ටේජ් එක යට සහ අර දුබුරු පාට එක ලග මසින් එකට ස\රේසර් සෙට් කරලා තියෙනෙව කැරකෙන්න... ඔව් මිනුස්සු ඇතුලේ ඉද්දියි කැරකෙන්නේ ..  එක පාරට පස් දෙනෙක් දම්මහැකි .. මැද තියෙන්නේ ඒ රේසර් දෙක එකට සෙට් වෙන පොල්ල විතරයි .. ඒ පොල්ලෙන් අපි ගත්ත ආතල් කියල නිම කරන්න බැහැ .. කෙල්ලෝ කීදෙන්ක්ගේ කොන්ඩ පැටලුනාද ඔකේ .. ^_^ .. අපි ඉතින් ලෙහුවා ,, :v .. ;)

හිකිස් . ඔන්න ඕකයි ප්ලෑන් එක ..  දැන් කොහොම කොහොම හරි අපි ඕක අටෝ ගත්ත .. :v ..

සැ:යු:  පාසල ඉදිරිපිට තිබු කෙත්සිසිල කඩේ වැහුවේ අපි ඒ කඩේට ගොඩක් බිස්නස් සෙට් කරපු නිසා බව ඉතා අභිමානයෙන් පරකාස කරන්නමු .. :3

Behind The Scene 01 :

 ඔය උඩ නැගගෙන ඉන්නේ අර අංජන කියන එකා .. දම් පාට එකෙක් ඉන්නවා නේද .. ඌ තමයි රවිතාල් කියන්නේ .. 

ඔය රවිතාල් කියන එකා වැඩේ වෙන අතරතුර වැල්ඩින් ප්ලාන්ට් එකේ තිබ්බ ඇසිඩ් හලලා මගුලක් කොරා .. 




----------------------------------------------------------------------------------------------------------



මේ ඉන්නේ අර මනකල් කියන .එකා . .. මූ හෙන පෙරේතයා .. කන්නමයි හොයන්නේ .. ටිකක් ලෝබය .. ඒ උනාට හොද එකා .. මොනවා උනත් සෙට් එකෙන් පන්තියේ රෑන්ක් එකක් ගහන ඩයල් එකක් ඇ .. ජය වේවා මචං .. 







_______________________________________________________________________________

මු හෙන දාර්ශනික ඩයල් එකක් .. නම කවිඳු .. ටිකක් පුංචි පහේ අගක් තිබ්බට හෙන කට මුගේ .. අවංක ගණන් කාරයෙක් ..






_______________________________________________________________________________

ආයිත් වැඩේට ඇ ..

 හෑ .. මම මැසිම ගැන කිව්වට මේකෙන් අනාගතේට යන්නේ කොහොමද කියල කිව්වේ නැහැනේ .. ඔව් දැන් තමයි එක කියන්නේ .. ඉන්නකෝ ඊට කලින් මසින් එක පන්තියේ ස්ථානගත  කිරීම ... :D


ඔය අංක එක ගහල තියෙන තැනින් තමා මැසිමට ඇතුල් වෙන්නේ .. දෙක ගහල තියෙන තැනින් තමා මැසිමෙන් එලියට එන්නේ .. ඇතුලට යන තනි එලියට එන තැනය එකිනෙකට පෙන්නේ නැති විදියට අටෝල තිබ්බ .. :D .. දෙකෙන් මැසිමෙන් එලියට ගියාට ඇතුල් වෙන්නේ අනාගතේට .. :D :v .. ඔව් .. ඔය හිස් ප්‍රදේශයේ අපි අනාගතේ හදල තිබ්බ .. කට්ටිය ඉතින් රස කර කර අනාගතේ බැලුව .. :3 .. අංක තුන ගහල තියෙන තැනින් අනාගතෙන් ආයිත් වර්තමානෙට ආවහැකියි ඇ .. :P ..


Behind The Scene 02 :



අපේ එකෙක් තීන්ත නාගෙන ඉන්න අවස්තාවක් .. සයිබර් ෂොට් කැම් එකක් නැතිවෙලේ .. :P .. ඉන්නෙනම් අර ඔමේෂ කියල එකෙක් ..  ඌ  ගැනත් කියන්නම් .. මොනවා උනත් හෙන හොද කිසිම ලැජ්ජාවක් නැතිව අතේ පැලවෙන බොරුකීමට උපං  හපන් අයෙක් .. :D .. මොනවා උනත් එල කොල්ලෙක් ..



___________________________________________________________________________




මේ තියෙන්නේ කට්ටිය මැසිමට නග්ගන තැන පොටෝ එකක් .. ඔය එක්සිබිශාන එකට කලින් දවසේ .. 





_________________________________________________________________________

මේ තියෙන්නේ අපි අනාගතේට හදපු එකක් .. අනිත් ඒවගේ පොටෝ නැහැ හොද ..



මේක ගැන කියන්නද .. මේක ඇත්තටම කියනවනම් පරීක්ෂණ මට්ටමේ තියෙන පාවෙන නගරෙක ආකෘතියක් .. අනාගතෙයේ ඇති වන ඉඩකඩ ගැටලුවට විසදුමක් තමයි මේක .. අපි මේක පා කරේ කොහොමද කීල අහන්නම් ..එපා  .. එව්වා ටොප් සීක්‍රට් .. ^_^




___________________________________________________________________________

අපි හදපු තව දේවල් ගැන කියන්නම් .. අපි හැදුව නැනෝ තාක්ෂනය උපයෝගී කරගෙන ටැබ්ලට් PC එකක් සහ පොන් එකක් .. ඒවා හැදුවේ නැනෝ වලින් කීවට අපි හැදුවේ වීදුරු වලින් .. :D .. ටැබ්ලට් එක මම ගෙදර ගෙනාව .. පොන් එක කවුරු ගෙනිච්චද කීල දන්නේ ලෑ .. :/ .. ආ ... මේ තියෙන්නේ එකේ Photo එකක් .. :v .. 

___________________________________________________________________________

ඔන්න ඔහොම ඉතින් අපි ඔක්කොම වැඩ ටික කරාගත්ත .. හුටස් පටස් .. දැන් ඔන්න එක්ෂිබිෂන් ඩේ එකත් ආවලු ඇ .. සිස් .. පලවෙනි දාස ඉතින් අපි වෙලුනාලු ඇ .. :/ .. අපි පුල් අප්සට් . ආ අපි තව ඇතුලේ පොඩි ප්‍රොජෙක්ටර් කට්ටක් සැට් කොරල වැඩක් දුන්නලු ඇ .. :D ..  ඒ උනාට ඉතින් කට්ටිය ලෑ අපේ එක බලන්න .. 

අපි හිතුව වැඩේ අපරාදේ බල්ලට ගියානේ කීල .. හනේ හම්මේ .. දෙවෙනි දවසේ ඉදන්නේ අපි මාකට් වුනේ ..  දන්නවද සමහර ආපු අය අන්තිමට අපෙන්ම අහනවා මල්ලි අර පෝස්ටර් ගහල තිබ්බ කාල යන්ත්‍රේ කොහෙද කියල ... ඔව් අපි පෝස්ටර් ගැහුවා .. :D .. ඔව් .. බල්ලොත් පස්සෙන් ආව .. ඒවානම් කතාකරලා වැඩක් ලෑ .. 


 වැඩේ මගක් යද්දී මේකේ ඉගෙන ගන්න දෙයක් නැහැ කීල ආපු එවුන්ට වගේම අපිටත් මීටර් .. හැබැයි මේක තරම් ආතල් සීන් එකක් ඉස්කෝලේ හය එකොළහ සෙට් එකේ තිබ්බේ නැහැ .. එක නිසා කට්ටිය ආවේ වැල කඩාගන්නේ නැතිව .. ^_^ .. 

ඇත්තටම විසේසෙන්ම කීනවානම් අපේ සහෝදර බාලිකා පාසල් දෙක තුනෙන් අපිට ලොකු බැකප් එකක් තිබ්බ .. :3 .. ගොඩක් අය කැරකිලා කැරකිල්ල හැදිලා එහෙමත් හිටිය .. ඔව් .. එක්කෙනෙක්ට වමනෙත් යන්න ගියා .. 

ප්‍රතිඵල : 

  • කෙල්ලෝ මැසිමෙන් වැටී බඩ ගෑම . 
  • කෙල්ලොන්ගේ කොන්ඩ බුල් රැසක් අප සතුව එකතුවීම .. 
  • කෙල්ලෝ කොන්ඩ පටලෝ ගැනීම .. ( අපි ඒවා ලෙහීම ) 
  • කොල්ලෝ බැන බැන යාම . 
  • එන එවුන්ට වඩා අපි ආතල් එකක් ගැනීම .. 
ඔව් .. කොල්ලෝ අපි හැලුවා .. :3 ..  කෙල්ලෝ ගැන හරියටම දන ගත්තේ මේකෙන් ඇ .. :P .. ඒවා කීනන ඕනි ලෑ .. දන්නෝ දනිති .. හනේ හම්මේ එහෙම ආතල් එකක් .. 

ආ . මෙන්න මෙහෙමයි මැසිමට නගින්න කලින් මම ආපු අයට දුන්න ටෝක් එක .. ( අක්කේ කීල කතේ කලේ ඇ .. )

මෙහෙමයි අක්කේ මේක කාල යන්ත්‍රයක් .. ඒ කියන්නේ මේක ඔයාලට අනාගතේ ට යන්න පුළුවන් විදියට අපේම අය හදපු මැෂින් එකක් .. අපි දැන් තව ටිකකින් ඔයාලව මැෂින් එකට දාල අනාගතේට යවනවා .. එතකොට ඔයාලට බලාගන්න පුළුවනි අනාගතේ මොනවගේද , මොනවද තියෙන්නේ කියල ..
ඔයාලගේ කවුරු හරි ඉන්නවනම් හාට් ඇටක් බ්ලඩ් ප්‍රෙෂර් එහම තියෙන අය නගින්න එපා මසින් එකට කරකෙද්දී අමාරු වෙයි ...  ඇතුලට ගියාම ඔය මද පොල්ල අල්ලන්න එපා එකේ පොඩි කරන්ට් එක එනවා කරන්ට් වැඩියි .. ඕගොල්ලෝ කොන්ඩේ ඉස්සරහට කරගන්න පැටලෙයි .. හදිස්සියක් උන්ටෝහැ නවත්වන්න ඕනි උනොත් කැරකෙන එක , හයියෙන් හූ කියන්න .. එතකොට පඅපි නවත්වන්නම් .. :D :D :D :D~!@#$%^&*()_+| .. ( කට්ටිය හොල්මන් , මට හිනා යනවා .. :P ) .. 

හනේ නම්මේ කියපු පච .. ඒවගේ Records නැති එකනම් හෙනම අපරාදේ .. හම්මියෝ ..


අපි ගත්ත ගොන් ආතල් වල සමරු සටහන් ... 


අපි  කඩු පයිට් .. ^_^
 අපේ එකෙක් පොඩි එකෙක්ට මරණ තර්ජන එල්ල කරන මොහොතක් .. :D 


_____________________________________________________________________________

ආ අපිට තව හොද හොද කොමෙන්ට් තිබ්බ කොමෙන්ට් ලියන්පොතේන තිබ්බ පොතේ .. ඔව් .. සමහර සමහර කෙල්ලෝ නොම්බරත් ලියල ගිහින් තිබ්බ .. අපි පොඩි නිසා ඒවා තේරුනේ නැහැ මොකටද ලියල තිබ්බේ කීල .. :v .. :D

තව ඕක ගැන කියන්න දේවල් ගොඩයි .. ආ ඉන්නකෝ .. මම අපේ සෙට් එකේ එවුන් ටික හරියටම කියන්න ..



ආ .. අපි අන්තිම දවසේ අනිත් ප්‍රදර්ශන කුටිවල අයත් එක්ක පොඩි මෙව්වා එකක් ගත්ත .. ( රෙදි ගලවීමකි .. )
මේ අර අර අක්කනේ .. 
මේ මද ඉන්න එකා අපේ සෙට් එකේ නෙවෙයි .. එහා පන්තියේ එක්ෂිබිට් එකේ හිටපු ලොකු එකෙක් . අපි එක්ක බර ෆිට් උනා ..


ඔන්න වැඩකාරයෝ ටික ... වෙච්ච දේවල් ඔක්කොම කියන්න ගියොත් මට එකට වෙනම බ්ලොග් එකක් ලියන්ට .වේවි . ..  මට හැගුනු විදියට අපේ ආතල් ඔක්කොම ලීව .. ආ .. වැරදුනා .  භාගයක්වත් ලීවේ නැහැ .. භාගයක් ලියන්න බහ .. ;) :P . .

වැඩේ ඉවර වෙද්දී පට්ට අප්සට් ඇ .. ආයිත් මේ වගේ ජොලියක් කවදා සෙට් වෙයිද .. ආයිත් X Ban එකක් එද්දී අපි ඉස්කෝලේ නැහැ .. කමක් නැහැ .. අපි එන්නම් එදාට ආයිමත් .. සෙට් වෙමු ඔක්කොම .. 

ඉස්කෝලේ සුන්දර මතක කවදාවත් අමතක කරන්න පුළුවන් වෙයි කීල මම හිතන්නේ නැහැ .. 


තව පොස්ටුවකින් සෙට් වෙමු .. ටටා .. 


සැහෙන කාලෙකින් බ්ලොග් පැත්තේ ආවේ ...  අම්මේ .. මට බ්ලොග් එකක් තිබුන කියල මතක් වුනෙත් අද උදේ .. :P  .. හිකි හිකි ..  මේ දවස් වල ඉතින් හෙන වැඩනේ අපිට .. විභාගෙත් ලගයි .. O/l කෙසේවෙතත් වාර විභාගේ වත් ගොඩ දාගන්න එපෑ .. :D   .. නැත්නම් ගෙදර වාසල හමාරයි .. ඉස්කෝලෙත් සති එකහමාරක්  විතර වහල තිබ්බ නිසා ගොඩක් මිස්වුන දේවල් තියේ .. :)  ..

අද ආවේ එක ගැන කියන්ට නෙවේ .. මට ජීවිතේ වැරදුන තැනක් ගැන කියන්න .. මම කෙනෙක්ව හැක් කළා .. එයා තමයි කියන්නේ මම එයාව හැක් කළා කියල .. ඒ උනාට ඇත්තටම වුන දේ දන්නේ මමනේ .. :P  .. මේකනේ වුනේ .. මගේ එල ෆිට් එකක් ඉන්නවා අම්පාර ලයින් එකේ .. මගෙත් එක්ක ෆිට් වුනේ බුකින්මයි ..  අපි දෙන්න හෙන ෆිට් එකේ හිටියා .. මගෙත් බොක්ක උගෙත් බොක්ක .. මම Fake වුනාට ඌ රියල් .. මූ දවසක් මට කීව එක ඩයල් එකක් ඌත වද දෙනවා කියල .. මම නිකන් ආතල් එකට වගේ උගේන් තව විස්තර ඇහුවා . ඌ කිව්වා අර වද දෙන ඩයල් එක ඌව හැක් කොරනවා කිව්වා කියල .. :P  .. 

මම ශේප් එකේ ඉතින් අරුගෙන් වදකාරයාගේ එකවුන්ට් එකේ ලින්ක් එක ඉල්ලා ගත්ත .. මම ඉතින් ඌ දුන්න ලින්ක් එකට ගිහින් ඒ එවකුන්ට් එකේ Username එක කොපි කරලා වෙන බ්‍රව්සර් එකක් Open කරාගෙන ෆේස්බුක් එකට ගිහින් ලොග් වෙන තැන Username එක ගහල Forget My Password දුන්න .. :P  .. :v  .. 

හප්පට සිලි .. මේක security වලට දාල තියෙන්නේ ප්‍රශ්න අහන සීන් කොන් එක .. ඇහුවේ උගේ පලව්නිම ගුරුවරයාගේ නම .. හෑ .. මම කොහොමද එක දන්නේ . මම ඒ උනාට නිකන් ආතල් එකට වගේ උගේ පලවෙනි නම ම ගහල බැලුව .. :D  .. අප්පට සිරි නොසිතු විරූ ලෙස උත්තරේ හරි කියල වැටුනා .. මම Password රිකවරි කොලා මගේ Email එකට .. (රියල් එකට ) ...  ඊට පස්සේ මම එකවුන්ට් එකට අලුත් පාස්වර්ඩ් ගහල ලොග් වෙන්ට හැදුවම බුකියෙන් කිව්වා එකවුන්ට් එක පැය 24 කට බ්ලොක් .. දවසකින් ඇවිත් ලොග් වෙන්න කීල .. :) ..  ඔන්න ඕකට තමයි අර වදකාරය හැක් කළා .කිව්වේ . :3

මම විස්තරේ මගේ යාලුවට කිව්වම ඌටත් හෙන හැපී .. :D  .. මම කිව්වා පැය විසිහතරෙන් පස්ස්වාර්ඩ් කියන්නම් කියල . 

පස්සේ ටිකකින් මූ කියනවා " අඩෝ වැඩේ මාට්ටු .. අරු නඩු දානවා කිව්වා කියල .. "  ..  මට දෙලෝ රත්වුනා ..   කොහෙන් කොහෙන් හරි අරුට මගේ රියල් Email එකත් හම්බුවෙලා ඌ මගේ රියල් ෆේස්බුක් එකවුන්ට් එකත් හොයාගෙන .. :P  .. ඌ මට කිව්වා පොලිසි යනවා කියල .. ෆේස්බුක් රියල් එකට මැසේජ් එකක් දාල .. ඌ මේ ගම්පහ පැත්තේම ඩයල් එකක් .. මම ඌව කොහොම හරි ශේප් කොරගත්ත .. දැන් මෑන් අවුලක් ලෑ .. මට තදින් උපදෙස් දුන්ට ඔව් .. මම ඒවා මෙතන කියන්න යන්නේ ලෑ .. ඌ ශේප් උනාට හිටපු ගමන් පොර ටෝක් දෙනවා තාමත් ..  අන්තිමට බැලින්නම් ඒ යකා අපේ අම්මවත් අදුරනවා ..  එක නිසා තමා ශේප් .. 

කොහෙන් කොහෙන් හරි මමත් මගේ අනාගතේට වැදගත් වෙයි කියල හිතෙන පාඩමක් ඉගෙන ගත්තේ .. ආයිනම් මේ වගේ ගොන් ආතල් ගන්නේ ලෑ ..  මම කොහොමත් එහෙම නරක ළමයෙක් නොවන විත්තිය කවුලුත් දන්නවනේ .. ^_^  ..  

මේක බ්ලොග් එකේ දැම්මේ උබලට බලල ** ඉරාගෙන හිනාවෙන්ට නෙවේ . බලල හැදියව් .. මම වගේ .. :/ 

ඔය හැක් කොරන එක එක මෙතඩ් ටෙස්ට් කරන්ට ඕනිනම් උබලගේම එකවුන්ට් හැක් කරාගනිව් .. මමත් මීට පස්සේ කරන්නේ එකම තමා .. -_- .. 

මම මේකෙන් තව දෙයක් ඉගෙන ගත්ත .. ඔව් .. එකත් කියන්නම් .. ලංකාවේ දැන් මේ වගේ වැරදි වලට නීති තියෙනෙවා .. මේ තියෙන්නේ  ලංකාවේ  ජන්ජාල අපරාද ගැන සොයාබලන SLCERT කියන අයගේ Web Site  එක ..   ඔයාට කවදාහරි මේ වගේ වැඩක් වුනොත් ඔයාට පුළුවන් මේ Site එක හරහා එක Report කරන්න .. පොලීසිය මගිනුත් පුළුවන් .. හැබැයි ප්‍රමාණවත් සාක්ෂි තියෙන්න ඕනි .. :D  ..  මේ වගේ දෙයක් ආයි කාටවත් නොවේවා .. 


ඔන්න ඕකයි නෝනා , මහත්තයෝ මට වුනේ .. හෑ .. කමක් නැහැ එකෙන් හරි පාඩමක් ඉගෙන ගත්තනේ .. වැඩේ ගස්සුනානම් මමත් අපරාදකාරයෙක් .. නිකන් නෙවෙයි .. සයිබර් ඇ ..

ටටා .. 
මගේ තාත්ත ... මට මතකයි දවසක් අපේ තාත්ත මාව ලස්සනට අන්දගෙන , මගේ අතින් අල්ලාගෙන මාව මගේ පළවෙනිම ඉස්කෝලේ දවසේ මාව ඉස්කෝලේ ගෙනිච්ච විදිය .. මාව පන්න්තියට එක්කන් ගිහින් මාව පන්තියෙන් ඉන්දවලා මාව ඉස්කෝලෙට බාරදීපු විදිය ... එදායින් පස්සේ හැමදාම මගේ අඩුපාඩු ගැන තාත්ත හොයල බැලුව .... මම ඉස්කෝලේ යන දවසෙන් පටන් ගත්තේ මට එතනින් ආපස්සට වැඩි මතකයක් නැති නිසා .. මම ඉපදුන දවසේ ඉදන්ම ගොඩක් මහින්සි වෙලා , මට හොද ජීවිතයක් හදාදෙන්න මගේ තාත්ත ගොඩක් කැපකිරීම් කරන්න ඇති .. අඩුවක් දැනුනේම නැ ..

අම්ම වගේ ආදරේ වැඩිය පෙන්නන්නේ නැති උනාට තාත්ත මට ගොඩක් ආදරෙයි කියල මම දන්නවා .. එක පෙන්නන්න ඕනි දෙයක් නෙවෙයි කියල තාත්තට හිතෙන්න ඇත්තෙත් සමහර විට මාව හොදට හදාගන්න ඕනි නිසා කියල මට හිතෙනේවා .. මම දඟ වැඩකරද්දී තාත්ත මට බැන්නේ , හිමිහිට පුංචි පාරක් දෙකක් ගැහුවේ මගෙත් එක්ක තරහට නෙවෙයි .. ඒ මාව හොද ළමයෙක් කරන්න ඕනි නිසා .. ඒත් ඉස්සරනම් තාත්ත ඒම කලාම මම තාත්ත එක්ක රණ්ඩුත් වෙලා තියෙනෙව ... ඒ ඉතින් නොදැනුවත් කමට කියාලා තාත්තත් දැනන් ඉන්න ඇති .. දැනුත් සමහර වෙලාවට මම රණ්ඩු වෙනවා .. ඒත් පස්සේ මට දුක හිතිලා මමම කතාකරනවා .. එතකොට තාත්තත් මාත් එක යාලුවෙක් වගේ කතාකරනවා .. ඇත්තටම මට මගේ තාත්ත යාලුවෙක් වගේ .. මට විතරක් නෙවෙයි .. මගේ අයියටත් ... 

අද මගේ තාත්තගේ උපන්දිනේ .. මමත් හැමදාම පුරුදු විදියට තාත්තට අදත් තෑග්ගක් දුන්න ..  හි ..  ඒ උනාට මට මගේ හිතේ ඇත්තටම තාත්තට තියෙන ආදරේ ගෞරවේ ඒ වගේ තෑග්ගකින් පෙන්වන්න බැහැ .. මම කවදාහරි එක කොහොම හරි තාත්තට ඒත්තු ගන්වනවා ... මම කවදාහරි තාත්තට ආඩම්බරවෙන්න පුළුවන් විදියේ පුතෙක් වෙනවා .. :)   ...

 මගේ තාත්තට සුබම සුබ උපන්දිනක් වේවා ! ..   ඔයාලත් මගේ තාත්තට සුබ උපන්දිනක් ප්‍රාර්ථනා කරන්න ....

මතු භවෙදිත් ඔබ මගේම පියාණන් වේවා .. !
කුරුණෑගල ජෝන් කොතලාවල ඉස්කෝලේ සිසුවියක් ෆේස්බුක් හුටපටයකට දිවි තොර කරගනියි .. මලා ජෝන් .. මීට දවස් දෙක තුනකට කලින් කොහෙත් ඇහුනේ ඕකනේ .. ඇයි ... ඒ විතරද .. "ෆේස්බුක් මගින් අදුනාගත් පෙම්වතා සමග දොස්පවරා ගැනීමේ ප්‍රතිපලයක් ලෙස එක්දරු මවක් ගෙල වැලලාගෙන මිය යයි .. " .. තව ගොඩක් තියෙනෙව .. " ඇල්පිටිය - පිටිගල - පොකුණුවලකඩ - පැලවත්ත පාර ප‍්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි දිනේෂා තිලක්ෂි නැමති තරුණියයි අද උදෑසන සාරියකින් ගෙළ වැළලාගෙන සිය නිවසේදී ජීවිතක්ෂයට පත්වී ඇත්තේය . " .. හපොයි .. ලංකාවට ගිය කලක් .. මොකෞනත් අහිංසක ජීවිත තමා .. ඒ උනාට ඉතින් ඒ මිනුස්සුන්ගේත් මෝඩ කම .. සංවේදී වැඩි බව .. දරාගැනීමේ ශක්තිය හීන බව .. ඔන්න දැන් මට අපේ අම්මත් බනිනවා .. ෆේස්බුක් මහා ජරාවක් කියල .. ලංකාවේ විතරද ෆේස්බුක් තියෙන්නේ .. තව කොචහර රටවල මේක පාවිච්චි කරනවද මිනිස්සු .. ඒත් අපේ අය එක පාවිච්චි කරන විදියයි වැරදි .. ෆේස්බුක් විතරක් නෙවෙයි .. හැම දෙයක්ම වගේ .. ෆෝන් .. කට්ටිය දන්නේ නැති උනාට skype .. Vidio call .. අපේ ගණන් ක්ලාස් එකේ සර් මෙහෙම කිව්වා ..
මමත් දැක්ක ඔය ගැනුලමය ෆේස්බුක් නිසා මැරිලා තිබ්බ කතාව .. දැන් මොකෝ වෙලා තියෙන්නේ .. ප්‍රින්සිපල් හිරේ .. ළමය අපායේ .. ඇයි ඉතින් සියදිවි හානිකරගත්ත එකෙක් දිව්‍යලෝකේ යයි ඇ .. දැන් ප්රින්සිපල්ගේද වැරැද්ද .. අනික ඒ කෙල්ල දිහා බලපුවාම ඒ කෙල්ලගේ ටයිටල් එකත් හිතාගන්න පුළුවන් ..පොඩි ඉස්කෝලේ යන කෙල්ලෙක් නියපොතු පාටකරන් , අයිබ්‍රෝ හදල , ඉන්න විදියට ... ඒ ළමයා මොනවගේ චරිතයක් තියෙන කෙනෙක්ද කියල හිතාගන්න පුළුවන් ..      -චන්දන සර් -

අත්තක් තියෙනෙව නේද .. ඒ අම්මයි තාත්තයි ගැන ටිකක් හිතුවනම් .. දැන් මේක අර විල්සන් බැග් ජනප්‍රිය උනාවගේ නේ .. හැමෝටම මේක ට්‍රෙන්ඩ් එක වෙලා .. මාධ්‍ය මගින් මේවා ගැන හැමතැනම කියද්දී මේ වගේ දේවල් වලට ප්‍රශ්නවලින් පෙලෙන අයගේ අවධානය යොමුවෙනවා වැඩියි ..හැබැයි සාරිවලටනම් හොදයි කලක් යයි වගේ .. 

මේ වැඩෙන් අනිත් ලමයිටත් අසාධාරණයක් වෙන්නේ නැද්ද .. වැරද්දක් පෙන්වා දුන්නේ ගුරුවරුන්ට මෙහම ප්‍රශ්න එද්දී , අනිත් ගුරුවරුත් ළමයින් ගැන හොයන එක අඩුවෙන්නේ නැද්ද .. ළමයින්ගේ දෙමව්පියන්ට නොදෙවෙනි සේවයක් කරන ගුරුවරුන්ට මෙහෙම දේවල් වෙද්දී ඔවුන් ළමයිගේ වැරදි හමුවේ නිහඬව ඉන්න උත්සහ කරනවා .. එක ළමයින්ට ලොකු පාඩුවක් .. මගේ අම්මයි තාත්තයිත් ගුරුවරු නිසයි මම මෙහෙම කියන්නේ ..  අර ප්රින්සිපලවා හිරේ යවන්න හදන කොටසක් වගේම , ඔහුව බේරාගන්න හදන කොටසකුත් ඉන්නවා කියල දන්නවද .. ඒ ඉස්කෝලෙම .. පුදුමයි .. 

ඇ .. දැන් මහින්ද මාමා ෆේස්බුක් තහනම් කරන්නලු යන්නේ නේ .. පව් මාක් අයිය .. ලංකාවේ අය ෆේස්බුක් යන එක නැවතුනොත් මාක් සකර්බර්ග්ට කොච්චර පාඩුවක්ද නේ .. හැක හැක .. මට හිනා .. රටක් විදියට ගත්තොත් ලෝකේ තුන්වෙනියට වැඩිම ජනගහයක් ඉන්න රටට ලංකාවේ අය නැතිව යන එක හරියට ගමක් නැතිවුනා වගේ තියෙයි .. හරි බොළඳ අදහසක් ... මේ ගැන අපේ අයිය මෙහෙම කිව්වා .. 

ඉස්සර ලියුම් නිසා කොල්ලෝ කෙල්ලෝ බෙල්ලේ වැල දාගත්තේ නැද්ද .. කෝ එහෙනම්ලියුම් තහනම් කරන්න තිබ්බනේ .. ෆෝන් නිසා බෙල්ලේ වැල දාගත්තේ නැද්ද .. කෝ තහනම් කොරාද ෆෝන් .. එස්.එම.එස්. තහනම් කොරාද .. ඒ උනාට ෆේස්බුක් තහනම් කරන්න යන්නේ .. 


ඒ ගැන කතාකරලා වැඩක් නැහැ .. හරියට හැදුනේ නැති එකෙක් දෙන්නෙක් නිසා ගොඩක් වටිනා දේවල් විනාස කරන එක ???  ( ඔයාම කියන්නකෝ .. )

මම විරුද්ද මතදාරියෙක් කියල හිතන්න එපා .. මම කීවේ මගේ අදහස .. ගිහින් එන්නම් .. 

වෙනුෂ ඇතුළු හැමෝටම නිවන්සුව ප්‍රාර්ථනා කරමි .. 

ගිහින් එන්නම් ... 



හැක හැක .. මේකනම් ආතල් වැඩේ ඇ .. මෙන්න බලහල්ලකෝ හොරුන්ගෙත් හොරු කම්බා හොරු .. මුන් සයිබරේ හොරු .. මම පොලිස් නෙවෙයි ඇ .. මේ කියන්න යන්නේ තමන්ගේ දෙයක් කරගන්න බැරි කොන්ද පණ නැති එවුන් ටිකක් ගැන ...එක්කෙනෙක් Site Money Lot කියන බ්ලොග් එකේ අයිතිකාරයා ... අනික් පුද්ගලයා  මේ හිරුනෙත් ජී එස් එම කියල බ්ලොග් එකක අයිතිකාරයා .. අනික් එක්කෙනා මේ හිරුනෙත් කියල බ්ලොග් එකක එක්කෙනෙක් ... :P   ..

බලන්නකෝ කොපි කරලා තියෙන හැටි ..

මුලින්ම ඔය Site Money Lot එකේ එක්කෙනා මගේ අර Free SMS ගහන විදිය ගැන ලියල තිබ්බ පෝසට් එක කොපි .කොරලා .. එයාට  වෙන මාතෘකාවක් වත් දාන්න තරම් හැකියාවක් නැති එක්කෙනෙක් .. :P   ... පව් .. ගිහින්ම බලන්නකෝ ..

මගේ ඔරිජිනල් පෝස්ට් එක : නැති බන්ගස්තාන් වෙන්න Free SMS ගහමු .

කොපි කරපු එක්කෙනාගේ පෝස්ට් එක :  නැති බන්ගස්තාන් වෙන්න Free SMS ගහමු ..

හැක හැක .. පොටෝ එකත් එහෙම්මම උස්සල ... බලන්න පෝස්ට් දෙකේ වෙනසක් තියේද කියල .. මෙන්න ඊලග සීන් එක බලන්නකෝ .. මේ Site Money lot කියන සයිට් එකේ තියෙන මගෙන් උස්සල දාපු පෝස්ට් එක තමයි අර හිරුනෙත් ජී එස් එම කියන බ්ලොග් එකේ දාල තියෙන්නේ .. එකනම් ලෝක හොරෙක් ... හැබැයි එකටනම් මාතෘකාව  එහෙම වෙනස් කරන්න හරකට වගේ සුට්ටක් මොලේ තිබිල තියෙනෙවා ...

මෙන්න එයාගේ හොර පෝස්ට් එක : Free SMS ගහමු ..

හැබැයි පෝස්ට් එකේ ඇතුල මගේ එකමයි .. අනේ අම්මපා මෙහෙමත් හොරු .. මටනම් හෙන ආඩම්බරයි ඇ .. මගේ බ්ලොග් පෝස්ට් කොපි කරන්නේ ඒවා ගොඩක් වටිනා ඒවා නිසානේ ... ( Feeling Proud ^_^ )  ...  හිකි හිකි ..

කමක් නැහැ ඉතින් .. කොපි කරපු අයට අර මගේ Adfly එකෙන් Short කරපු ලින්ක් එක අයින් කරන්න බැරි වෙලා .. ඒ නිසා මටත් ලාබයි .. :D  ..

හැක හැක .. මොනවා උනත් ඉතින් මේවා ගැනුවත් නොකරන පිරිමි කමටත් නින්දා කරන නපුන්සක වැඩ .. මාර හොරු .. මටනම් හැබැයි මේ ගැන මතක් වෙද්දීත් දැනෙන්නේ ලොකු සතුටක් .. මම සාර්ථකයි ...

මේ තව එකක් .. අර මම හැමෝටමFacebook Event වලට Page වලට Invite කරන්න පුළුවන් Java Script එකක් ගැන කියපු Post එක .. එකත් වෙන එක්කෙනෙක් කොපි කරලා .. :P

මගේ එක :  Page වලට Event වලට ඔක්කොම යාලුවන්ට Invite කරන්න .. 

කොපි කරපු එකාගේ එක :   මේකෙන් පුළුවන් ලේසියෙන්ම ඔයාගේ Facebook Fan page එකකට ලයික් කරන්න කියල , තව මොකක් හරි Facebook එකේ Event එකකට සහභාගී වෙන්න කියල ඔයාගේ යාලුවන්ට Invite කරන්න ..

මෙව්වා ගැන කතාකරලා වැඩක් නැහැ .. මුන්ට පැවැත්මක් නැහැ ... අනී අනිච්චන් .. හිකි හිකි .. මේ බ්ලොග් වල ගොඩක් තියෙන්නේ කොපි කරපු පොස්ටු ... 

මම මේවා කිව්වේ මේගැන අනිත් අයවත් දැනුවත් කරන්න  ... තමන්ගේ දෙයක් කරන්න උත්සහ කරපල්ලා බන් ... කොන්දක් නැති නපුන්සක වැඩ කරන්න එපා ..දැන් ඉතින් අහක යන අය තොප්පි දාගන්න යන්නත් එපා ඇ ..  හැ ..

මම මේ බයේ ඉන්නේ මේ Post එකත් කොපි කොරයිද කියල .. :P   .. අනිත් පැත්ත හරොල ... හිකි හිකි .. 


ටටා බායි .. !

වැලන්ටයින් දෙදහස් දාහතර .. නේද ඇ .. ලව් එහෙමත් නැත්නම් ආදරේ කරන අය වෙනුවෙන් වෙන් උණු දවස .. පෙබරවාරි 14 ..හැක හැක .. මේ වැලන්ටයින් එකටත් මම සිංගල් ඇ .. :P  .. 

ගොඩක් අය ඔය වැලන්ටයින් සමරුවට ඔකේ තේරුම දන්නේ නැහැනේ .. දැන් පොඩ්ඩක් හිතල බලන්න  කියල මේ වැලන්ටයින් කියන එකේ තේරුම ඔයා දන්නවද කියල .. මම හිතන්නේ ලව් කරන ගොඩක් අය දන්නේ නැහැ .. මේ වැලන්ටයින් කියන්නේ කතෝලික ශුද්දවන්තයෙක් ... සාන්තුවරයෙක් කියන්නේ දෙවියන් වහන්සේට ඉතා බගපත්ව , ශුද්දවන්තව ජීවත් වුන කෙනෙක් .. මේ  වැලන්ටයින් සාමිවරයා ජීවත් වෙලා හිටපු කාලේ රජා එයාගේ අධිරාජ්‍ය ලොකු කරගන්න සැහෙන කට්ටක් කාපු එක්කෙනෙක් .. මේ නිසා මේ ගොන් රජා රටේ ඉන්න හැම කෙනෙක්ටම හමුදාවට බැදිලා යුද්ද කරන්න කියල නියෝග කරලා තියනෙවා .. යකෝ හරි වැඩක්නේ නේද .. මේ යුද්ද වලට බැදපු එවුන් ගත්තම රටේ පවුල් අනාත වෙන නිසා රජා මිනිස්සුන්ට කසාද බැදීම තහනම් කරලා තියෙනෙවා .. දෙයියනේ ඉතින් මේ යුද්ද නිසා ගොඩක් පෙම්වතුන්ට තමාගේ පෙම්වතියත් , පෙම්වතියන්ට තමාගේ පෙම්වතුන්වත් අහිමි වෙලා තියෙනෙවා .. පව් නේද .. ඔයා ආදරේ කරන කෙනෙක්නම් ඔයාටත් දැනෙයි කවදාහරි ඔයාට එයා නැතිඋනොත් දැනෙන දුක  .. ඒත් ඉතින් එහෙම වෙන්නේ සත්‍ය අවංක ආදරේ කරපු කෙනෙක විතරයි .. ඔයාත් හිතල බලන්න ඔයා එහෙම කියල .. ඉතින් කතාවේ ඉතුරු ටික .. 

දැන් මේ වැලන්ටයින් කියන පුජකවරයා ,එහෙමත් නැතිනම් සාමිවරයා මෙහෙම තරුණ ජීවිත විනාස වෙන්න නොදී රජුට හොරෙන් අහිංසක පෙම්වතුන් එකිනෙකාට විවාහ කරලා දීල තියෙනෙවා .. පස්සේ කොහොම හරි මේ වැඩේ ලීක් වෙලා රජාට මාට්ටු වෙලා වැලන්ටයින් සාමිව සිරබාරයට අරගෙන තියෙනෙවා ... පස්සේ ඔය පෙබරවාරි 14 දවසක මේ පෙම්වතුන් වෙනුවෙන් කැපවුන ඒ මහා සුද්දවන්තයාගේ හිසගසා දමලා මරල .. ඔන්න ඕක වෙනුවෙන් තමයි එතුමාව සිහිවෙන්න පෙබරවාරි 14 දිනය ලෝක පෙම්වතුන්ගේ දිනය ලෙස එනම් වැලන්ටයින් ඩේ කියල නම් කරලා තියෙන්නේ .. වැලන්ටයින් ඩේ කියන එක වැරදියි .. හරි වචනේ වැලන්ටයින්ස් ඩේ .. ඒ කියන්නේ වලන්ටයිනේගේ දිනය ..



එහෙනම් ඔය ලොකුවට අයි ලව් යු මගේ පන කියාගෙන වැලන්ටයින් සමරන අයියල අක්කල , නංගිලා මල්ලිලා දැනගන්න ඇයි ඔයාල මෙහෙම දිනයක් සමරන්නේ කියලා .. පින් දෙන්න වැලන්ටයින් සාමි තුමාට .. ඔයාලට  අද ඔය මල් පොකුරක් අරගෙන ගිහින් එයාව බලන්න විසේස දවසක් තියෙන්නේ ඇයි කියලවත් මතක තියාගන්න ... අනික ඔය ඔයාගේ පන දෙන්න යන ආදරේ එක දවසකට සීමා කරන්න එපා . .එදාට විතරක් එයාගැන විසේසයෙන් බලන්න එපා .. හැමදාම එයාව විසේස කෙනෙක් කරගන්න .. අනික වැලන්ටයින් එක වැල ටයින් කරගන්න එපා .. එක ලොකු පාපයක් .. මාකටින් වුන තෑගී දීල එයාව සතුටු කරන්න එපා .. ඒවා භෞතික දේවල් .. ආත්මීය වශයෙන් දෙයක් දෙන්න උත්සහ කරන්න ...


ඔය කවුරු කොහොම කිව්වත් මටනම් මේ පාර පෝය ඇ ... :D 


එහෙනම් හැමෝටම චකස් මල්ලිගෙන් හැපී වැලන්ටයින් එකකට ආසිරි ඇ .. ලව් කරන නොකරන හැමෝටම .. :D  ..

හායි හායි ඇ .. කොහොමද කොහොමද ඇ ... ඔන්න අද මම ආවේ ගොඩක් වැදගත් දෙයක් අරගෙන .. අද මම කියල දෙන්නම් කොහොමද ඔයා ඔයාගේ Blog එකට බ්ලොග් පෝස්ට් එකක් දැම්මම එක ඔයාගේ Facebook Fan Page එකේ ඔටෝම වැටෙන්න හදන්නේ කියල .. හැ .. ඉස්සර මේකට ක්‍රමයක් තිබ්බ මේ Page එකේ Note දාන තැනින් දාන මුකක්ද ට්‍රික් එකක් .. ඒත් දැන් ඒ ක්‍රමේට මේ වැඩේ කරන්න බැරිද කොහෙද ..  :/
දැන් මේ වැඩේ කරන්න මේ පොඩි Facebook App එකක් තියෙනෙව .. ඔව් ..මම කියන්න යන්නේ ඒ App එක ගැන තමා .. 

මේකේ නම තමා RSS Graffti ..ඇ .. ඔව් .. මේකෙන් ඔයාට මම අර කලින් කිව්වා වැඩේ ලෙසටම ගොඩ දාගන්න පුළුවන් ...හරි .එහෙනම් මම කියන්නද ..

>>  ඔයා මුලින්ම මෙන්න මෙතනින් ඒ App එකට යන්න  ..

>>  එතකොට ඔන්න ඔයාට එන Page එකේ මම ඔය රතු පාටින් කොටු කරලා තියෙන එක වගේ Button එකක් ඇති " Add New Publishing Plan " කියල .. :) අන්න එක උඩ ක්ලික් කරන්න ..




>>  අන්න ඒ එතකොට එතනම වම පැත්තේ පොඩි කොටුවක් එයි Fill කරන්න .. අන්න එකට ඔයාගේ Blog එකේ නම දාන්න ...( මම දැම්මේ චකබ්ලාස්ට්ගේ ලෝකය කියල .. )

>>  ඊට පස්සේ එතනම තියෙන " Create Publishing Plan " කියන එක උඩ ක්ලික් කරන්න ඇ .. 

>> එතකොට මම පහල ඔය පහල දාල තියෙන පුතෝ එකේ වගේ Page එකක් ඔයාලට පෙනෙයි .. ( චකබ්ලාස්ට්ගේ ලෝකය කියන එක වෙනුවට ඔයා දාපු ඔයාගේ Blog එකේ නම වැටෙයි ඇ ) 




හරි දැන් ඔයාට ඉතුරු වැඩ ටික කරගන්න ඔයාගේ Blog එකේ RSS ලිපිනය හොයාගන්න ඕනි ..Feed Burner වලින් ..

එක කරන හැටි මම කලින් අර බ්ලොග් පෝස්ට් ෆෝන් වලට යවන හැටි කියා දුන්න ලිපියේ කියල දීල තිබ්බ .. ඒ ලිපිය බලන්න මෙතනින් යන්න .. 

>>  ඊට පස්සේ Add Source කියන බටන් එක ක්ලික් කරන්න .. දැන් ඔයාගේ Feed Burner RSS ලිපිනය කොපි කරලා මම ඔය මම රතුපාටින් කොටු කරලා තියෙන තැන පේස්ට් කරන්න ..





>>  දැන් ඔයාට ඊලගට ඔය මම පහල දාල තියෙනවා වගේ Page එකක් පෙනේවි ..




>>  එකේ මුකුත්ම වෙනස් නොකර පහල තියෙන Save කියන බටන් එක ඔබන්න ..

>> දැන් ඔයාට පේනවා ඇති මම අර දෙවෙනි පින්තුරේ දාල තිබ්බ ඔයාගේ බ්ලොග් එකේ නම වැටෙන තැනට යටින් ආයිත් ඔයාගේ Blog එකේ නම වැටිලා තියෙනෙව ..

ඒ කියන්නේ දැන් වැඩෙන් බාගයක් ඉවරයි ..දැන් ඉතුරු ටික ..

>>   දැන් එතනම එහා පැත්තේ ඔයාට පේනවා ඇති Add Target කියල බටන් එකක් .. එක ක්ලික් කරන්න ..දැන් ඔයාට එයි මෙන්න මෙහෙම එකක් .. එකෙන් Facebook කියන එක උඩ ක්ලික් කරන්න .. 




>>  එතකොට ඔය පහල තියෙනෙව වගේ Page එකක් පෙනෙයි ඔයාට .. එකෙන් ඔය මම රතුපාටින් කොටු කරලා තියෙන එකෙන් ඔයාගේ Fan Page එක තෝරන්න .. එතනම එහා පැත්තේ ඇති ඔයාගේ Fan Page එකේ නම දෙපාරක් වැටිලා වරහන් ඇතුලේ page කියල වැටුන එකක්කුයි user කියල වැටුන එකක්කුයි දෙකක් .. අන්න එකෙන් Page කියන එක තෝරලා පහල තියෙන save බටන් එක ක්ලික් කරන්න ..




>>   දැන් ඔයාට ආයිත් මම පහල දාල තියෙනෙව වගේ Page එකක් පෙනෙයි .. අන්න එකේ ඔය තියෙන Off කියන එක උඩ එක පාරක් ක්ලික් කරලා On කියන එකට දාන්න .. :) 




ඔන්න එහෙනම් දැන් වැඩේ ඉවරයි .. ඔයා දැන් ඔයාගේ බ්ලොග් එකට පෝස්ට් එකක් දාපුවාම ඔයාගේ Facebook Fan Page එකේ එක වැටෙයි .. ලින්ක් එකත් එක්කම .. 
ඔව් ඇ . ෆොටෝ කොමෙන්ටුත් ඔට්ටුයි ඕන් ඇ .. [img] ඔයාගේ Image එකේ ලින්ක් එක [img]
හිකි හිකි .. 

එහෙනම් වැඩේ ගොඩ දාගෙන කොමෙන්ට් එකක් එහෙමත් දාලම යන්න ඇ .. ප්‍රශ්න තියේනම් එකත් කොමෙන්ට් එකක් දාලම අහන්න ..මම දන්නා විදියට උදව්වක් කරන්නම් .. :)

මේ ..මේ වගේ Blog එක ප්‍රොමෝට් කරන තව සීන් දෙක තුනක් ලියල තිබ්බ .. ඒවත් බලන්නකෝ .. වැදගත් වෙයි ඔයාට ..

-->  ඔයාගේ බ්ලොග් එකට Android App එකක් හදමු ..


-->  ඔයාගේ Blog පෝස්ට් යාලුවන්ගේ Phone වලට යවමු ...



හෙනම් මම ගියා .. ආයිත් සෙට් වෙමු .. 

ටටා .. ජය වේවා .. !

සාදරයෙන් පිළිගන්නවා !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !