Posted by : Unknown Monday, December 23, 2013

හි හි .. කොහොමද කට්ටියට ඇ .. මමනම් පෙරසේ පොරසේ ඉන්නවා .. :P .. .... හැක හැක .. Beach Party එකේ  අමාරුව තාම තියෙනෙව .. :3 
ආයිනම් ලබන පාටි එක එනකන් මම නාන්නේ ලෑ .. :P .. හරි හරි ... එව්වා දැන් පහු උන දේවල්නේ .. දැන් අද  ටොපික් එකට බහිමු ... හරි ..

අද මම ඔයාලට කියල දෙන්න යන්නේ ටිකක් අමුතු විදියේ කතාවක් .. කියල දෙන්න දෙයක් නෙවෙයි ... එක දෙයක් ගැන දැනුවත් කිරීමක් .. :D .. මේවා දැන් මේ ගොඩක් අය දන්නා දෙයක් .. දන්නේ නැති අයත් ඉන්නවනේ මම .වගේ .. අන්න ඒ අයට තමා මම මේ කියල දෙන්න යන්නේ හරිද ... 
අද මම කියන්නේ යන්නේ Hacking සම්බන්ද දෙයක් ගැන ... ඒ කිව්වේ මේ   Keylogger   කියන දේ ගැන .. මමත් මේ ගැන හැමදෙයක්ම දල්ලේ ලෑ .. දන්නා ටික කියල දෙන්නම්කො .. කමක් .නැහැනේ ... හරි .. 

මෙහෙමයි ... Keylogger කියන්නේ Software එකක් ..  ඒ software එකෙන් වෙන්නේ ඔයාගේ PC එක ගැන Hackers  කියන අයට හෝ තමන් විසින්ම එහෙම කියා ගන්න අයට ඔත්තු කියන එක ..
තේරුනේ  නැහැ නේද .. මෙහෙම අහගන්නකෝ ..

හිතන්නකෝ මොනම විදියකින් හරි ඔයාගේ PC   එකේ මේ Software එක ස්ථාපනය ( Install )  උනා කියල ... එතකොට ඒ Software එක මගින් ඔයාගේ PC එකේ වෙන ගොඩක් දේවල් හැකර්ස ලට Email මාර්ගයෙන් වගේ බලාගන්න පුළුවන් වෙනවා ...
දැන් ඔයාට ප්‍රශ්නයක් ඇති .. " යකෝ අපේ PC එකට එහෙම කොහෙන් Install වෙන්නද .. "  ..ඔව් ..එක සාදාරණ ප්‍රශ්නයක් .. එක වෙන්නේ මෙහෙමයි .. කවුරු හරි කෙනක් ඔයාගේ PC එකට මේක Install කලොත් .. හරි එක වෙන්නේ කොහොමද හිතෙනේව නේ .. එක වෙන්නේ මෙහෙමයි ..   

සමහර විට ඔයා Internet එකෙන් Download කරන File එකක් එක්ක මේ වගේ Keylogger එකක් ඔයාගේ PC එකට එන්න පුළුවන් .. Install වෙන්නේ Auto ... ඒ කියන්නේ ඒ FILE එකට කවුරු හරි කෙනෙක් Keylogger එකක් Bind කරලා තියෙන්න පුළුවන් .. එතකොට Keylogger එක ඔයාගේ කොම්පීතලේ ස්ථාපනය උනාම මෙන්න මේ වගේ දේවල් තමා වෙන්නේ .. හාට් ඇටාක් තියෙන එවුන් කියවන්න එපා .. 

-->  ඔයා කොම්පීතලේ ටයිප් කරන හැම අකුරක් වචනයක් ඉලක්කමක් පාසා හැකර් ට Email එකක් යනවා ... :3

-->  ඔයාගේ කොම්පීතලේ විනාඩි ගානෙන් ගානට Screen Shots හැකර්ට Email මාර්ගෙන් යනවා ..

-->  ඔයා Internet එකේ කරන හැම වැඩක්ම හැකර්ට බලන්න පුළුවන් .. 

-->  කොම්පීතලේ on/off කලපු වෙලාව බලාගන්න පුළුවන් ..

-->  Encrypt කරලා තියෙන Files වල Data email මාර්ගෙන් හැකර් ට යවනවා ..

-->  ඔයා කොනෙක්ට් වෙන කොනෙක්ෂන් ගැන රිපෝට් කරනවා ..

-->  ඔයා Printout එකක් ගත්තොත් එකේ Soft කොපි එකක් හැකර්ට Mail එකක් විදියට යනවා ...




හැක හැක .. ඔය  තියෙන්නේ Keylogger වලින් වෙන  දේවල් වලින් ටිකක් විතරයි ... තව තියෙනෙව .. අපි අහලවත් නැති දේවල් ..ඒවා Keylogger එකෙන් එකට වෙනස් වෙනවා ...   :3
මේවා හැකින් වලටම විතරක් නෙවෙයි .. හොද දේවල් වලටත් යොදා ගන්නවා ... ගොඩක් System Admin ල මේව යොදා ගන්නවා Company වල සේවකයන්ගේ වැඩ ගැන හොයන්න .. සමහර දෙමව්පියෝ මේවා දානවා ළමයින්ගේ වැඩ ගැන හොයන්න .. බලන්න ඔයාගේ එකෙත් කියල .. :3 
පරිස්සමින් මේවගේ Keylogger එකක් මගින් හැකර් කෙනෙකුට ඔයාගේ Facebook , E-mail විතරක් නෙවෙයි Bank එකවුන්ට් පවා හැක් කරන්න පුළුවන් .. ඔයා Bank එකවුන්ට් වගේ Use කරද්දී Virtual keyboard එකක් පාවිච්චි කරන එක ටිකක් හොදයි .. තව මේවගෙන් බේරෙන්න Anti-Keylogger කියල software  තියෙනව .. හැබැයි ඒවත් එක්ක Keylogger දෙන අයත් ඉන්නවා ... :P
වයිරස් ගාඩ් වලින් නම් ඒ හැටි ප්‍රයෝජනයක් ලෑ .. 


....  දැන්නම් ඇති වගේ මට ... එහෙනම් මම අදට ගියා ඇ .. මන් කවද හරි කියල දෙන්නම් ඔයාලට Keylogger එකක් හදන හැටි .. ;) .. 
එහෙනම් ආයිත් සෙට්  වෙමු ...
අහ මේ .. මේ Post එක හොදා වගේ ත්රුනොත් යාලුවන්ටත් බලන්න Facebook , Twitter Share පාරක් දාන්න ඇ .. කොමෙන්ට් එකකුත් කොටලම යන්නකෝ ,... 



එහෙනම් කට්ටියට ජයෙන් ජයම වේවා ... 

{ 1 Comments... ඒවා කියෝල ඔයාගේ අදහසත් දාල යන්න }

  1. දැනට තියෙන හොඳම කීලොගර් සොෆ්ට්වෙයාඑක මේක තමයි
    Best Free Keylogger

    ReplyDelete

☻ Photo Comment දැමීමට :

[img] ඔයාගේ Image Link එක [img]

☻ සිංහල අකුරු Type කිරීමට වම් පස පහල ඇති "සිංහල " බොත්තම ඔබන්න ..

සාදරයෙන් පිළිගන්නවා !

ලිපි ගොනුව !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !