Posted by : Unknown Thursday, February 13, 2014

වැලන්ටයින් දෙදහස් දාහතර .. නේද ඇ .. ලව් එහෙමත් නැත්නම් ආදරේ කරන අය වෙනුවෙන් වෙන් උණු දවස .. පෙබරවාරි 14 ..හැක හැක .. මේ වැලන්ටයින් එකටත් මම සිංගල් ඇ .. :P  .. 

ගොඩක් අය ඔය වැලන්ටයින් සමරුවට ඔකේ තේරුම දන්නේ නැහැනේ .. දැන් පොඩ්ඩක් හිතල බලන්න  කියල මේ වැලන්ටයින් කියන එකේ තේරුම ඔයා දන්නවද කියල .. මම හිතන්නේ ලව් කරන ගොඩක් අය දන්නේ නැහැ .. මේ වැලන්ටයින් කියන්නේ කතෝලික ශුද්දවන්තයෙක් ... සාන්තුවරයෙක් කියන්නේ දෙවියන් වහන්සේට ඉතා බගපත්ව , ශුද්දවන්තව ජීවත් වුන කෙනෙක් .. මේ  වැලන්ටයින් සාමිවරයා ජීවත් වෙලා හිටපු කාලේ රජා එයාගේ අධිරාජ්‍ය ලොකු කරගන්න සැහෙන කට්ටක් කාපු එක්කෙනෙක් .. මේ නිසා මේ ගොන් රජා රටේ ඉන්න හැම කෙනෙක්ටම හමුදාවට බැදිලා යුද්ද කරන්න කියල නියෝග කරලා තියනෙවා .. යකෝ හරි වැඩක්නේ නේද .. මේ යුද්ද වලට බැදපු එවුන් ගත්තම රටේ පවුල් අනාත වෙන නිසා රජා මිනිස්සුන්ට කසාද බැදීම තහනම් කරලා තියෙනෙවා .. දෙයියනේ ඉතින් මේ යුද්ද නිසා ගොඩක් පෙම්වතුන්ට තමාගේ පෙම්වතියත් , පෙම්වතියන්ට තමාගේ පෙම්වතුන්වත් අහිමි වෙලා තියෙනෙවා .. පව් නේද .. ඔයා ආදරේ කරන කෙනෙක්නම් ඔයාටත් දැනෙයි කවදාහරි ඔයාට එයා නැතිඋනොත් දැනෙන දුක  .. ඒත් ඉතින් එහෙම වෙන්නේ සත්‍ය අවංක ආදරේ කරපු කෙනෙක විතරයි .. ඔයාත් හිතල බලන්න ඔයා එහෙම කියල .. ඉතින් කතාවේ ඉතුරු ටික .. 

දැන් මේ වැලන්ටයින් කියන පුජකවරයා ,එහෙමත් නැතිනම් සාමිවරයා මෙහෙම තරුණ ජීවිත විනාස වෙන්න නොදී රජුට හොරෙන් අහිංසක පෙම්වතුන් එකිනෙකාට විවාහ කරලා දීල තියෙනෙවා .. පස්සේ කොහොම හරි මේ වැඩේ ලීක් වෙලා රජාට මාට්ටු වෙලා වැලන්ටයින් සාමිව සිරබාරයට අරගෙන තියෙනෙවා ... පස්සේ ඔය පෙබරවාරි 14 දවසක මේ පෙම්වතුන් වෙනුවෙන් කැපවුන ඒ මහා සුද්දවන්තයාගේ හිසගසා දමලා මරල .. ඔන්න ඕක වෙනුවෙන් තමයි එතුමාව සිහිවෙන්න පෙබරවාරි 14 දිනය ලෝක පෙම්වතුන්ගේ දිනය ලෙස එනම් වැලන්ටයින් ඩේ කියල නම් කරලා තියෙන්නේ .. වැලන්ටයින් ඩේ කියන එක වැරදියි .. හරි වචනේ වැලන්ටයින්ස් ඩේ .. ඒ කියන්නේ වලන්ටයිනේගේ දිනය ..



එහෙනම් ඔය ලොකුවට අයි ලව් යු මගේ පන කියාගෙන වැලන්ටයින් සමරන අයියල අක්කල , නංගිලා මල්ලිලා දැනගන්න ඇයි ඔයාල මෙහෙම දිනයක් සමරන්නේ කියලා .. පින් දෙන්න වැලන්ටයින් සාමි තුමාට .. ඔයාලට  අද ඔය මල් පොකුරක් අරගෙන ගිහින් එයාව බලන්න විසේස දවසක් තියෙන්නේ ඇයි කියලවත් මතක තියාගන්න ... අනික ඔය ඔයාගේ පන දෙන්න යන ආදරේ එක දවසකට සීමා කරන්න එපා . .එදාට විතරක් එයාගැන විසේසයෙන් බලන්න එපා .. හැමදාම එයාව විසේස කෙනෙක් කරගන්න .. අනික වැලන්ටයින් එක වැල ටයින් කරගන්න එපා .. එක ලොකු පාපයක් .. මාකටින් වුන තෑගී දීල එයාව සතුටු කරන්න එපා .. ඒවා භෞතික දේවල් .. ආත්මීය වශයෙන් දෙයක් දෙන්න උත්සහ කරන්න ...


ඔය කවුරු කොහොම කිව්වත් මටනම් මේ පාර පෝය ඇ ... :D 


එහෙනම් හැමෝටම චකස් මල්ලිගෙන් හැපී වැලන්ටයින් එකකට ආසිරි ඇ .. ලව් කරන නොකරන හැමෝටම .. :D  ..

ඔයාට හිතුන දේ කියල යන්න

☻ Photo Comment දැමීමට :

[img] ඔයාගේ Image Link එක [img]

☻ සිංහල අකුරු Type කිරීමට වම් පස පහල ඇති "සිංහල " බොත්තම ඔබන්න ..

Subscribe to Posts | Subscribe to Comments

සාදරයෙන් පිළිගන්නවා !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !