Posted by : Unknown Friday, January 3, 2014

මේ ගෙවුණු අන්තිම සතියේ විතර අපේ ගොඩක් අය පිළිකුලෙන් කතා කරපු දෙයක්නේ මේ " Sex " කියන දෙයින් ලංකාව ලෝකෙන්ම එක වෙලා තියෙන එක .. හ්ම්ම් .. මම හිතුව මේ ගැන ටිකක් හොයන්න .. එහෙම කරද්දී මට ලැබුණු දේවල් ටිකක් මම ඔයාලට කියන්න හිතුව .. ඒ වගේම මට  දැනුන දේවල් .
මේ ලිස්ට් එකේ ලංකාවට දෙවෙනි වුන රටවල් අතර එකටම ඉන්නේ ඉන්දියාව ... ඊට පස්සේ ටිමෝර්,ඉතියෝපියා,බංගලාදේශය,නේපාලය වගේ රටවල් ඉන්නවා ... පොඩ්ඩක් හිතල බලන්න මේ රටවල් මොන වගේ රටවල්ද කියල .. මොන කලාපයේ රටවල්ද ..

ඇත්තටම මේ Sex කියන එක මහා ගොන් Keyword  විදියටයි මමනම් දකින්නේ .. මේක වැඩියෙන්ම ලංකාවේ පාවිච්චි වෙන්නේ ලංකාවේ අයගේ ඉංග්‍රීසි දැනුම අඩු බව නිසා ..  ඒ කියන්නේ ලංකාවේ අය මේ වචනෙට වඩා මේ ගැන search කරන්න වෙන වචන දන්නේ නැති නිසා .. යුරෝපයේ වගේ රටවල මේ වැඩේ වෙන්නේ අඩුවෙන් , අපි ඒ රටවල් ආදර්ශෙට ගන්න ඕනි කියල කියන එකත්  මහා ගොන් වැඩක් .. මේ ලිස්ට් එකේ යුරෝපයේ රටවල් අඩු ඒ රටවල් වල මිනිස්සු (වගේම ගැහැණු) මේ වචනේ යොදාගෙන අදාළ දේවල් search කරන්නේ නැති නිසා .. මේ සම්බන්දව තියෙන අනිත් වචන search කරල එකටම ඉන්නේ ලංකාව නෙවෙයි .. ඒවගේ ඒවායින් වෙනත් ලෝකයේ හෙන පොරත්වය විදහාගෙන සිටින රටවල් පෙරමුණට ඇවිත් තියෙනෙව ..




ඒ කියන්නේ මේ වගේ ප්‍රාථමික වචන වලට වඩා දරුණු වචන යොදා ගන්න නිසා .. ඒ වගේම මේ ශ්‍රේෂ්ත්‍රයේ වැඩර් ල මේ වගේ දේවල් google එකේ සර්ච් කර කර  ඉන්නේ නැහැ .. ඒ ය කෙලින්ම අදාළ web site එකේ නම ගහල තමා යන්නේ ...අනික තමා ලංකාවේ හැමෝම වගේ Google එකේ මේ වගේ ඒවා search කලාට  අනිත් රටවල මිනිස්සුන්ගේ ප්‍රදාන සෙවුම් යන්තරය Google නෙවෙයි .. මේ නිසා මේ වාර්තාව පදනම් කරගෙන ලංකාවේ තමා වැඩියෙන්ම මානසික ලෙඩ්ඩු ඉන්නේ කියන එක වැරදියි ... ඒ උනාට එහෙමයි කියල මේ ගැන නොසලකා හැරීමත් එච්චර  හොඳ නැහැ ..

අනිත් කාරණේ තමා ඇයි මේ මිනුස්සු වැරැද්ද ගැන විතරක් කතාකරන්නේ .. .දන්නවද ... ?? ලංකාව එක වෙලා තියෙන්නේ මේ වචනෙන් විතරක් නෙවෙයි කියල .. ..  ලංකාවේ මිනුස්සු මේ අන්තර්ජාලය ඉගෙනීමේ කටයුතු සදහා වගේ දේවලුත් පාවිච්චි කරනවා .. එකට හොදම උදාහරණයක් මේ ගුගල් වාර්තාවෙන්ම අපිට ගන්න ..පුළුවන්  ..ඒ තමා ලංකාව " Spoken English " කියන වචන දෙක එකවර search කරන රටවල් අතරිනුත් ප්‍රතම ස්ථානය   ලබා තිබීම ... ඒ විතරක් නෙවෙයි ..

c#.net, vb.net, asp.net, java, php වගේ පරිගණක භාෂාවල් ගැන වැඩියෙන්ම සොයල බලල තියෙන්නෙත් ලංකාවේ අය ..ඒ වගේම මේ Web Hosting  , Web desinging  ගැන පවා වැඩියෙන්ම ගුගල් search කරලා තියෙන්නේ ලංකාවේ අය වීමත් විශේසයි .. තවත් වැදගත් වචනයක් සහ ලංකාවේ  ගොඩක් ප්‍රසිද්ද දෙයක් ව Internet Money  ගැන වැඩියෙන්ම Search කරලා තියෙන්නෙත් ලංකාවේ අය ..

මගේ අදහස මේකයි ,මේ වගේ අය අතරේ එකෙක් දෙන්නක් නිසා රට චාටර් වෙන එකනම් ඇත්තටම දුකක් .. එහෙමයි කියල කරන්න ඕනි මේ වගේ දේවල් වලට බයේ මිනුස්සුන්ව , මතු පරපුර තාක්ෂණයෙන් ඈත් කරන එක නෙවෙයි ..  හුම් .. මේ දේවල් වලට ප්‍රතිකර්ම සොයන එක ..

මේ 2014 දිවත් අපි හොද දේවල් වලින් උඩට එන්න බලමු ... !!

{ 8 Comments... ඒවා කියෝල ඔයාගේ අදහසත් දාල යන්න }

☻ Photo Comment දැමීමට :

[img] ඔයාගේ Image Link එක [img]

☻ සිංහල අකුරු Type කිරීමට වම් පස පහල ඇති "සිංහල " බොත්තම ඔබන්න ..

සාදරයෙන් පිළිගන්නවා !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !