Archive for June 2015

"ගප්පියා" නමින් කෙටිකලක් තුල සයිබරයේ ප්‍රසිද්ද උන තරුණයෙකි .. එතරම් වේගයෙන් මෑත කාලීනව තරුණ ප්‍රජාව අතර ජනප්‍රියත්වයට පත්වුණු අය අතලොස්සකි .. ඒ අතරිනුත් ප්‍රිය ආකාරයට ජන ප්‍රිය උණු අය අතැගිලි ගනනටත් අඩුය .. හාස්‍ය මෙන්ම උපහාසය සමග වීඩියෝ පට තුලින් රසික ප්‍රජාව වෙත සමීප උණු ගප්පියාට පසුගිය දිනක , හරියටම පොසොන් පොහෝ දින හෙනහුරා ලැබුවේය .. සමහරු කිවේ පෝය නිසා පුරහදේ බලපෑම කියාය .. 

ලංකාවේ මිනුස්සු මාරය .. දෙනකොට උපරිමේටම දෙන්නත් කෙලිනකොට එලටම කෙලින්නත් හොද හැකියාවක් ඔවුන් සතුය .. "hit" වුනු ගප්පියා "shit" වීමට ගියේ විනාඩි කිහිපයකි ... ගප්පියා එකපාරටම ෂීට් වුවේ , ගප්පියා හිට් වෙවියයි සිතා පළකරපු කාටුනයක් නිසාය ..

එහි මතුපිට හරය "මහින්දාගමනය අද සිදුවුවනන් තිස්ස මිහුදු හාමුදුරුවන් සමග සෙල්ෆි ගනු ඇති බවයි .. " වර්තමාන තරුණ ප්‍රජාවගේ මෙනියාවක්ව පවතින Selfie ක්‍රමය උපහාසයට ලක්කිරීම එහි අරමුණ වෙන්න ඇත්තේය .. ඒ මට පෙන විදියය .. තව එකෙක්ට ඊට වඩා ගැඹුරින් වෙන විදියකට පෙනෙන්න ඉඩ ඇත .. නමුත් ගප්පියාට පෙනුනේ කොහොමද කියා අපි නොදනිමු .. ඌට පෙනුනෙත් මට පෙන විදියටනන් එහි වරදක් නැත .. නමුත් වෙන විදියකට එක දැක්ක අය දුටු තැන සිට ගප්පියාගේ සර්වාන්ගේම මඩින් නැව්වේය .. ඒ බෞද්ධ ආගමට ගප්පියා අපහාස කිරීමේ වරද නිසාවෙනි .. 



එක අතකට ගප්පියාද වැරැද්ද ගත්තේය .. ලංකාවේ මිනුස්සු ගැන අවභෝදයක් තිබුනානං ඔයිට වඩා දුර ගප්පියාට හිතන්න තිබුනේය ..

මේ සිද්දියත් සමග මට මෙහෙම අවස්ථාවක්ද සිහිපත් වෙයි .. ඒ ජනාදිපතිවරණ කාලයේදී සමහරු මහින්දාගමනය අර්ථ දක්වමින් මිහින්තලේ චායාරුපයකට මහින්ද ඇතුළු පවුල තබා edit කර තිබු අවස්ථාවයි .. ඒ චායාරුප සම්බන්දයෙන් ඒ වෙලේ මේ වගේ ලෙඩක් වැටුනේ නැත්තේ ඇයි කියා මටනං ප්‍රශ්නයකි .. 

සමහරු ගප්පියාට සෙල්ෆි උපහාසය පොසොන් දවසෙම මතක් උනේයැයි තර්ක කළේය .. මටනං තේරෙන පරිදි නිර්මාණයකට අදහස එන්නේ හිතෙන වෙලාවකට නෙවේය .. අනික් පැත්තෙන් බලද්දී ගප්පියාගේ කාටුනය වෙන ආගමකට විරුද්ද වුනානන් ලංකාවේ මිනුස්සු ඒක ෂෙයාර් කරලා ගන්න ආතල් එකද අමතක නොකර යුතුය .. එහෙනං ගප්පිය ෂිට් නොවී තව හිට් වීමටද ඉඩ තිබුණි .. 

මම කිව්වේ එක පැත්තක් ගැන පමණි .. තවත් දෙයකි .. කුන්හරප වලින් තොරව තර්ක කිරීමටද සියලු දෙනා ඉගෙන ගත යුතු බවත් බැරි උන් ගොන් පාර්ට් නොදැමිය යුතු බවත් ගප්පියාට මඩගපු කොමෙන්ට් දැක්කම සිතුනි ..

තවද මම  බුකියී මෙහෙම පෝස්ට් එකක්ද දැක්කෙමි .. 

"ගප්පියාගේ විහිළුවක් තෙරුන්ගන්න බැරි මිනුස්සු බෞද්ද දර්ශනය කොහොම තේරුම් ගනියිද."

කෙසේවෙතත් හිට් වෙන්න ට්‍රයි කරන හිට් වෙලා ඉන්න කාට කාටත් මේවා හොද පාඩම්ය .. 




සාදරයෙන් පිළිගන්නවා !

Email මාර්ගයෙන් අපේ ලිපි ගෙන්වා ගන්න !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !