Archive for 2014


හම්මේ ඉතීම් .. සාමය සතුට පිර්ච්ච සුබම සුබ නත්තලක් වේවා හැමෝමටම ... කොමද කස්ටියට .. මාවනම් දැන් මතකද දන්නෙත් නැ .. :D .. හෑ .. මම අපොස සාපෙ ලිව්වනේ බන් .. එකයි ආවේ නැත්තේ බ්ලොග් එක ලියන්න .. දැන් ඔන්න ඒ හුට්ටප්පර ඔක්කොම ඉවර වෙලා චකබ්ලාස්ට් ආයිත් සයිබරයට සැපත් වුන වගයි අ ..

හිටහල්ලකෝ ඔක්කොටම කලින් සාපෙ ගැන කියන්න .. :D මටනම් ඉතින් සාපෙ කියල ගානක්වත් තිබ්බේ නැ .. ඒ උනාට ඒ හැටි අමාරුවක් තිබ්බෙත් නැ පේපර් වල .. (හැබැයි විද්‍යාව පේපරේ හදපු එකාගේ ගෙවල් හෙව්වා ඒ දවස් වල ) .. කට්ටිය කිව්ව තරන්නම් යකා කළු නැ බන් .. ඊසි .. :P ඔය පල්ලෙහා තියෙන්නේ ඒ කුප්ප පේපරේ පුටෝවක් .. :3 (ඔන්න මමනම් පෝන් එක ගෙනිච්චේ ලෑ ... ^_^ )






ඉතින් ඉතින් .. දැන් ඉතින් මොන මගුල උනත් වෙලා ඉවර නිසා පේපරේ බලන එකාට මන් ගැන අනුකම්පා හිතේව කියල උදේ හවහ ප්‍රාර්ථනා කොරන එක තමා මේ දවස් වල කරන්නේ .. :P සාපෙ ඉවර උන දවසේ ඉදන් ඉතින් ජෝගි නටපු එක තමා කොලේ .. :D (අපේ අම්ම කිවා ඕලෙවල් ඉවර වෙලා රටවටේ රවුන් ගහපු කොල්ලෙක් ගෙවල් වලට හොරෙන් නාන්න ගිහින් ගිලිලා මලා කියල .. ) 

මන් රවුන් ගහන්න පටං ගත්තේ අර TweetupSL එකෙන් .. :D මායි අපේ අයියයි තව අක්කල දෙන්නෙකුයි තවත් කොහෙන්ද මන්ද අහුලා ගත්ත උන් දෙතුන් දෙනෙකුයි එක්ක එදා යකා නැටුවා .. ඊට පස්සේ එක එකාගේ ගෙවල් වල යන්න පටන් ගත්ත ... 



පිස්සු කෙලින්න සහභාගී වූ පිස්සෝ සෙට් එක .. 
ආයිත් මතක හිටින මාවලස් අයිටම් එකකට තිබ්බේ අපේ ඕලෙවල් ගණන්  ක්ලාස් එකේ පාර්ටි එක .. එදානම් සැර ආතල් එකක් ගත්තේ .. :D .. ආ ඒකෙත් පොටෝ වගයක් තියෙනෙවා .. බලාපල්ලකෝ .. :D







ඔය ඉන්නේ මචං අපේ ගණන් ක්ලාස් එකේ කියුට් ලව්ලි ලලනාවෝ ටික .. :D මැද ඉන්නේ දාහකින් හොයාගන්න බැරි අපේ මැත්ස් සර් .. -_- ( Everybody Hat Off and RESPECT Him ) .. 






ඔය ඉන්නේ කොල්ලෝ ටික .. :) .. හිකි හිකි .. ඔන්න ඔච්චරයි ක්ලාස් එකේ සින් .. :)

 හරි ඕපාදුප ඉවරයි .. :v . පොඩි පොස්ට් එකක් .. එහෙනම් මන් ගියෝ .. පරිස්සමින් ආදරෙන් සතුටින් හිටහල්ල .. :)

 ආදරෙයි හැමෝටම .. උම්ම්ම්ම්ම්ම ... :*







හා .. කොහොමද සහෝදර බ්ලොග්  පාටකයෙනි .. :) .. හුග කාලෙකින් නේද ..  මට ලියන්න පොස්ට් දෙක තුනක්ම මග හැරුන ම්ච්නලා .. ගොඩක් විශේෂ දේවල් .. දැන් ඒ දේවල් වල කාලින බව දුරස් වෙලා නිසා ආයි නොලිය ඉන්නයි හිත කියන්නේ .. ගොඩක් කට්ටිය ඇහුව මොක  හිටපු ගමන් උනේ මල්ලි කියල .. මම දැන් මේ ලියන්න හදන්නේ එව්වා ගැන නෙවේ .. 




මම සයිබරයෙන් සමුගන්නයි හදන්නේ .. :)  .. හිනා උනාට අවුල මචං ..  මම එකවුන්ට් අයින් කරන්නේ නැහැ .. ආයි  මේ බ්ලොග් එකත් කාලෙකට ලියවෙන එකක් නැහැ .. :) .. හෝව් හෝව් .. ඉන්න්ටකෝ හේතුව කියනකම් .. ඔය මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ තියෙනෙව නේද .. ඕක මහා එපාකරපු මාසයක් .. මට මේ පාර ඔය මාසෙදි සාපයක් සෙට් වෙනවා .. ඔව් අනී .. අපොස සා/පෙළ මෙව්වා එක .. :/ .. මක් කරන්නද නේද .. :) .. මම ඉතින් නමෝ විත්තියෙන් කොම්පුඋටරේ එහෙම කඩල බුකියෙන් එහෙම අයින් වෙන්නයි හදන්නේ .. :)  හිකිස් .. ඉහි ඉහි .. ඔව් බන් .. වෙනස් වෙලා බලමු මේ අමාරු වැඩේ ගොඩ දාගන්න මචං ...  හැමෝම කියනවා .. :) .. මේක ලිව්වේ Just එක ගැන කියන්න .. එහෙනම් මම ගිහින් එන්නම් .. ආයිත් එක්සැම් ඉවර වෙච්ච දවසට එන්නම් ඔහෙලා ඔක්කොම හම්බු වෙන්න .. එතකන් අනේ මාව අමතක කරන්න එපා .. :D .. ..  මම ආයිත් මේකට , බුකියට එන දවසට චකබ්ලාස්ට් කියල එකෙක් හිටිය කියල උබලට මතක තිබ්බොත් ඒ ඇති  මට .. :) ..   එහෙනම් මට හොදට පාඩම් කරලා එක්සැම් ගොඩ දාගන්න ඇහැක් වෙන්න කියල ඔයාලත් එක සිතින් ප්‍රාර්ථනා කරන්න ..  ගිහින් එන්නම් .. දුකයි .. ආදරෙයි අහස තරම් ...  ..  :(  



මුකුත් නොදන්නා පොඩි එකෙක් වගේ ( වගේ නෙවෙයි ..පොඩි එකෙක් තමා .. ) ඉස්කෝලෙට ආපු පලවෙනි දවසේ ඉදන් බල බලා හිටපු දෙයක් ..  ...සත්‍ය අත්දැකීමක් ... මේක උනේ මීට මාස තුන හතරකට කලින් ... X Ban කිව්වම ගම්පහ අවට අයනම් දන්නවත් ඇති ..ඔව් ..එක තමා ... ගම්පහ බන්ඩාරනායකේ අවුරුදු පහකට සැරයක් තියන ප්‍රදර්ශනය ... අපිටත් මේ පාර මේකට සහබාගි වෙන්න හම්බ උනා ..බලන්න නෙවෙයි .. දෙයක් හදන්න ... අපි කිව්වේ .. අපි ඔක්කොම දහ දෙනෙක් .. ඒ දවස් වලනම් දහ දෙනෙක් කියල දැනුනේ නැහැ .. දැනටත් එහෙම තමා ... කියන්න යන්නේ හදපු දේ ගැන නෙවෙයි ... වෙච්ච දේවල් ගැන ...

මතකයි මුලින්ම ලොකු රැස්වීමක් තිබ්බ .පිට්ටනියේ .... ඉස්කෝලේ ... මුළු  ඉස්කෝලෙම වගේ හිටිය ... අපි දහදෙනත් හිටිය ... මුලින් හිටියේ හයයි .. පස්සේ හතරක් සෙට් උනා .. රැස්වීමේ කිව්වේ හැමෝම මොකක් හරි හදන්න ඕනි කියල .. ප්‍රදර්ශනේට ...

 අපේ  පන්තියේ  දිනක දක්ෂයන් බිහිවන පසු පස පෝලිමේ හිටපු අපිට දැන් හදන්නේ මුකක්ද කියල හෙන ප්‍රශ්නයක් ... සමහරු විවිඩ දාර්ශනික මත පල කරපු අවස්ථාවද එමටයි .. ඒ අතර මමත් ලොකු ලොකු එව්වා සීන් එකට එන්ටර් කළා .. මුලින්ම කරලියට ආවේ රොබෝ කෙනෙක් ..ඒකට ඔක්කොම හරි .. අපි එකට අනුග්‍රහකයොත් හොයා ගත්ත .. ඒ උනාට අපි ගාව ප්‍රොග්රමේ කනෙක් හිට්යේ නැති නිසා වැඩේ ඇත අරිය .. සැලුනේ ලෑ සහෝදරයා ... තව ගොඩක් දේවල් තිබ්බ .. අපෙ හිටපු හොදම දාර්ශනිකය කිව්වේ එක්ටැම් ගෙයක් ගහමු කියල ... අන්තිමට ඒකත් අත් ඇරිය .. එකටනම් හේතුවක් දැනුනේ නැහැ .. හැබැයි පස්සේ එක වෙන කට්ටියක් කළා ..අපෙන් අදහස අරගෙන නෙවෙයිලු ඇ .. ( දන්නෝ දනිති ) ...
දැන් කට්ටිය අඩනවා ... හැදුවේ නැත්නම් මිස්ල චාටර් කරනවා ...පන්තියේ වැඩ කාරයෝ කොල්ලෝ නෙවෙයි කියල .. ඔය බයිට් එක මුලින්ම ඇල්ලුවේ අපේ විද්‍යාව මිස් ... ඒවා ගැන කතා කරලා වැඩක් නැහැ .. අන්තිමට අපිට දෙයක් හම්බු උනා .. එකනම් මේ මගේ අදහසක් තමා .. ඔව් ..ඒ උනාට මම තනියම කරපු දෙයක් නෙවෙයි .. මම එකෙන් භාගයක්වත් කලේ නැහැ .. මම කට්ටියට කිව්වා මෙලෝ යකෙක් මෙලෝ ආත්මෙකට කරන්න හිතන්නෙවත් නැති එකක් .. දන්නවාද ..මම අපේ එවුන්ට කිව්වා කාලය හරහා යන්න කාල යන්ත්‍රයක් හදමු කියල .. අපේ එවුන්ට හෙනම චූන් .. බඩ අල්ලාගෙන හිනා වෙනවා ..

 " අඩෝ උබට මාන්දමද බන් ... "

 "උබ මොනවද බිව්වේ .. අපිට ගෙනාවේ නැහැ නේ .. සමනලයා ..."

 " ඇ .. කාල යන්ත්‍රයක් කිව්වේ මොකක්ද බන් ".. ( අපේ හිටපු විද්වතෙක්ගේ අදහසක් )

 "අනේ පව් පොඩි එකා ... "

ඕන ඔහොමයි මගේ අදහසට රිප්ලයි ආවේ .. :3 .. මට වහ කන්න හිතුන ... මම වැඩේ අත්හැරිය .. පස්සේ ආයි  මම අපේ එවුන්ට පොර වගේ මේක ගැන දුන්න ටෝක්ස් වලට අපේ එවුන් වැඩේට බැහැ බැහැ කියල කැමති උනා ...

"එහෙනම් පටන් ගන්න තැනක් කියකෝ .. "

මම කලිනුත් කිව්වේ .. අපි සෙට් එක පන්තියේ හොදම ලමයි ටික කියල .. අන්න ඒ නිසාම ගොඩක් ටීචර්ලා .. අපි පන්තියෙන් එහෙම මේ වැඩ වලට යනවට ගොඩක් අකමැති උනා ..:P ..
...හ්ම්ම්  .. ඒ උනාට අපි වැඩේ කරන්න හිතා ගත්ත ..
අපි ඔන්න ෆෝම් එකක් එහෙම අරගෙන පිරෙව්වා .. අපි 6 දෙනෙක්ගේ නම් තමා මුලින් දැම්මේ ... පස්සේ කට්ටිය මදි වෙයි කියල හිතිලා ( ස්ටෙලා මිස් තමා අපිට කිව්වේ ගොඩක් කට්ටිය දාගන්න .. පස්සේ මදි වෙයි කියල ) අපි සෙට් එක 10 දෙනා දක්වා වැඩි කොලා .. අපේ ෆෝම් එකට අත්සන් කරගන්න කියල අපි විද්‍යාව මිස් ගාවට ගිය වෙලාව ගැන මම කියන්න කැමති ලෑ ... අපි වැඩේ පටන් ගත්තේ පරක්කු වෙලා නිසා අපේ ෆෝම් එක බාරගන්න බැහැ කිව්වා .. පස්සේ ස්ටෙලා මිස්ට කීල ශේප් එකක් දාගත්ත .. :D
අපිට තැනක් හොයා ගන්නත් මාර දුකක් විදින්න උනා .. කොහොම හරි ඔක්කොම අන්තිමේ ගොඩ ..

ඔන්න දැන්  එකා එකා ප්‍රදර්ශනේ වැඩ වලට කියල ඉස්කෝලෙන් එලියට යන්න පටන් ගත්ත .. ( අනිත් කොල්ලෝ ) ...කවදත් සීතලට බර අපේ සෙට් එකට අනිත් එවුන් එලියට යනවා බලන් ඉන්න බැරි උනා .. රොහාන් සර්ගෙන් ( ස්ටෙලා මිස්ගේ හස්බන්ඩ්)ලියමකුත් ලියාගෙන අත්සනත් ගහගෙන අපිත් ඉස්කෝලෙන් එලියට යන්න ( පනින්න) අවසර ගත්ත ... ඇ ..

අපිට ඉතින් හෙන සන්තොසයිලු දැන් .. රජ මගුල් .. :v .. ඔන්න දැන් අපේ එවුන් ගම්පහ රවුන් ගහන්න ගත්ත .. දවස් දෙකක් විතර නිකන්ම ගම්පහ ඇවිද ඇවිද ඉදල ඔන්න තුන්වෙනි දවසේ විතර අපිට මතක්වුනා X Ban එකට අපි මොකක්ද හදන්න ඉන්නවා නේද කීල .. ( ඔව් ඒ වෙද්දී නමත් අමතකයි ) .  ආ කාල යන්ත්‍රේ ඇ .. ^_^ ..  ඔන්න ඉතින් එහෙනම් දැන් තුන්වෙනි දවසේ විතර ඉදන් අපි වැඩේට බැස්ස ..

අපි ඕනි බඩු එහෙම හොයාගෙන වැඩේ පටන් ගත්ත .. බඩු හූයාගත්ත උනාට අපි හිතුව තරම් මේක සිගිති වැඩක් වුනේ ලෑ .. :/ .. අපි පටන් ගත්තේ ආතල් එකට උනාට පස්සේ වැඩේ සීරියස් උනා .. ඔව් .. :3 ..  අපි රේසර්ගත්ත මැසිම කරකවන්න .. යකඩ පොලු ඒ රේසර් වලට බැස්සුවා .. සමහර ඒවා බස්සන්න බැහැ .. පොල්ල ලොකු .නිසා . ඒ නිසා අපි රේසර් එකේ සිදුරු ලොකු කරලා වැඩේ කොරාගත්ත . ඔව් අපි වැඩකාරයෝ .. ^_^ .. අනේ අපරාදේ කියන්ට බැහැ අර ලේත් වැඩපලේ අන්කල් අපිට හෙන ආසාවෙන් හැලුප් කරා ...    සමහර බාස්ල අපෙන් සාල්ලි ගත්තෙත් ලෑ .. ඔවුන්ට පින් ඇ ..

අපි ඔන්න දැන් මැසින් එක හදන්න ඕනි Main පාට්ස් ඉස්කෝලෙට ගෙනල්ල අපිට දුන්න පන්තියෙන් එහෙම තිබ්බ .. හෑ .. දැන් මේක පාස්සන්න එපෑ . අපිට පාස්සන්න බැහැනෙ .. O.o .. ඔව් . අපි පාස්සන්න එක්කෙනෙක් එක්කන් ඇවිත් වැඩේ කොරාගන්න ට්‍රයි කළා .. අපේ එකෙක්ගේම අදුරන අයියෙක් .. අර අංජන  කියන එකාගේ . . අපි ට්‍රයි කරාට වැඩේ මැන්ට කරගන්න අමාරුවෙඋනා .. හේතුව අපේ මැසිමේ ප්ලැන් එක අප්සට් එකක් නිසා ..හැබැයි පාස්සන්න ආපු අයියනම් ඉස්පිරිතාලේ ගියා පෑස්සුම් කුර ඇහේ වැදිලා ..  අපි ඊට පස්සේ ප්ලෑන් එක ටිකක් කස්ටමයිස් කොරල වෙන එක්කෙනෙක්ට කීල කරාගත්ත ..

මම පොඩ්ඩක් කියන්නද  අපේ මැසිම හදන්න හිතන් හිටිය විදිය ගැන ( අන්තිමට හැදුනු විදිය )




ඔකේ ඔය තියෙන දොරෙන් මැෂින් එක ඇතුලට යන්න පුළුවන් .. ඔය දුබුරු පාටින් පාට කරලා තියෙන කොටසින් තමයි මසින් එක  බිත්තියට සෙට් වෙන්නේ ..  ස්ටේජ් එක යට සහ අර දුබුරු පාට එක ලග මසින් එකට ස\රේසර් සෙට් කරලා තියෙනෙව කැරකෙන්න... ඔව් මිනුස්සු ඇතුලේ ඉද්දියි කැරකෙන්නේ ..  එක පාරට පස් දෙනෙක් දම්මහැකි .. මැද තියෙන්නේ ඒ රේසර් දෙක එකට සෙට් වෙන පොල්ල විතරයි .. ඒ පොල්ලෙන් අපි ගත්ත ආතල් කියල නිම කරන්න බැහැ .. කෙල්ලෝ කීදෙන්ක්ගේ කොන්ඩ පැටලුනාද ඔකේ .. ^_^ .. අපි ඉතින් ලෙහුවා ,, :v .. ;)

හිකිස් . ඔන්න ඕකයි ප්ලෑන් එක ..  දැන් කොහොම කොහොම හරි අපි ඕක අටෝ ගත්ත .. :v ..

සැ:යු:  පාසල ඉදිරිපිට තිබු කෙත්සිසිල කඩේ වැහුවේ අපි ඒ කඩේට ගොඩක් බිස්නස් සෙට් කරපු නිසා බව ඉතා අභිමානයෙන් පරකාස කරන්නමු .. :3

Behind The Scene 01 :

 ඔය උඩ නැගගෙන ඉන්නේ අර අංජන කියන එකා .. දම් පාට එකෙක් ඉන්නවා නේද .. ඌ තමයි රවිතාල් කියන්නේ .. 

ඔය රවිතාල් කියන එකා වැඩේ වෙන අතරතුර වැල්ඩින් ප්ලාන්ට් එකේ තිබ්බ ඇසිඩ් හලලා මගුලක් කොරා .. 




----------------------------------------------------------------------------------------------------------



මේ ඉන්නේ අර මනකල් කියන .එකා . .. මූ හෙන පෙරේතයා .. කන්නමයි හොයන්නේ .. ටිකක් ලෝබය .. ඒ උනාට හොද එකා .. මොනවා උනත් සෙට් එකෙන් පන්තියේ රෑන්ක් එකක් ගහන ඩයල් එකක් ඇ .. ජය වේවා මචං .. 







_______________________________________________________________________________

මු හෙන දාර්ශනික ඩයල් එකක් .. නම කවිඳු .. ටිකක් පුංචි පහේ අගක් තිබ්බට හෙන කට මුගේ .. අවංක ගණන් කාරයෙක් ..






_______________________________________________________________________________

ආයිත් වැඩේට ඇ ..

 හෑ .. මම මැසිම ගැන කිව්වට මේකෙන් අනාගතේට යන්නේ කොහොමද කියල කිව්වේ නැහැනේ .. ඔව් දැන් තමයි එක කියන්නේ .. ඉන්නකෝ ඊට කලින් මසින් එක පන්තියේ ස්ථානගත  කිරීම ... :D


ඔය අංක එක ගහල තියෙන තැනින් තමා මැසිමට ඇතුල් වෙන්නේ .. දෙක ගහල තියෙන තැනින් තමා මැසිමෙන් එලියට එන්නේ .. ඇතුලට යන තනි එලියට එන තැනය එකිනෙකට පෙන්නේ නැති විදියට අටෝල තිබ්බ .. :D .. දෙකෙන් මැසිමෙන් එලියට ගියාට ඇතුල් වෙන්නේ අනාගතේට .. :D :v .. ඔව් .. ඔය හිස් ප්‍රදේශයේ අපි අනාගතේ හදල තිබ්බ .. කට්ටිය ඉතින් රස කර කර අනාගතේ බැලුව .. :3 .. අංක තුන ගහල තියෙන තැනින් අනාගතෙන් ආයිත් වර්තමානෙට ආවහැකියි ඇ .. :P ..


Behind The Scene 02 :



අපේ එකෙක් තීන්ත නාගෙන ඉන්න අවස්තාවක් .. සයිබර් ෂොට් කැම් එකක් නැතිවෙලේ .. :P .. ඉන්නෙනම් අර ඔමේෂ කියල එකෙක් ..  ඌ  ගැනත් කියන්නම් .. මොනවා උනත් හෙන හොද කිසිම ලැජ්ජාවක් නැතිව අතේ පැලවෙන බොරුකීමට උපං  හපන් අයෙක් .. :D .. මොනවා උනත් එල කොල්ලෙක් ..



___________________________________________________________________________




මේ තියෙන්නේ කට්ටිය මැසිමට නග්ගන තැන පොටෝ එකක් .. ඔය එක්සිබිශාන එකට කලින් දවසේ .. 





_________________________________________________________________________

මේ තියෙන්නේ අපි අනාගතේට හදපු එකක් .. අනිත් ඒවගේ පොටෝ නැහැ හොද ..



මේක ගැන කියන්නද .. මේක ඇත්තටම කියනවනම් පරීක්ෂණ මට්ටමේ තියෙන පාවෙන නගරෙක ආකෘතියක් .. අනාගතෙයේ ඇති වන ඉඩකඩ ගැටලුවට විසදුමක් තමයි මේක .. අපි මේක පා කරේ කොහොමද කීල අහන්නම් ..එපා  .. එව්වා ටොප් සීක්‍රට් .. ^_^




___________________________________________________________________________

අපි හදපු තව දේවල් ගැන කියන්නම් .. අපි හැදුව නැනෝ තාක්ෂනය උපයෝගී කරගෙන ටැබ්ලට් PC එකක් සහ පොන් එකක් .. ඒවා හැදුවේ නැනෝ වලින් කීවට අපි හැදුවේ වීදුරු වලින් .. :D .. ටැබ්ලට් එක මම ගෙදර ගෙනාව .. පොන් එක කවුරු ගෙනිච්චද කීල දන්නේ ලෑ .. :/ .. ආ ... මේ තියෙන්නේ එකේ Photo එකක් .. :v .. 

___________________________________________________________________________

ඔන්න ඔහොම ඉතින් අපි ඔක්කොම වැඩ ටික කරාගත්ත .. හුටස් පටස් .. දැන් ඔන්න එක්ෂිබිෂන් ඩේ එකත් ආවලු ඇ .. සිස් .. පලවෙනි දාස ඉතින් අපි වෙලුනාලු ඇ .. :/ .. අපි පුල් අප්සට් . ආ අපි තව ඇතුලේ පොඩි ප්‍රොජෙක්ටර් කට්ටක් සැට් කොරල වැඩක් දුන්නලු ඇ .. :D ..  ඒ උනාට ඉතින් කට්ටිය ලෑ අපේ එක බලන්න .. 

අපි හිතුව වැඩේ අපරාදේ බල්ලට ගියානේ කීල .. හනේ හම්මේ .. දෙවෙනි දවසේ ඉදන්නේ අපි මාකට් වුනේ ..  දන්නවද සමහර ආපු අය අන්තිමට අපෙන්ම අහනවා මල්ලි අර පෝස්ටර් ගහල තිබ්බ කාල යන්ත්‍රේ කොහෙද කියල ... ඔව් අපි පෝස්ටර් ගැහුවා .. :D .. ඔව් .. බල්ලොත් පස්සෙන් ආව .. ඒවානම් කතාකරලා වැඩක් ලෑ .. 


 වැඩේ මගක් යද්දී මේකේ ඉගෙන ගන්න දෙයක් නැහැ කීල ආපු එවුන්ට වගේම අපිටත් මීටර් .. හැබැයි මේක තරම් ආතල් සීන් එකක් ඉස්කෝලේ හය එකොළහ සෙට් එකේ තිබ්බේ නැහැ .. එක නිසා කට්ටිය ආවේ වැල කඩාගන්නේ නැතිව .. ^_^ .. 

ඇත්තටම විසේසෙන්ම කීනවානම් අපේ සහෝදර බාලිකා පාසල් දෙක තුනෙන් අපිට ලොකු බැකප් එකක් තිබ්බ .. :3 .. ගොඩක් අය කැරකිලා කැරකිල්ල හැදිලා එහෙමත් හිටිය .. ඔව් .. එක්කෙනෙක්ට වමනෙත් යන්න ගියා .. 

ප්‍රතිඵල : 

  • කෙල්ලෝ මැසිමෙන් වැටී බඩ ගෑම . 
  • කෙල්ලොන්ගේ කොන්ඩ බුල් රැසක් අප සතුව එකතුවීම .. 
  • කෙල්ලෝ කොන්ඩ පටලෝ ගැනීම .. ( අපි ඒවා ලෙහීම ) 
  • කොල්ලෝ බැන බැන යාම . 
  • එන එවුන්ට වඩා අපි ආතල් එකක් ගැනීම .. 
ඔව් .. කොල්ලෝ අපි හැලුවා .. :3 ..  කෙල්ලෝ ගැන හරියටම දන ගත්තේ මේකෙන් ඇ .. :P .. ඒවා කීනන ඕනි ලෑ .. දන්නෝ දනිති .. හනේ හම්මේ එහෙම ආතල් එකක් .. 

ආ . මෙන්න මෙහෙමයි මැසිමට නගින්න කලින් මම ආපු අයට දුන්න ටෝක් එක .. ( අක්කේ කීල කතේ කලේ ඇ .. )

මෙහෙමයි අක්කේ මේක කාල යන්ත්‍රයක් .. ඒ කියන්නේ මේක ඔයාලට අනාගතේ ට යන්න පුළුවන් විදියට අපේම අය හදපු මැෂින් එකක් .. අපි දැන් තව ටිකකින් ඔයාලව මැෂින් එකට දාල අනාගතේට යවනවා .. එතකොට ඔයාලට බලාගන්න පුළුවනි අනාගතේ මොනවගේද , මොනවද තියෙන්නේ කියල ..
ඔයාලගේ කවුරු හරි ඉන්නවනම් හාට් ඇටක් බ්ලඩ් ප්‍රෙෂර් එහම තියෙන අය නගින්න එපා මසින් එකට කරකෙද්දී අමාරු වෙයි ...  ඇතුලට ගියාම ඔය මද පොල්ල අල්ලන්න එපා එකේ පොඩි කරන්ට් එක එනවා කරන්ට් වැඩියි .. ඕගොල්ලෝ කොන්ඩේ ඉස්සරහට කරගන්න පැටලෙයි .. හදිස්සියක් උන්ටෝහැ නවත්වන්න ඕනි උනොත් කැරකෙන එක , හයියෙන් හූ කියන්න .. එතකොට පඅපි නවත්වන්නම් .. :D :D :D :D~!@#$%^&*()_+| .. ( කට්ටිය හොල්මන් , මට හිනා යනවා .. :P ) .. 

හනේ නම්මේ කියපු පච .. ඒවගේ Records නැති එකනම් හෙනම අපරාදේ .. හම්මියෝ ..


අපි ගත්ත ගොන් ආතල් වල සමරු සටහන් ... 


අපි  කඩු පයිට් .. ^_^
 අපේ එකෙක් පොඩි එකෙක්ට මරණ තර්ජන එල්ල කරන මොහොතක් .. :D 


_____________________________________________________________________________

ආ අපිට තව හොද හොද කොමෙන්ට් තිබ්බ කොමෙන්ට් ලියන්පොතේන තිබ්බ පොතේ .. ඔව් .. සමහර සමහර කෙල්ලෝ නොම්බරත් ලියල ගිහින් තිබ්බ .. අපි පොඩි නිසා ඒවා තේරුනේ නැහැ මොකටද ලියල තිබ්බේ කීල .. :v .. :D

තව ඕක ගැන කියන්න දේවල් ගොඩයි .. ආ ඉන්නකෝ .. මම අපේ සෙට් එකේ එවුන් ටික හරියටම කියන්න ..



ආ .. අපි අන්තිම දවසේ අනිත් ප්‍රදර්ශන කුටිවල අයත් එක්ක පොඩි මෙව්වා එකක් ගත්ත .. ( රෙදි ගලවීමකි .. )
මේ අර අර අක්කනේ .. 
මේ මද ඉන්න එකා අපේ සෙට් එකේ නෙවෙයි .. එහා පන්තියේ එක්ෂිබිට් එකේ හිටපු ලොකු එකෙක් . අපි එක්ක බර ෆිට් උනා ..


ඔන්න වැඩකාරයෝ ටික ... වෙච්ච දේවල් ඔක්කොම කියන්න ගියොත් මට එකට වෙනම බ්ලොග් එකක් ලියන්ට .වේවි . ..  මට හැගුනු විදියට අපේ ආතල් ඔක්කොම ලීව .. ආ .. වැරදුනා .  භාගයක්වත් ලීවේ නැහැ .. භාගයක් ලියන්න බහ .. ;) :P . .

වැඩේ ඉවර වෙද්දී පට්ට අප්සට් ඇ .. ආයිත් මේ වගේ ජොලියක් කවදා සෙට් වෙයිද .. ආයිත් X Ban එකක් එද්දී අපි ඉස්කෝලේ නැහැ .. කමක් නැහැ .. අපි එන්නම් එදාට ආයිමත් .. සෙට් වෙමු ඔක්කොම .. 

ඉස්කෝලේ සුන්දර මතක කවදාවත් අමතක කරන්න පුළුවන් වෙයි කීල මම හිතන්නේ නැහැ .. 


තව පොස්ටුවකින් සෙට් වෙමු .. ටටා .. 


සැහෙන කාලෙකින් බ්ලොග් පැත්තේ ආවේ ...  අම්මේ .. මට බ්ලොග් එකක් තිබුන කියල මතක් වුනෙත් අද උදේ .. :P  .. හිකි හිකි ..  මේ දවස් වල ඉතින් හෙන වැඩනේ අපිට .. විභාගෙත් ලගයි .. O/l කෙසේවෙතත් වාර විභාගේ වත් ගොඩ දාගන්න එපෑ .. :D   .. නැත්නම් ගෙදර වාසල හමාරයි .. ඉස්කෝලෙත් සති එකහමාරක්  විතර වහල තිබ්බ නිසා ගොඩක් මිස්වුන දේවල් තියේ .. :)  ..

අද ආවේ එක ගැන කියන්ට නෙවේ .. මට ජීවිතේ වැරදුන තැනක් ගැන කියන්න .. මම කෙනෙක්ව හැක් කළා .. එයා තමයි කියන්නේ මම එයාව හැක් කළා කියල .. ඒ උනාට ඇත්තටම වුන දේ දන්නේ මමනේ .. :P  .. මේකනේ වුනේ .. මගේ එල ෆිට් එකක් ඉන්නවා අම්පාර ලයින් එකේ .. මගෙත් එක්ක ෆිට් වුනේ බුකින්මයි ..  අපි දෙන්න හෙන ෆිට් එකේ හිටියා .. මගෙත් බොක්ක උගෙත් බොක්ක .. මම Fake වුනාට ඌ රියල් .. මූ දවසක් මට කීව එක ඩයල් එකක් ඌත වද දෙනවා කියල .. මම නිකන් ආතල් එකට වගේ උගේන් තව විස්තර ඇහුවා . ඌ කිව්වා අර වද දෙන ඩයල් එක ඌව හැක් කොරනවා කිව්වා කියල .. :P  .. 

මම ශේප් එකේ ඉතින් අරුගෙන් වදකාරයාගේ එකවුන්ට් එකේ ලින්ක් එක ඉල්ලා ගත්ත .. මම ඉතින් ඌ දුන්න ලින්ක් එකට ගිහින් ඒ එවකුන්ට් එකේ Username එක කොපි කරලා වෙන බ්‍රව්සර් එකක් Open කරාගෙන ෆේස්බුක් එකට ගිහින් ලොග් වෙන තැන Username එක ගහල Forget My Password දුන්න .. :P  .. :v  .. 

හප්පට සිලි .. මේක security වලට දාල තියෙන්නේ ප්‍රශ්න අහන සීන් කොන් එක .. ඇහුවේ උගේ පලව්නිම ගුරුවරයාගේ නම .. හෑ .. මම කොහොමද එක දන්නේ . මම ඒ උනාට නිකන් ආතල් එකට වගේ උගේ පලවෙනි නම ම ගහල බැලුව .. :D  .. අප්පට සිරි නොසිතු විරූ ලෙස උත්තරේ හරි කියල වැටුනා .. මම Password රිකවරි කොලා මගේ Email එකට .. (රියල් එකට ) ...  ඊට පස්සේ මම එකවුන්ට් එකට අලුත් පාස්වර්ඩ් ගහල ලොග් වෙන්ට හැදුවම බුකියෙන් කිව්වා එකවුන්ට් එක පැය 24 කට බ්ලොක් .. දවසකින් ඇවිත් ලොග් වෙන්න කීල .. :) ..  ඔන්න ඕකට තමයි අර වදකාරය හැක් කළා .කිව්වේ . :3

මම විස්තරේ මගේ යාලුවට කිව්වම ඌටත් හෙන හැපී .. :D  .. මම කිව්වා පැය විසිහතරෙන් පස්ස්වාර්ඩ් කියන්නම් කියල . 

පස්සේ ටිකකින් මූ කියනවා " අඩෝ වැඩේ මාට්ටු .. අරු නඩු දානවා කිව්වා කියල .. "  ..  මට දෙලෝ රත්වුනා ..   කොහෙන් කොහෙන් හරි අරුට මගේ රියල් Email එකත් හම්බුවෙලා ඌ මගේ රියල් ෆේස්බුක් එකවුන්ට් එකත් හොයාගෙන .. :P  .. ඌ මට කිව්වා පොලිසි යනවා කියල .. ෆේස්බුක් රියල් එකට මැසේජ් එකක් දාල .. ඌ මේ ගම්පහ පැත්තේම ඩයල් එකක් .. මම ඌව කොහොම හරි ශේප් කොරගත්ත .. දැන් මෑන් අවුලක් ලෑ .. මට තදින් උපදෙස් දුන්ට ඔව් .. මම ඒවා මෙතන කියන්න යන්නේ ලෑ .. ඌ ශේප් උනාට හිටපු ගමන් පොර ටෝක් දෙනවා තාමත් ..  අන්තිමට බැලින්නම් ඒ යකා අපේ අම්මවත් අදුරනවා ..  එක නිසා තමා ශේප් .. 

කොහෙන් කොහෙන් හරි මමත් මගේ අනාගතේට වැදගත් වෙයි කියල හිතෙන පාඩමක් ඉගෙන ගත්තේ .. ආයිනම් මේ වගේ ගොන් ආතල් ගන්නේ ලෑ ..  මම කොහොමත් එහෙම නරක ළමයෙක් නොවන විත්තිය කවුලුත් දන්නවනේ .. ^_^  ..  

මේක බ්ලොග් එකේ දැම්මේ උබලට බලල ** ඉරාගෙන හිනාවෙන්ට නෙවේ . බලල හැදියව් .. මම වගේ .. :/ 

ඔය හැක් කොරන එක එක මෙතඩ් ටෙස්ට් කරන්ට ඕනිනම් උබලගේම එකවුන්ට් හැක් කරාගනිව් .. මමත් මීට පස්සේ කරන්නේ එකම තමා .. -_- .. 

මම මේකෙන් තව දෙයක් ඉගෙන ගත්ත .. ඔව් .. එකත් කියන්නම් .. ලංකාවේ දැන් මේ වගේ වැරදි වලට නීති තියෙනෙවා .. මේ තියෙන්නේ  ලංකාවේ  ජන්ජාල අපරාද ගැන සොයාබලන SLCERT කියන අයගේ Web Site  එක ..   ඔයාට කවදාහරි මේ වගේ වැඩක් වුනොත් ඔයාට පුළුවන් මේ Site එක හරහා එක Report කරන්න .. පොලීසිය මගිනුත් පුළුවන් .. හැබැයි ප්‍රමාණවත් සාක්ෂි තියෙන්න ඕනි .. :D  ..  මේ වගේ දෙයක් ආයි කාටවත් නොවේවා .. 


ඔන්න ඕකයි නෝනා , මහත්තයෝ මට වුනේ .. හෑ .. කමක් නැහැ එකෙන් හරි පාඩමක් ඉගෙන ගත්තනේ .. වැඩේ ගස්සුනානම් මමත් අපරාදකාරයෙක් .. නිකන් නෙවෙයි .. සයිබර් ඇ ..

ටටා .. 
මගේ තාත්ත ... මට මතකයි දවසක් අපේ තාත්ත මාව ලස්සනට අන්දගෙන , මගේ අතින් අල්ලාගෙන මාව මගේ පළවෙනිම ඉස්කෝලේ දවසේ මාව ඉස්කෝලේ ගෙනිච්ච විදිය .. මාව පන්න්තියට එක්කන් ගිහින් මාව පන්තියෙන් ඉන්දවලා මාව ඉස්කෝලෙට බාරදීපු විදිය ... එදායින් පස්සේ හැමදාම මගේ අඩුපාඩු ගැන තාත්ත හොයල බැලුව .... මම ඉස්කෝලේ යන දවසෙන් පටන් ගත්තේ මට එතනින් ආපස්සට වැඩි මතකයක් නැති නිසා .. මම ඉපදුන දවසේ ඉදන්ම ගොඩක් මහින්සි වෙලා , මට හොද ජීවිතයක් හදාදෙන්න මගේ තාත්ත ගොඩක් කැපකිරීම් කරන්න ඇති .. අඩුවක් දැනුනේම නැ ..

අම්ම වගේ ආදරේ වැඩිය පෙන්නන්නේ නැති උනාට තාත්ත මට ගොඩක් ආදරෙයි කියල මම දන්නවා .. එක පෙන්නන්න ඕනි දෙයක් නෙවෙයි කියල තාත්තට හිතෙන්න ඇත්තෙත් සමහර විට මාව හොදට හදාගන්න ඕනි නිසා කියල මට හිතෙනේවා .. මම දඟ වැඩකරද්දී තාත්ත මට බැන්නේ , හිමිහිට පුංචි පාරක් දෙකක් ගැහුවේ මගෙත් එක්ක තරහට නෙවෙයි .. ඒ මාව හොද ළමයෙක් කරන්න ඕනි නිසා .. ඒත් ඉස්සරනම් තාත්ත ඒම කලාම මම තාත්ත එක්ක රණ්ඩුත් වෙලා තියෙනෙව ... ඒ ඉතින් නොදැනුවත් කමට කියාලා තාත්තත් දැනන් ඉන්න ඇති .. දැනුත් සමහර වෙලාවට මම රණ්ඩු වෙනවා .. ඒත් පස්සේ මට දුක හිතිලා මමම කතාකරනවා .. එතකොට තාත්තත් මාත් එක යාලුවෙක් වගේ කතාකරනවා .. ඇත්තටම මට මගේ තාත්ත යාලුවෙක් වගේ .. මට විතරක් නෙවෙයි .. මගේ අයියටත් ... 

අද මගේ තාත්තගේ උපන්දිනේ .. මමත් හැමදාම පුරුදු විදියට තාත්තට අදත් තෑග්ගක් දුන්න ..  හි ..  ඒ උනාට මට මගේ හිතේ ඇත්තටම තාත්තට තියෙන ආදරේ ගෞරවේ ඒ වගේ තෑග්ගකින් පෙන්වන්න බැහැ .. මම කවදාහරි එක කොහොම හරි තාත්තට ඒත්තු ගන්වනවා ... මම කවදාහරි තාත්තට ආඩම්බරවෙන්න පුළුවන් විදියේ පුතෙක් වෙනවා .. :)   ...

 මගේ තාත්තට සුබම සුබ උපන්දිනක් වේවා ! ..   ඔයාලත් මගේ තාත්තට සුබ උපන්දිනක් ප්‍රාර්ථනා කරන්න ....

මතු භවෙදිත් ඔබ මගේම පියාණන් වේවා .. !
කුරුණෑගල ජෝන් කොතලාවල ඉස්කෝලේ සිසුවියක් ෆේස්බුක් හුටපටයකට දිවි තොර කරගනියි .. මලා ජෝන් .. මීට දවස් දෙක තුනකට කලින් කොහෙත් ඇහුනේ ඕකනේ .. ඇයි ... ඒ විතරද .. "ෆේස්බුක් මගින් අදුනාගත් පෙම්වතා සමග දොස්පවරා ගැනීමේ ප්‍රතිපලයක් ලෙස එක්දරු මවක් ගෙල වැලලාගෙන මිය යයි .. " .. තව ගොඩක් තියෙනෙව .. " ඇල්පිටිය - පිටිගල - පොකුණුවලකඩ - පැලවත්ත පාර ප‍්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි දිනේෂා තිලක්ෂි නැමති තරුණියයි අද උදෑසන සාරියකින් ගෙළ වැළලාගෙන සිය නිවසේදී ජීවිතක්ෂයට පත්වී ඇත්තේය . " .. හපොයි .. ලංකාවට ගිය කලක් .. මොකෞනත් අහිංසක ජීවිත තමා .. ඒ උනාට ඉතින් ඒ මිනුස්සුන්ගේත් මෝඩ කම .. සංවේදී වැඩි බව .. දරාගැනීමේ ශක්තිය හීන බව .. ඔන්න දැන් මට අපේ අම්මත් බනිනවා .. ෆේස්බුක් මහා ජරාවක් කියල .. ලංකාවේ විතරද ෆේස්බුක් තියෙන්නේ .. තව කොචහර රටවල මේක පාවිච්චි කරනවද මිනිස්සු .. ඒත් අපේ අය එක පාවිච්චි කරන විදියයි වැරදි .. ෆේස්බුක් විතරක් නෙවෙයි .. හැම දෙයක්ම වගේ .. ෆෝන් .. කට්ටිය දන්නේ නැති උනාට skype .. Vidio call .. අපේ ගණන් ක්ලාස් එකේ සර් මෙහෙම කිව්වා ..
මමත් දැක්ක ඔය ගැනුලමය ෆේස්බුක් නිසා මැරිලා තිබ්බ කතාව .. දැන් මොකෝ වෙලා තියෙන්නේ .. ප්‍රින්සිපල් හිරේ .. ළමය අපායේ .. ඇයි ඉතින් සියදිවි හානිකරගත්ත එකෙක් දිව්‍යලෝකේ යයි ඇ .. දැන් ප්රින්සිපල්ගේද වැරැද්ද .. අනික ඒ කෙල්ල දිහා බලපුවාම ඒ කෙල්ලගේ ටයිටල් එකත් හිතාගන්න පුළුවන් ..පොඩි ඉස්කෝලේ යන කෙල්ලෙක් නියපොතු පාටකරන් , අයිබ්‍රෝ හදල , ඉන්න විදියට ... ඒ ළමයා මොනවගේ චරිතයක් තියෙන කෙනෙක්ද කියල හිතාගන්න පුළුවන් ..      -චන්දන සර් -

අත්තක් තියෙනෙව නේද .. ඒ අම්මයි තාත්තයි ගැන ටිකක් හිතුවනම් .. දැන් මේක අර විල්සන් බැග් ජනප්‍රිය උනාවගේ නේ .. හැමෝටම මේක ට්‍රෙන්ඩ් එක වෙලා .. මාධ්‍ය මගින් මේවා ගැන හැමතැනම කියද්දී මේ වගේ දේවල් වලට ප්‍රශ්නවලින් පෙලෙන අයගේ අවධානය යොමුවෙනවා වැඩියි ..හැබැයි සාරිවලටනම් හොදයි කලක් යයි වගේ .. 

මේ වැඩෙන් අනිත් ලමයිටත් අසාධාරණයක් වෙන්නේ නැද්ද .. වැරද්දක් පෙන්වා දුන්නේ ගුරුවරුන්ට මෙහම ප්‍රශ්න එද්දී , අනිත් ගුරුවරුත් ළමයින් ගැන හොයන එක අඩුවෙන්නේ නැද්ද .. ළමයින්ගේ දෙමව්පියන්ට නොදෙවෙනි සේවයක් කරන ගුරුවරුන්ට මෙහෙම දේවල් වෙද්දී ඔවුන් ළමයිගේ වැරදි හමුවේ නිහඬව ඉන්න උත්සහ කරනවා .. එක ළමයින්ට ලොකු පාඩුවක් .. මගේ අම්මයි තාත්තයිත් ගුරුවරු නිසයි මම මෙහෙම කියන්නේ ..  අර ප්රින්සිපලවා හිරේ යවන්න හදන කොටසක් වගේම , ඔහුව බේරාගන්න හදන කොටසකුත් ඉන්නවා කියල දන්නවද .. ඒ ඉස්කෝලෙම .. පුදුමයි .. 

ඇ .. දැන් මහින්ද මාමා ෆේස්බුක් තහනම් කරන්නලු යන්නේ නේ .. පව් මාක් අයිය .. ලංකාවේ අය ෆේස්බුක් යන එක නැවතුනොත් මාක් සකර්බර්ග්ට කොච්චර පාඩුවක්ද නේ .. හැක හැක .. මට හිනා .. රටක් විදියට ගත්තොත් ලෝකේ තුන්වෙනියට වැඩිම ජනගහයක් ඉන්න රටට ලංකාවේ අය නැතිව යන එක හරියට ගමක් නැතිවුනා වගේ තියෙයි .. හරි බොළඳ අදහසක් ... මේ ගැන අපේ අයිය මෙහෙම කිව්වා .. 

ඉස්සර ලියුම් නිසා කොල්ලෝ කෙල්ලෝ බෙල්ලේ වැල දාගත්තේ නැද්ද .. කෝ එහෙනම්ලියුම් තහනම් කරන්න තිබ්බනේ .. ෆෝන් නිසා බෙල්ලේ වැල දාගත්තේ නැද්ද .. කෝ තහනම් කොරාද ෆෝන් .. එස්.එම.එස්. තහනම් කොරාද .. ඒ උනාට ෆේස්බුක් තහනම් කරන්න යන්නේ .. 


ඒ ගැන කතාකරලා වැඩක් නැහැ .. හරියට හැදුනේ නැති එකෙක් දෙන්නෙක් නිසා ගොඩක් වටිනා දේවල් විනාස කරන එක ???  ( ඔයාම කියන්නකෝ .. )

මම විරුද්ද මතදාරියෙක් කියල හිතන්න එපා .. මම කීවේ මගේ අදහස .. ගිහින් එන්නම් .. 

වෙනුෂ ඇතුළු හැමෝටම නිවන්සුව ප්‍රාර්ථනා කරමි .. 

ගිහින් එන්නම් ... 



හැක හැක .. මේකනම් ආතල් වැඩේ ඇ .. මෙන්න බලහල්ලකෝ හොරුන්ගෙත් හොරු කම්බා හොරු .. මුන් සයිබරේ හොරු .. මම පොලිස් නෙවෙයි ඇ .. මේ කියන්න යන්නේ තමන්ගේ දෙයක් කරගන්න බැරි කොන්ද පණ නැති එවුන් ටිකක් ගැන ...එක්කෙනෙක් Site Money Lot කියන බ්ලොග් එකේ අයිතිකාරයා ... අනික් පුද්ගලයා  මේ හිරුනෙත් ජී එස් එම කියල බ්ලොග් එකක අයිතිකාරයා .. අනික් එක්කෙනා මේ හිරුනෙත් කියල බ්ලොග් එකක එක්කෙනෙක් ... :P   ..

බලන්නකෝ කොපි කරලා තියෙන හැටි ..

මුලින්ම ඔය Site Money Lot එකේ එක්කෙනා මගේ අර Free SMS ගහන විදිය ගැන ලියල තිබ්බ පෝසට් එක කොපි .කොරලා .. එයාට  වෙන මාතෘකාවක් වත් දාන්න තරම් හැකියාවක් නැති එක්කෙනෙක් .. :P   ... පව් .. ගිහින්ම බලන්නකෝ ..

මගේ ඔරිජිනල් පෝස්ට් එක : නැති බන්ගස්තාන් වෙන්න Free SMS ගහමු .

කොපි කරපු එක්කෙනාගේ පෝස්ට් එක :  නැති බන්ගස්තාන් වෙන්න Free SMS ගහමු ..

හැක හැක .. පොටෝ එකත් එහෙම්මම උස්සල ... බලන්න පෝස්ට් දෙකේ වෙනසක් තියේද කියල .. මෙන්න ඊලග සීන් එක බලන්නකෝ .. මේ Site Money lot කියන සයිට් එකේ තියෙන මගෙන් උස්සල දාපු පෝස්ට් එක තමයි අර හිරුනෙත් ජී එස් එම කියන බ්ලොග් එකේ දාල තියෙන්නේ .. එකනම් ලෝක හොරෙක් ... හැබැයි එකටනම් මාතෘකාව  එහෙම වෙනස් කරන්න හරකට වගේ සුට්ටක් මොලේ තිබිල තියෙනෙවා ...

මෙන්න එයාගේ හොර පෝස්ට් එක : Free SMS ගහමු ..

හැබැයි පෝස්ට් එකේ ඇතුල මගේ එකමයි .. අනේ අම්මපා මෙහෙමත් හොරු .. මටනම් හෙන ආඩම්බරයි ඇ .. මගේ බ්ලොග් පෝස්ට් කොපි කරන්නේ ඒවා ගොඩක් වටිනා ඒවා නිසානේ ... ( Feeling Proud ^_^ )  ...  හිකි හිකි ..

කමක් නැහැ ඉතින් .. කොපි කරපු අයට අර මගේ Adfly එකෙන් Short කරපු ලින්ක් එක අයින් කරන්න බැරි වෙලා .. ඒ නිසා මටත් ලාබයි .. :D  ..

හැක හැක .. මොනවා උනත් ඉතින් මේවා ගැනුවත් නොකරන පිරිමි කමටත් නින්දා කරන නපුන්සක වැඩ .. මාර හොරු .. මටනම් හැබැයි මේ ගැන මතක් වෙද්දීත් දැනෙන්නේ ලොකු සතුටක් .. මම සාර්ථකයි ...

මේ තව එකක් .. අර මම හැමෝටමFacebook Event වලට Page වලට Invite කරන්න පුළුවන් Java Script එකක් ගැන කියපු Post එක .. එකත් වෙන එක්කෙනෙක් කොපි කරලා .. :P

මගේ එක :  Page වලට Event වලට ඔක්කොම යාලුවන්ට Invite කරන්න .. 

කොපි කරපු එකාගේ එක :   මේකෙන් පුළුවන් ලේසියෙන්ම ඔයාගේ Facebook Fan page එකකට ලයික් කරන්න කියල , තව මොකක් හරි Facebook එකේ Event එකකට සහභාගී වෙන්න කියල ඔයාගේ යාලුවන්ට Invite කරන්න ..

මෙව්වා ගැන කතාකරලා වැඩක් නැහැ .. මුන්ට පැවැත්මක් නැහැ ... අනී අනිච්චන් .. හිකි හිකි .. මේ බ්ලොග් වල ගොඩක් තියෙන්නේ කොපි කරපු පොස්ටු ... 

මම මේවා කිව්වේ මේගැන අනිත් අයවත් දැනුවත් කරන්න  ... තමන්ගේ දෙයක් කරන්න උත්සහ කරපල්ලා බන් ... කොන්දක් නැති නපුන්සක වැඩ කරන්න එපා ..දැන් ඉතින් අහක යන අය තොප්පි දාගන්න යන්නත් එපා ඇ ..  හැ ..

මම මේ බයේ ඉන්නේ මේ Post එකත් කොපි කොරයිද කියල .. :P   .. අනිත් පැත්ත හරොල ... හිකි හිකි .. 


ටටා බායි .. !

වැලන්ටයින් දෙදහස් දාහතර .. නේද ඇ .. ලව් එහෙමත් නැත්නම් ආදරේ කරන අය වෙනුවෙන් වෙන් උණු දවස .. පෙබරවාරි 14 ..හැක හැක .. මේ වැලන්ටයින් එකටත් මම සිංගල් ඇ .. :P  .. 

ගොඩක් අය ඔය වැලන්ටයින් සමරුවට ඔකේ තේරුම දන්නේ නැහැනේ .. දැන් පොඩ්ඩක් හිතල බලන්න  කියල මේ වැලන්ටයින් කියන එකේ තේරුම ඔයා දන්නවද කියල .. මම හිතන්නේ ලව් කරන ගොඩක් අය දන්නේ නැහැ .. මේ වැලන්ටයින් කියන්නේ කතෝලික ශුද්දවන්තයෙක් ... සාන්තුවරයෙක් කියන්නේ දෙවියන් වහන්සේට ඉතා බගපත්ව , ශුද්දවන්තව ජීවත් වුන කෙනෙක් .. මේ  වැලන්ටයින් සාමිවරයා ජීවත් වෙලා හිටපු කාලේ රජා එයාගේ අධිරාජ්‍ය ලොකු කරගන්න සැහෙන කට්ටක් කාපු එක්කෙනෙක් .. මේ නිසා මේ ගොන් රජා රටේ ඉන්න හැම කෙනෙක්ටම හමුදාවට බැදිලා යුද්ද කරන්න කියල නියෝග කරලා තියනෙවා .. යකෝ හරි වැඩක්නේ නේද .. මේ යුද්ද වලට බැදපු එවුන් ගත්තම රටේ පවුල් අනාත වෙන නිසා රජා මිනිස්සුන්ට කසාද බැදීම තහනම් කරලා තියෙනෙවා .. දෙයියනේ ඉතින් මේ යුද්ද නිසා ගොඩක් පෙම්වතුන්ට තමාගේ පෙම්වතියත් , පෙම්වතියන්ට තමාගේ පෙම්වතුන්වත් අහිමි වෙලා තියෙනෙවා .. පව් නේද .. ඔයා ආදරේ කරන කෙනෙක්නම් ඔයාටත් දැනෙයි කවදාහරි ඔයාට එයා නැතිඋනොත් දැනෙන දුක  .. ඒත් ඉතින් එහෙම වෙන්නේ සත්‍ය අවංක ආදරේ කරපු කෙනෙක විතරයි .. ඔයාත් හිතල බලන්න ඔයා එහෙම කියල .. ඉතින් කතාවේ ඉතුරු ටික .. 

දැන් මේ වැලන්ටයින් කියන පුජකවරයා ,එහෙමත් නැතිනම් සාමිවරයා මෙහෙම තරුණ ජීවිත විනාස වෙන්න නොදී රජුට හොරෙන් අහිංසක පෙම්වතුන් එකිනෙකාට විවාහ කරලා දීල තියෙනෙවා .. පස්සේ කොහොම හරි මේ වැඩේ ලීක් වෙලා රජාට මාට්ටු වෙලා වැලන්ටයින් සාමිව සිරබාරයට අරගෙන තියෙනෙවා ... පස්සේ ඔය පෙබරවාරි 14 දවසක මේ පෙම්වතුන් වෙනුවෙන් කැපවුන ඒ මහා සුද්දවන්තයාගේ හිසගසා දමලා මරල .. ඔන්න ඕක වෙනුවෙන් තමයි එතුමාව සිහිවෙන්න පෙබරවාරි 14 දිනය ලෝක පෙම්වතුන්ගේ දිනය ලෙස එනම් වැලන්ටයින් ඩේ කියල නම් කරලා තියෙන්නේ .. වැලන්ටයින් ඩේ කියන එක වැරදියි .. හරි වචනේ වැලන්ටයින්ස් ඩේ .. ඒ කියන්නේ වලන්ටයිනේගේ දිනය ..



එහෙනම් ඔය ලොකුවට අයි ලව් යු මගේ පන කියාගෙන වැලන්ටයින් සමරන අයියල අක්කල , නංගිලා මල්ලිලා දැනගන්න ඇයි ඔයාල මෙහෙම දිනයක් සමරන්නේ කියලා .. පින් දෙන්න වැලන්ටයින් සාමි තුමාට .. ඔයාලට  අද ඔය මල් පොකුරක් අරගෙන ගිහින් එයාව බලන්න විසේස දවසක් තියෙන්නේ ඇයි කියලවත් මතක තියාගන්න ... අනික ඔය ඔයාගේ පන දෙන්න යන ආදරේ එක දවසකට සීමා කරන්න එපා . .එදාට විතරක් එයාගැන විසේසයෙන් බලන්න එපා .. හැමදාම එයාව විසේස කෙනෙක් කරගන්න .. අනික වැලන්ටයින් එක වැල ටයින් කරගන්න එපා .. එක ලොකු පාපයක් .. මාකටින් වුන තෑගී දීල එයාව සතුටු කරන්න එපා .. ඒවා භෞතික දේවල් .. ආත්මීය වශයෙන් දෙයක් දෙන්න උත්සහ කරන්න ...


ඔය කවුරු කොහොම කිව්වත් මටනම් මේ පාර පෝය ඇ ... :D 


එහෙනම් හැමෝටම චකස් මල්ලිගෙන් හැපී වැලන්ටයින් එකකට ආසිරි ඇ .. ලව් කරන නොකරන හැමෝටම .. :D  ..

හායි හායි ඇ .. කොහොමද කොහොමද ඇ ... ඔන්න අද මම ආවේ ගොඩක් වැදගත් දෙයක් අරගෙන .. අද මම කියල දෙන්නම් කොහොමද ඔයා ඔයාගේ Blog එකට බ්ලොග් පෝස්ට් එකක් දැම්මම එක ඔයාගේ Facebook Fan Page එකේ ඔටෝම වැටෙන්න හදන්නේ කියල .. හැ .. ඉස්සර මේකට ක්‍රමයක් තිබ්බ මේ Page එකේ Note දාන තැනින් දාන මුකක්ද ට්‍රික් එකක් .. ඒත් දැන් ඒ ක්‍රමේට මේ වැඩේ කරන්න බැරිද කොහෙද ..  :/
දැන් මේ වැඩේ කරන්න මේ පොඩි Facebook App එකක් තියෙනෙව .. ඔව් ..මම කියන්න යන්නේ ඒ App එක ගැන තමා .. 

මේකේ නම තමා RSS Graffti ..ඇ .. ඔව් .. මේකෙන් ඔයාට මම අර කලින් කිව්වා වැඩේ ලෙසටම ගොඩ දාගන්න පුළුවන් ...හරි .එහෙනම් මම කියන්නද ..

>>  ඔයා මුලින්ම මෙන්න මෙතනින් ඒ App එකට යන්න  ..

>>  එතකොට ඔන්න ඔයාට එන Page එකේ මම ඔය රතු පාටින් කොටු කරලා තියෙන එක වගේ Button එකක් ඇති " Add New Publishing Plan " කියල .. :) අන්න එක උඩ ක්ලික් කරන්න ..




>>  අන්න ඒ එතකොට එතනම වම පැත්තේ පොඩි කොටුවක් එයි Fill කරන්න .. අන්න එකට ඔයාගේ Blog එකේ නම දාන්න ...( මම දැම්මේ චකබ්ලාස්ට්ගේ ලෝකය කියල .. )

>>  ඊට පස්සේ එතනම තියෙන " Create Publishing Plan " කියන එක උඩ ක්ලික් කරන්න ඇ .. 

>> එතකොට මම පහල ඔය පහල දාල තියෙන පුතෝ එකේ වගේ Page එකක් ඔයාලට පෙනෙයි .. ( චකබ්ලාස්ට්ගේ ලෝකය කියන එක වෙනුවට ඔයා දාපු ඔයාගේ Blog එකේ නම වැටෙයි ඇ ) 




හරි දැන් ඔයාට ඉතුරු වැඩ ටික කරගන්න ඔයාගේ Blog එකේ RSS ලිපිනය හොයාගන්න ඕනි ..Feed Burner වලින් ..

එක කරන හැටි මම කලින් අර බ්ලොග් පෝස්ට් ෆෝන් වලට යවන හැටි කියා දුන්න ලිපියේ කියල දීල තිබ්බ .. ඒ ලිපිය බලන්න මෙතනින් යන්න .. 

>>  ඊට පස්සේ Add Source කියන බටන් එක ක්ලික් කරන්න .. දැන් ඔයාගේ Feed Burner RSS ලිපිනය කොපි කරලා මම ඔය මම රතුපාටින් කොටු කරලා තියෙන තැන පේස්ට් කරන්න ..





>>  දැන් ඔයාට ඊලගට ඔය මම පහල දාල තියෙනවා වගේ Page එකක් පෙනේවි ..




>>  එකේ මුකුත්ම වෙනස් නොකර පහල තියෙන Save කියන බටන් එක ඔබන්න ..

>> දැන් ඔයාට පේනවා ඇති මම අර දෙවෙනි පින්තුරේ දාල තිබ්බ ඔයාගේ බ්ලොග් එකේ නම වැටෙන තැනට යටින් ආයිත් ඔයාගේ Blog එකේ නම වැටිලා තියෙනෙව ..

ඒ කියන්නේ දැන් වැඩෙන් බාගයක් ඉවරයි ..දැන් ඉතුරු ටික ..

>>   දැන් එතනම එහා පැත්තේ ඔයාට පේනවා ඇති Add Target කියල බටන් එකක් .. එක ක්ලික් කරන්න ..දැන් ඔයාට එයි මෙන්න මෙහෙම එකක් .. එකෙන් Facebook කියන එක උඩ ක්ලික් කරන්න .. 




>>  එතකොට ඔය පහල තියෙනෙව වගේ Page එකක් පෙනෙයි ඔයාට .. එකෙන් ඔය මම රතුපාටින් කොටු කරලා තියෙන එකෙන් ඔයාගේ Fan Page එක තෝරන්න .. එතනම එහා පැත්තේ ඇති ඔයාගේ Fan Page එකේ නම දෙපාරක් වැටිලා වරහන් ඇතුලේ page කියල වැටුන එකක්කුයි user කියල වැටුන එකක්කුයි දෙකක් .. අන්න එකෙන් Page කියන එක තෝරලා පහල තියෙන save බටන් එක ක්ලික් කරන්න ..




>>   දැන් ඔයාට ආයිත් මම පහල දාල තියෙනෙව වගේ Page එකක් පෙනෙයි .. අන්න එකේ ඔය තියෙන Off කියන එක උඩ එක පාරක් ක්ලික් කරලා On කියන එකට දාන්න .. :) 




ඔන්න එහෙනම් දැන් වැඩේ ඉවරයි .. ඔයා දැන් ඔයාගේ බ්ලොග් එකට පෝස්ට් එකක් දාපුවාම ඔයාගේ Facebook Fan Page එකේ එක වැටෙයි .. ලින්ක් එකත් එක්කම .. 
ඔව් ඇ . ෆොටෝ කොමෙන්ටුත් ඔට්ටුයි ඕන් ඇ .. [img] ඔයාගේ Image එකේ ලින්ක් එක [img]
හිකි හිකි .. 

එහෙනම් වැඩේ ගොඩ දාගෙන කොමෙන්ට් එකක් එහෙමත් දාලම යන්න ඇ .. ප්‍රශ්න තියේනම් එකත් කොමෙන්ට් එකක් දාලම අහන්න ..මම දන්නා විදියට උදව්වක් කරන්නම් .. :)

මේ ..මේ වගේ Blog එක ප්‍රොමෝට් කරන තව සීන් දෙක තුනක් ලියල තිබ්බ .. ඒවත් බලන්නකෝ .. වැදගත් වෙයි ඔයාට ..

-->  ඔයාගේ බ්ලොග් එකට Android App එකක් හදමු ..


-->  ඔයාගේ Blog පෝස්ට් යාලුවන්ගේ Phone වලට යවමු ...



හෙනම් මම ගියා .. ආයිත් සෙට් වෙමු .. 

ටටා .. ජය වේවා .. !

හායි හූයි .. කොහොමද ගොබ්බසේනල සෙට් එකට ඇ ... දුකින් ඉන්නවා නේද .. මේ  කතාවක් කියන්නද ... අපේ ගෙවල් පැත්තේ එකෙක් මේ ලගදී වාහෙනෙට පෙට්‍රල් ගහල ... ඊට පහුවෙනිදා උන්ගේ ගෙට ඉස්සරහ ගෙදර එකා ලොකු ලොරියකට හැප්පිලා මලා ..   :/   .. (  මම ඉන්නේ පිටිපස්සේ ගෙදර .) .දැන් ඌ අපේ තාත්තට වාහනේට තෙල් ගහන්න දෙන්නේ ලෑ ... :3 ... හරි හරි .. පච කිව්වා ඇති ..

මම දැන් කියන්නම් මොකටද මම ආවේ කියල .. අද මම කියල දෙන්නේ  අලුත් වැඩක් .. :D .. .ඔව් .. ඔයාල දැක්කද මම මේ Blog එකට හදපු Android app එක ... ඇ ... එක ගත්තේ නැත්නම් මෙතනින්  ගිහින් ගන්නකො .. :) .. ඔව් ඔව් .. අද මම කියල දෙන්නේ ඔයාගේ Blog එකටත් කොහොමද Android app එකක් හදා ගන්නේ කොහොමද කියල .. :P .. ආසද ... මෙන්න මෙහෙමයි ..මේ  වගේ එකක් හදා ගත්තම ඔයාගේ Blog එකට විසිට්ස් වැඩි වෙනවා .. (අත්දැකීමෙන් කියන්නේ .) ඔයාගේ Blog එකට  අනිත් යට ඉක්මනටම එන්නත් පුළුවන් .. ඒ වගේද ඔයා app එකක් හැදුවයි කිව්වම තයෙන ලල් එක .. හෝකැස් ...එහෙනම් පණ්ඩිත ටෝක්ස් මුල්ලක තියල theory වලට බහිමු .. :3 ..

මේක කරන්නේ සයිට් එකකින් ... එයාලට අපි  පොඩි විස්තර ටිකක් දුන්නම එයාල අපිට app එක හදල දෙනවා ... :D ...එහෙනම් පටන් ගම්මු .. :D

 -->  එහනම් ඔයා මුලින්ම ඒ  සයිට් එකට මෙන්න මතැනින්  යන්නකෝ ..

--> එතකොට ඔයාට එනවා නේද ඔය මම දාල තියෙනෙව වගේ වෙබ් පිටුවක් ...




-->  හරිනේ ..අන්න එකේ ඔය තියන ඒවා පුරවන්න ... පින්තුරේ බලන්න ...  පිරෙව්වට පස්සේ ඔය දකුණු පැත්තේ තියන කළු පාට  කොටුව ක්ලික් කරලා ඔයාට ඕනිනම් Preview එකක් බලන්න පුළුවන් ... :D


--> ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ පේජ් එකක් එයි ..



-->    එක්දි ඔයාට කලන්න තියෙන්නේ එකවුන්ට් එකක් හදා ගන්න .. ඒ අහල තියෙන විස්තර පුරවල  Submit   කියන බටන් එක ඔබන්න .. :D


   හරි දැන් වැඩේ හරි .. ඔයාගේ app එක හදල ඉවරයි ... දැන් ඔයාට පහල වගේ පේජ් එකක් එයි .. ( පින්තුරේ )



ඔය මම කොටු කරලා තියන ලින්ක් දෙකෙන් ඔයාගේ app එක ඕනි කෙනෙක්ට බාගන්න පුළුවන් .. ඇ ..ඔන්න එහෙනම් දැන් ඔයත් app developer කෙනෙක් ඇ .. :P .. හදපු හැටි ඉතින් කවුරුත් අහන්නේ නැහැනේ .. ඔයාට  ගොඩාක් සල්ලි තියෙනේවනම් Doller 25 දීල ගුගල් Play
එකේ එකවුන්ට් එකක් හදල ඔයාගේ app එක එකටත් දාන්න ... :D ..


එහෙනම් වැඩේ හරිනේ .. මම කැපුන ඇ ..බකන්නිලන් ඉන්නේ නැතුව කොමෙන්ට් එකක් දාල යන්න ඇ  .. Share කලත් කමක් නැහැ ඉතින් .. :D .. අහ . මගේ app එකත් මෙතනින් බාගන්න  ඇ ...

එහෙනම් ජය වේවා .. ! 


ඇ ..කාලෙකින් නේද .. කොහොමද ඔයාලට ඇ .. මමනම් ඉතින් ඔය අම්මල දෙන දෙයක් කාල .. පිනක් දහමක් කරගෙන ඉන්නවා .. දන්නේ නැද්ද ...
හරි .. ඔන්න ටික කාලයක් සයිලන්ට් එකේ ඉදල මම ආයිත් පෝස්ට් එකක් ලියන්නයි යන්නේ ...ඇ ...ඉතින් ඔයාලට මොකෝ නේද .. :/ :p ඔයාලට මගේ බ්ලොග් එකේ වෙනසක් තේරුනේ නැද්ද .. අමුතු වදකාරයෙක් ඇවිත් වගේ ... යන යන තැන පස්සෙන් එන එකෙක් ...ඔව් ඔව් .. ඌ තමා .. ඔය නිල්පාට එකා .. ඔව් ..ඔව් .. කුරුල්ලා තමා .. :P ...

එහෙනම් ඉතින් මීටර් ඇතිනේ කියන්නේ යන්නේ මොකක්ද කියල .... ඕකව මීට කලින් දැකල ඇති ... ඕක තමා Twitter සයිට් එකේ ලාංචනය ... ( හරිද මන්ද ) ... Twitter  කියන්නේ කවුරුත් දන්නවා වගේ සෝෂල් නෙට්වර්ක් එකක් ... දන්නවනේ වෙන දේ එකෙන් ...

හරි වැඩි ලොකු සීන් නැතුව මම ෆීල්ඩ් එකට එන්නම් .. මෙන්න මෙහෙමයි ඔය වදකාරයව ඔයාගේ බ්ලොග් එකට දා ගන්නේ ... හරිය ... මුලින්ම ඔයා ... ඔයාගේ Blogger එකවුන්ට් එකට Login වෙලා ... Layout යන්න ... ඊට පස්සේ Html/Java Script add කරන widget එකක් අරන් .. මම පහලින් දීල තියෙන කෝඩ් එක කොපි කරන්න .. මාතෘකා දැම්මේ නැතුවට කමක් ලෑ .. හරිද ..

<script type="text/javascript" src="http://yourjavascript.com/9102723911/btsnts-tripleflap-2.js">
</script>
<script type="text/javascript">
var twitterAccount = "
#";
var tweetThisText = " <data:blog.pageTitle/> : <data:blog.url/> ";
tripleflapInit();
</script> 


හරිද .. කොපි කරානම් save කරන්න නැතුව මේ ටිකත් කියවන්න .. ඔයාගේ Twitter එකවුන්ට් එකක් එහෙමත් ඇතිනේ .. අන්න ඒ Twitter එකවුන්ට් එකේ Username එක ඔය #ලකුණ තියෙන තැනට දාන්න ... :D ..# එක හොයා ගන්න අමාරුයිනම් ... කෝඩ් එක උඩ mouse එක ක්ලික් කරලා ..Ctrl+F ඔබනන .. එතකොට එන කොටුවේ # ටයිප් කරලා එන්ටර් එබුවාම ඔයාට # තියෙන තැන Highlight වෙලා පෙනෙයි .. එහෙනම් වැඩේ ඉවරයි ...

හරිනේ එහෙනම් .. ඔයාගේ බ්ලොග් එකෙත් ඔය කුරුල්ලා ඇති .. ඇ ඇ ... එහෙනම් ඉතින් නිකන්ම බකන් නිලන් අරන් යන්නේ නැතුව මට කොමෙන්ට් එකක් එහෙමත් දීල යන්න ඇ
ඇ ... මේ පුටෝ කොමෙන්ටුත් ඔට්ටුයිලු ඇ .. පුතෝ එක TinyPic  වගේ තැනකට Upload කරලා 

" [img] ඔයාගේ පුතෝ එක ලින්ක් එක [img] "

කියල කොමෙන්ට් එක දාපුවාම හරි ඇ .. 
 .. අනේ .. මම පවනේ .. මේක ගැන යාලුවන්ටත් දන ගන්න Share පාරක් එහෙමත් දාල යන්න ඇ .. ගියේ නැතත් කමක් ලෑ .. ඒ උනාට මම දැන් යනවා .. ආයි පෝස්ට් එකකින් සෙට් වෙමුකෝ ..

 එතකන් මම Shutdown

  .. ටටා .. ජය වේවා ... !!! 

 ඇ කොහොමද ඇ .. හිකිස් .. ඕක ඉතින් මම හැමදාම අහන එකනේ ..ඇහුවත් නැතත් ඉතින් උත්තරෙත් එකමනේ .. හිකිස් .. ඔන්න ඉතින් ඉස්කෝලේ ඉස්පෝට් මීට් එහෙමත් පටන් ගත්ත .. මේ පාරවත් කෙල්ලෝ මැරෙන්නේ නැති මැරතන් පවත්වන ඉස්පෝට් මීට් දකින්නට ලැබේව කියල මම ප්‍රාර්ථනා කරනවා එහෙනම් ඇ .. :P    ..

හරි හරි .. ඔන්න අද මම ආවේ පොඩි මෙව්වා එකක් අරගෙන ඇ .. ඇ ..මම මෙව්වා එකක් කිව්වට ඔයාල දන්නවයැ මෙව්වා එක  මුකක්ද කීල .. හරි ඉතින් යුද්දේ ඉල්ලන්න එපා .. මම කියන්නම් .. මම කියන්නේ යන්නේ මේ Java Script කැල්ලක් ගැන .. :)
ඔව් මේකෙන් පුළුවන් ලේසියෙන්ම ඔයාගේ Facebook Fan page එකකට ලයික් කරන්න කියල , තව මොකක් හරි Facebook එකේ Event එකකට සහභාගී වෙන්න කියල ඔයාගේ යාලුවන්ට Invite කරන්න .. :)

ඇ ... මම මේක කරන හැටි කියල දෙන්නේ වෙබ් බ්‍රවුසර් එක විදියට Chrome පාවිච්චි කරන අයට .. අනිත් අයට හුලං .. :/
මම ගොඩින් කියන්නම ..

ෆැන් පේජ් සදහා


-->  ඔයා මුලින්ම ඔයාට කට්ටියට ලයික් කරන්න ඕනි Fan Page එකට යන්න...

-->  එතකොට දකුණු පැත්තේ උඩින්ම වගේ වටෙනේව නේද කට්ටියට Invite කරන තැන .. අන්න එතන තියෙනෙව See All කියල එකක් .. අන්න එක ක්ලික් කරන්න ..  මම  පික් එකේ දාල තියෙනෙව වගේ .. :)




-->  එතකොට Pop Up Box එකක ඔයාට ඔයාගේ පොඩි යාලුවන්ගෙන් ගොඩින් ඒ පේජ් එකට ලයික් කරල තියෙන අය සහ ලයික් කරල නෑති අය පෙන්නයි ... :)

-->  එක ආවට පස්සේ තමා වැඩේ හොදම හරිය .. දැන්  ඔයා Ctrl+Shift+J කියන බොත්තම් තුන එකපාර ඔබන්න .. ( F12 එබුවත් අවුලක් ලෑ .. ^_^ )

--> එතකොට ඔයාට මම ඔය පහල දාල තියෙනෙව වගේ කොටුවක් පෙනෙයි Page එක යටින් .. එකේ ඔය මම රතු පාටින් කොටු කරලා තියෙන තැන තියෙන Console කියන එක ක්ලික් කරන්න .. හරිද ..




-->  දැන් එතන මම මේ දීල තියෙන Java Script කැල්ල කොපි කරලා Enter බටන් එක හයියෙන් ඔබන්න .. ( හයියෙන් ඇ .. ) :3

javascript:var inputs = document.getElementsByClassName('uiButton _1sm'); 
for(var i=0; i<inputs.length;i++) { 
inputs[i].click(); 
}

--> දැන් ඔයාට පෙනව ඇති කලින් අර Pop Up Box එකේ Invite කියල වැටිලා තිබ්බ තැන් නිකන්ම එබිලා වගේ වෙලා කට්ටියට Invite වෙනවා .. ( කියන්න පුළුවන් ලේසිම විදියට කිව්වේ :3 )




-->  තාම හරි නැහැ .. දැන් ඒ Pop Up බොක්ස් එකේ පහලට ගිහින් බලන්නකෝ .. එකේ තවමත් ඉන්නවා නේද Invite උනේ නැති අය .. :P අන්න ඒ අයටත් Invite කරන්න මේ වැඩේ කීප වතාවක්ම කරන්න .. එතකොට හරි ..

-----------------------------------------------------------------------------------------------------------------------------

දැන් බලමු Event වලට Invite කරන හැටි ..( Only For Chrome )


-->  ඔයා කලින් වගේම Event එකට ගිහින් කට්ටියට Invite කරන Pop Up එක ගන්න .. එක තියෙන්නේ අර කලින් වගේ තැනක නෙවෙයි .. event එකේ කවර් පුතෝ එකට යටින් ඇති Invite Friends කියල එකක් .. අන්න එක .. :)

-->   ඊට පස්සේ පෙරසේම ( කලින් වගේ ) Ctrl+Shift+J හෝ F12 කියන ඔබල අර යටින් වැටෙන කොටුව ගන්න .. දැන් එකේ Console කියන එක උද ක්ලික් කරන්න .. :) කලින් පුටෝ ටිකම ඕනිනම් ආයිත් බලන්න .. මට දාන්න කම්මැලියි අනී ..

-->  ඊට පස්සේ මම මේ පහලින් දීල තියෙන Java Script එක එතනට කොපි කොරල Enter බටන් එක හයියෙන් ඔබන්න . කැඩෙයි ඇ ...

javascript:elms=document.getElementsByName("checkableitems[]");for (i=0;i<elms.length;i++){if (elms[i].type="checkbox" )elms[i].click()}

-->   දැන්නම් ඔන්න කලින් වගේ නෙවෙයි ... ඔයාට දැන් අර Invite කරන තැන (Pop Up බොක්ස් එකේ ) වැටිලා තියෙන අයගේ නම් ඉස්සරහින් හරියක් වැටිලා ඇති ... දැන් ඔයා Manually ( ඒ කියන්නේ අතින් ) pop Up බොක්ස් එක යට තියෙන Send කියන බොත්තම ඔබන්න ඕනි ..

--> දැන් ආයිත් කලින් වගේම තමා ..  හැමෝටම Invite වෙලා නැතුව ඇති .. ඒ කියන්නේ කලින් පාර හැමෝවම Select වෙලා නැහැ .. ඒ කියන්නේ ඔයාට කීපවරක්ම මේ ක්‍රියාවලිය කරන්න වෙනවා .. :)


--------------------------------------------------------------------------------------------------------

ඇ .. එහෙනම් ඔන්න මම දන්නා දෙයක් කියල දුන්න .. ආ තව එකක් .. Script එකේ අයිතිය එහි නිර්මාතෘ සතුය .. මම ඌව දන්නේද නැත ..

සැලකිය යුතුයි : එකදිගට දිගටහරහට Invite කිරීමෙන් ඔබව Block විය හැක ..  එනිසා ඉවසන්න .. කන්නාඩි දාගත්ත වදුරෙක් වගේ වෑඩ කරන්න එපා ..

ආ මේ .. මට ඉන්වයිට් කර කර ඉන්න කම්මැලියි ..ඒ නිසා මෙතැනින් ගිහින් හරි දකුණු පැත්තේ තියෙන ලයික් බොක්ස් එකෙන් හරි මගේ පේජ් එකටත් ලයික් එකක් දාගෙනම යන්න ඇ .. කමක් නැහැ .. 

එහෙනම් මේ ගැන ඔයාලගේ අදහසකුත් කොටලම යන්නකෝ .. මතකනේ Photo කොමෙන්ටුත් ඔට්ටුයි ඇ ... ;)

එහෙනම් මම ගියා .. ආයිත් සෙට් වෙමු ..

එතකන් ජය වේවා !!!


මේ ගෙවුණු අන්තිම සතියේ විතර අපේ ගොඩක් අය පිළිකුලෙන් කතා කරපු දෙයක්නේ මේ " Sex " කියන දෙයින් ලංකාව ලෝකෙන්ම එක වෙලා තියෙන එක .. හ්ම්ම් .. මම හිතුව මේ ගැන ටිකක් හොයන්න .. එහෙම කරද්දී මට ලැබුණු දේවල් ටිකක් මම ඔයාලට කියන්න හිතුව .. ඒ වගේම මට  දැනුන දේවල් .
මේ ලිස්ට් එකේ ලංකාවට දෙවෙනි වුන රටවල් අතර එකටම ඉන්නේ ඉන්දියාව ... ඊට පස්සේ ටිමෝර්,ඉතියෝපියා,බංගලාදේශය,නේපාලය වගේ රටවල් ඉන්නවා ... පොඩ්ඩක් හිතල බලන්න මේ රටවල් මොන වගේ රටවල්ද කියල .. මොන කලාපයේ රටවල්ද ..

ඇත්තටම මේ Sex කියන එක මහා ගොන් Keyword  විදියටයි මමනම් දකින්නේ .. මේක වැඩියෙන්ම ලංකාවේ පාවිච්චි වෙන්නේ ලංකාවේ අයගේ ඉංග්‍රීසි දැනුම අඩු බව නිසා ..  ඒ කියන්නේ ලංකාවේ අය මේ වචනෙට වඩා මේ ගැන search කරන්න වෙන වචන දන්නේ නැති නිසා .. යුරෝපයේ වගේ රටවල මේ වැඩේ වෙන්නේ අඩුවෙන් , අපි ඒ රටවල් ආදර්ශෙට ගන්න ඕනි කියල කියන එකත්  මහා ගොන් වැඩක් .. මේ ලිස්ට් එකේ යුරෝපයේ රටවල් අඩු ඒ රටවල් වල මිනිස්සු (වගේම ගැහැණු) මේ වචනේ යොදාගෙන අදාළ දේවල් search කරන්නේ නැති නිසා .. මේ සම්බන්දව තියෙන අනිත් වචන search කරල එකටම ඉන්නේ ලංකාව නෙවෙයි .. ඒවගේ ඒවායින් වෙනත් ලෝකයේ හෙන පොරත්වය විදහාගෙන සිටින රටවල් පෙරමුණට ඇවිත් තියෙනෙව ..




ඒ කියන්නේ මේ වගේ ප්‍රාථමික වචන වලට වඩා දරුණු වචන යොදා ගන්න නිසා .. ඒ වගේම මේ ශ්‍රේෂ්ත්‍රයේ වැඩර් ල මේ වගේ දේවල් google එකේ සර්ච් කර කර  ඉන්නේ නැහැ .. ඒ ය කෙලින්ම අදාළ web site එකේ නම ගහල තමා යන්නේ ...අනික තමා ලංකාවේ හැමෝම වගේ Google එකේ මේ වගේ ඒවා search කලාට  අනිත් රටවල මිනිස්සුන්ගේ ප්‍රදාන සෙවුම් යන්තරය Google නෙවෙයි .. මේ නිසා මේ වාර්තාව පදනම් කරගෙන ලංකාවේ තමා වැඩියෙන්ම මානසික ලෙඩ්ඩු ඉන්නේ කියන එක වැරදියි ... ඒ උනාට එහෙමයි කියල මේ ගැන නොසලකා හැරීමත් එච්චර  හොඳ නැහැ ..

අනිත් කාරණේ තමා ඇයි මේ මිනුස්සු වැරැද්ද ගැන විතරක් කතාකරන්නේ .. .දන්නවද ... ?? ලංකාව එක වෙලා තියෙන්නේ මේ වචනෙන් විතරක් නෙවෙයි කියල .. ..  ලංකාවේ මිනුස්සු මේ අන්තර්ජාලය ඉගෙනීමේ කටයුතු සදහා වගේ දේවලුත් පාවිච්චි කරනවා .. එකට හොදම උදාහරණයක් මේ ගුගල් වාර්තාවෙන්ම අපිට ගන්න ..පුළුවන්  ..ඒ තමා ලංකාව " Spoken English " කියන වචන දෙක එකවර search කරන රටවල් අතරිනුත් ප්‍රතම ස්ථානය   ලබා තිබීම ... ඒ විතරක් නෙවෙයි ..

c#.net, vb.net, asp.net, java, php වගේ පරිගණක භාෂාවල් ගැන වැඩියෙන්ම සොයල බලල තියෙන්නෙත් ලංකාවේ අය ..ඒ වගේම මේ Web Hosting  , Web desinging  ගැන පවා වැඩියෙන්ම ගුගල් search කරලා තියෙන්නේ ලංකාවේ අය වීමත් විශේසයි .. තවත් වැදගත් වචනයක් සහ ලංකාවේ  ගොඩක් ප්‍රසිද්ද දෙයක් ව Internet Money  ගැන වැඩියෙන්ම Search කරලා තියෙන්නෙත් ලංකාවේ අය ..

මගේ අදහස මේකයි ,මේ වගේ අය අතරේ එකෙක් දෙන්නක් නිසා රට චාටර් වෙන එකනම් ඇත්තටම දුකක් .. එහෙමයි කියල කරන්න ඕනි මේ වගේ දේවල් වලට බයේ මිනුස්සුන්ව , මතු පරපුර තාක්ෂණයෙන් ඈත් කරන එක නෙවෙයි ..  හුම් .. මේ දේවල් වලට ප්‍රතිකර්ම සොයන එක ..

මේ 2014 දිවත් අපි හොද දේවල් වලින් උඩට එන්න බලමු ... !!

2013 න් 2014 ට .. හම්මේ .. අවුරුද්ද ගෙවුණු ඉක්මන .. 2014 නම්  ටිකක් අමාරු කරන පාටයි .. 2014 මට අපොයි සා.පෙ  ලියන්න වෙනවනේ . වැඩ වැඩි වෙයි නේ .. :/ . .. ඒ උනාට ඔය යකා කියන තරම් කළු නැතුව ඇතිනේ ... :D    හරි හරි .. අද සීන් එකට එමු .. අද මම කියල දෙන්නේ ඔයාගේ Blog එකට දාන්න පුළුවන් අලුත් කැලලක් ..

 ඔයාත් කැමති ඇතිනේ ටිකක් කැපිල පේන්න .. ඔව් .. අනිත් යට කැපිල පෙන්නන්ම්  එයාලට කපල පෙන්නන්න ඕනි ... අද මම කියන්නේ ඔයාගේ Blog එකේ Comment වලින් ඔයාට කැපිල පේන්න පුළුවන් වැඩක් ... මේ මම කියල දෙන වැඩේ කරාම ඔයාගේ Blog පෝස්ට් වලට ඔයා දාන Comment පොඩි කොළ කොටුවක් ඇතුලේ තමා පෙන්නේ ... . ඇ එතකොට ඔයා Load ඇ ..




දැක්කනේ එකේ Chakas kolla කියන එක්කෙනාගේ Comment ටික .. මගේ ටික . අන්න ඒ විදියට තමා ඔයාගේ Blog  එකේ ඔයාගේ , ඒ කියන්නේ Blog Post එක ලියපු කෙනාගේ (Author)  Comment එක වැටෙන්නේ ...

එහෙනම් වෑඩි කතා ඔනි ලෑ .. අපි වෑඩෙට බහිමු .. කරන්න කියල මහ ලොකු වඩක් ලෑ ..

-->   මුලින්ම ඔයා ඔයාගේ Blogger Account එකට Loging වෙන්න .. ඊට පස්සේ කෝකටත් තයිලේ කියල ඔයාගේ ටෙම්ප්ලටෙ එකේ BackUp එකක් ගහ ගන්න .. එක කරන හැටි  මීට කලින් ලිපි වලදී මම කියල දීල තියෙනෙව .. :)

-->  දැන් ඔයා Dashboard > Template > Edit Html ගිහින් එකේ Edit කරන කොටසේ කොහේ හරි එක පාරක් Mouse ක්ලික් එකක් දාල Ctrl+F බටන් දෙක එක පාර ඔබල Find In Box එක ගන්න .. එකේ Search කරන්න මෙන්න මේ Html Tag එක ..

</body>

-->   දැන් මම පහලින් දීල තියෙන Script Copy කරගෙන එක මුකුත් වෙනස්කම් නොකර ඒ හොයාගත්ත </body> ටැග් එකට උඩින් Paste කරන්න .... 




<!-- AUTHOR Comment HIGHLIGHTER START-->
<script src='http://yourjavascript.com/4121125501/comment-highlighter.js'>
<script>
$(function() {
function highlight(){
$(&#39;.user.blog-author,.ssyby&#39;).closest(&#39;.comment-block&#39;)
.css(&#39;border&#39;, &#39;dashed green 3px&#39;)
.css(&#39;background&#39;,&#39;#FEDFBF url(&quot;;)&#39;)
.css(&#39;padding&#39;, &#39;10px&#39;);
}
$(document).bind(&#39;ready scroll click&#39;, highlight);
});
</script>
<!-- AUTHOR Comment HIGHLIGHTER END-->


හරිනේ .. එහෙනම් අදට මම ගිහින් එන්නම් ඇ .. 

ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දකුත් වේවා කිව්වා එහෙනම් ඇ .. 
------------------------------------------------------------------------------------------------------------
අ මේ .. දැන් මගේ Blog එකට Photo කොමෙන්ට් දාන්නත් පුළුවන් ඇ .. 


'[img]ඔයාගේ image එකේ link එක [img]'


 කියල ඇ .. මේ සිංහල සිංහල  Type  කරන්න ඕනිනම් වම පැත්තේ පහල තියෙන "සිංහල" කියන බොත්තම ඔබන්න ඇ .. එහෙනම් මම .ගියා ..

ආයිත් එනකන් ජය වේවා ... !!! 
සාදරයෙන් පිළිගන්නවා !

ලිපි ගොනුව !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !