Archive for February 2014

මගේ තාත්ත ... මට මතකයි දවසක් අපේ තාත්ත මාව ලස්සනට අන්දගෙන , මගේ අතින් අල්ලාගෙන මාව මගේ පළවෙනිම ඉස්කෝලේ දවසේ මාව ඉස්කෝලේ ගෙනිච්ච විදිය .. මාව පන්න්තියට එක්කන් ගිහින් මාව පන්තියෙන් ඉන්දවලා මාව ඉස්කෝලෙට බාරදීපු විදිය ... එදායින් පස්සේ හැමදාම මගේ අඩුපාඩු ගැන තාත්ත හොයල බැලුව .... මම ඉස්කෝලේ යන දවසෙන් පටන් ගත්තේ මට එතනින් ආපස්සට වැඩි මතකයක් නැති නිසා .. මම ඉපදුන දවසේ ඉදන්ම ගොඩක් මහින්සි වෙලා , මට හොද ජීවිතයක් හදාදෙන්න මගේ තාත්ත ගොඩක් කැපකිරීම් කරන්න ඇති .. අඩුවක් දැනුනේම නැ ..

අම්ම වගේ ආදරේ වැඩිය පෙන්නන්නේ නැති උනාට තාත්ත මට ගොඩක් ආදරෙයි කියල මම දන්නවා .. එක පෙන්නන්න ඕනි දෙයක් නෙවෙයි කියල තාත්තට හිතෙන්න ඇත්තෙත් සමහර විට මාව හොදට හදාගන්න ඕනි නිසා කියල මට හිතෙනේවා .. මම දඟ වැඩකරද්දී තාත්ත මට බැන්නේ , හිමිහිට පුංචි පාරක් දෙකක් ගැහුවේ මගෙත් එක්ක තරහට නෙවෙයි .. ඒ මාව හොද ළමයෙක් කරන්න ඕනි නිසා .. ඒත් ඉස්සරනම් තාත්ත ඒම කලාම මම තාත්ත එක්ක රණ්ඩුත් වෙලා තියෙනෙව ... ඒ ඉතින් නොදැනුවත් කමට කියාලා තාත්තත් දැනන් ඉන්න ඇති .. දැනුත් සමහර වෙලාවට මම රණ්ඩු වෙනවා .. ඒත් පස්සේ මට දුක හිතිලා මමම කතාකරනවා .. එතකොට තාත්තත් මාත් එක යාලුවෙක් වගේ කතාකරනවා .. ඇත්තටම මට මගේ තාත්ත යාලුවෙක් වගේ .. මට විතරක් නෙවෙයි .. මගේ අයියටත් ... 

අද මගේ තාත්තගේ උපන්දිනේ .. මමත් හැමදාම පුරුදු විදියට තාත්තට අදත් තෑග්ගක් දුන්න ..  හි ..  ඒ උනාට මට මගේ හිතේ ඇත්තටම තාත්තට තියෙන ආදරේ ගෞරවේ ඒ වගේ තෑග්ගකින් පෙන්වන්න බැහැ .. මම කවදාහරි එක කොහොම හරි තාත්තට ඒත්තු ගන්වනවා ... මම කවදාහරි තාත්තට ආඩම්බරවෙන්න පුළුවන් විදියේ පුතෙක් වෙනවා .. :)   ...

 මගේ තාත්තට සුබම සුබ උපන්දිනක් වේවා ! ..   ඔයාලත් මගේ තාත්තට සුබ උපන්දිනක් ප්‍රාර්ථනා කරන්න ....

මතු භවෙදිත් ඔබ මගේම පියාණන් වේවා .. !
කුරුණෑගල ජෝන් කොතලාවල ඉස්කෝලේ සිසුවියක් ෆේස්බුක් හුටපටයකට දිවි තොර කරගනියි .. මලා ජෝන් .. මීට දවස් දෙක තුනකට කලින් කොහෙත් ඇහුනේ ඕකනේ .. ඇයි ... ඒ විතරද .. "ෆේස්බුක් මගින් අදුනාගත් පෙම්වතා සමග දොස්පවරා ගැනීමේ ප්‍රතිපලයක් ලෙස එක්දරු මවක් ගෙල වැලලාගෙන මිය යයි .. " .. තව ගොඩක් තියෙනෙව .. " ඇල්පිටිය - පිටිගල - පොකුණුවලකඩ - පැලවත්ත පාර ප‍්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි දිනේෂා තිලක්ෂි නැමති තරුණියයි අද උදෑසන සාරියකින් ගෙළ වැළලාගෙන සිය නිවසේදී ජීවිතක්ෂයට පත්වී ඇත්තේය . " .. හපොයි .. ලංකාවට ගිය කලක් .. මොකෞනත් අහිංසක ජීවිත තමා .. ඒ උනාට ඉතින් ඒ මිනුස්සුන්ගේත් මෝඩ කම .. සංවේදී වැඩි බව .. දරාගැනීමේ ශක්තිය හීන බව .. ඔන්න දැන් මට අපේ අම්මත් බනිනවා .. ෆේස්බුක් මහා ජරාවක් කියල .. ලංකාවේ විතරද ෆේස්බුක් තියෙන්නේ .. තව කොචහර රටවල මේක පාවිච්චි කරනවද මිනිස්සු .. ඒත් අපේ අය එක පාවිච්චි කරන විදියයි වැරදි .. ෆේස්බුක් විතරක් නෙවෙයි .. හැම දෙයක්ම වගේ .. ෆෝන් .. කට්ටිය දන්නේ නැති උනාට skype .. Vidio call .. අපේ ගණන් ක්ලාස් එකේ සර් මෙහෙම කිව්වා ..
මමත් දැක්ක ඔය ගැනුලමය ෆේස්බුක් නිසා මැරිලා තිබ්බ කතාව .. දැන් මොකෝ වෙලා තියෙන්නේ .. ප්‍රින්සිපල් හිරේ .. ළමය අපායේ .. ඇයි ඉතින් සියදිවි හානිකරගත්ත එකෙක් දිව්‍යලෝකේ යයි ඇ .. දැන් ප්රින්සිපල්ගේද වැරැද්ද .. අනික ඒ කෙල්ල දිහා බලපුවාම ඒ කෙල්ලගේ ටයිටල් එකත් හිතාගන්න පුළුවන් ..පොඩි ඉස්කෝලේ යන කෙල්ලෙක් නියපොතු පාටකරන් , අයිබ්‍රෝ හදල , ඉන්න විදියට ... ඒ ළමයා මොනවගේ චරිතයක් තියෙන කෙනෙක්ද කියල හිතාගන්න පුළුවන් ..      -චන්දන සර් -

අත්තක් තියෙනෙව නේද .. ඒ අම්මයි තාත්තයි ගැන ටිකක් හිතුවනම් .. දැන් මේක අර විල්සන් බැග් ජනප්‍රිය උනාවගේ නේ .. හැමෝටම මේක ට්‍රෙන්ඩ් එක වෙලා .. මාධ්‍ය මගින් මේවා ගැන හැමතැනම කියද්දී මේ වගේ දේවල් වලට ප්‍රශ්නවලින් පෙලෙන අයගේ අවධානය යොමුවෙනවා වැඩියි ..හැබැයි සාරිවලටනම් හොදයි කලක් යයි වගේ .. 

මේ වැඩෙන් අනිත් ලමයිටත් අසාධාරණයක් වෙන්නේ නැද්ද .. වැරද්දක් පෙන්වා දුන්නේ ගුරුවරුන්ට මෙහම ප්‍රශ්න එද්දී , අනිත් ගුරුවරුත් ළමයින් ගැන හොයන එක අඩුවෙන්නේ නැද්ද .. ළමයින්ගේ දෙමව්පියන්ට නොදෙවෙනි සේවයක් කරන ගුරුවරුන්ට මෙහෙම දේවල් වෙද්දී ඔවුන් ළමයිගේ වැරදි හමුවේ නිහඬව ඉන්න උත්සහ කරනවා .. එක ළමයින්ට ලොකු පාඩුවක් .. මගේ අම්මයි තාත්තයිත් ගුරුවරු නිසයි මම මෙහෙම කියන්නේ ..  අර ප්රින්සිපලවා හිරේ යවන්න හදන කොටසක් වගේම , ඔහුව බේරාගන්න හදන කොටසකුත් ඉන්නවා කියල දන්නවද .. ඒ ඉස්කෝලෙම .. පුදුමයි .. 

ඇ .. දැන් මහින්ද මාමා ෆේස්බුක් තහනම් කරන්නලු යන්නේ නේ .. පව් මාක් අයිය .. ලංකාවේ අය ෆේස්බුක් යන එක නැවතුනොත් මාක් සකර්බර්ග්ට කොච්චර පාඩුවක්ද නේ .. හැක හැක .. මට හිනා .. රටක් විදියට ගත්තොත් ලෝකේ තුන්වෙනියට වැඩිම ජනගහයක් ඉන්න රටට ලංකාවේ අය නැතිව යන එක හරියට ගමක් නැතිවුනා වගේ තියෙයි .. හරි බොළඳ අදහසක් ... මේ ගැන අපේ අයිය මෙහෙම කිව්වා .. 

ඉස්සර ලියුම් නිසා කොල්ලෝ කෙල්ලෝ බෙල්ලේ වැල දාගත්තේ නැද්ද .. කෝ එහෙනම්ලියුම් තහනම් කරන්න තිබ්බනේ .. ෆෝන් නිසා බෙල්ලේ වැල දාගත්තේ නැද්ද .. කෝ තහනම් කොරාද ෆෝන් .. එස්.එම.එස්. තහනම් කොරාද .. ඒ උනාට ෆේස්බුක් තහනම් කරන්න යන්නේ .. 


ඒ ගැන කතාකරලා වැඩක් නැහැ .. හරියට හැදුනේ නැති එකෙක් දෙන්නෙක් නිසා ගොඩක් වටිනා දේවල් විනාස කරන එක ???  ( ඔයාම කියන්නකෝ .. )

මම විරුද්ද මතදාරියෙක් කියල හිතන්න එපා .. මම කීවේ මගේ අදහස .. ගිහින් එන්නම් .. 

වෙනුෂ ඇතුළු හැමෝටම නිවන්සුව ප්‍රාර්ථනා කරමි .. 

ගිහින් එන්නම් ... 



හැක හැක .. මේකනම් ආතල් වැඩේ ඇ .. මෙන්න බලහල්ලකෝ හොරුන්ගෙත් හොරු කම්බා හොරු .. මුන් සයිබරේ හොරු .. මම පොලිස් නෙවෙයි ඇ .. මේ කියන්න යන්නේ තමන්ගේ දෙයක් කරගන්න බැරි කොන්ද පණ නැති එවුන් ටිකක් ගැන ...එක්කෙනෙක් Site Money Lot කියන බ්ලොග් එකේ අයිතිකාරයා ... අනික් පුද්ගලයා  මේ හිරුනෙත් ජී එස් එම කියල බ්ලොග් එකක අයිතිකාරයා .. අනික් එක්කෙනා මේ හිරුනෙත් කියල බ්ලොග් එකක එක්කෙනෙක් ... :P   ..

බලන්නකෝ කොපි කරලා තියෙන හැටි ..

මුලින්ම ඔය Site Money Lot එකේ එක්කෙනා මගේ අර Free SMS ගහන විදිය ගැන ලියල තිබ්බ පෝසට් එක කොපි .කොරලා .. එයාට  වෙන මාතෘකාවක් වත් දාන්න තරම් හැකියාවක් නැති එක්කෙනෙක් .. :P   ... පව් .. ගිහින්ම බලන්නකෝ ..

මගේ ඔරිජිනල් පෝස්ට් එක : නැති බන්ගස්තාන් වෙන්න Free SMS ගහමු .

කොපි කරපු එක්කෙනාගේ පෝස්ට් එක :  නැති බන්ගස්තාන් වෙන්න Free SMS ගහමු ..

හැක හැක .. පොටෝ එකත් එහෙම්මම උස්සල ... බලන්න පෝස්ට් දෙකේ වෙනසක් තියේද කියල .. මෙන්න ඊලග සීන් එක බලන්නකෝ .. මේ Site Money lot කියන සයිට් එකේ තියෙන මගෙන් උස්සල දාපු පෝස්ට් එක තමයි අර හිරුනෙත් ජී එස් එම කියන බ්ලොග් එකේ දාල තියෙන්නේ .. එකනම් ලෝක හොරෙක් ... හැබැයි එකටනම් මාතෘකාව  එහෙම වෙනස් කරන්න හරකට වගේ සුට්ටක් මොලේ තිබිල තියෙනෙවා ...

මෙන්න එයාගේ හොර පෝස්ට් එක : Free SMS ගහමු ..

හැබැයි පෝස්ට් එකේ ඇතුල මගේ එකමයි .. අනේ අම්මපා මෙහෙමත් හොරු .. මටනම් හෙන ආඩම්බරයි ඇ .. මගේ බ්ලොග් පෝස්ට් කොපි කරන්නේ ඒවා ගොඩක් වටිනා ඒවා නිසානේ ... ( Feeling Proud ^_^ )  ...  හිකි හිකි ..

කමක් නැහැ ඉතින් .. කොපි කරපු අයට අර මගේ Adfly එකෙන් Short කරපු ලින්ක් එක අයින් කරන්න බැරි වෙලා .. ඒ නිසා මටත් ලාබයි .. :D  ..

හැක හැක .. මොනවා උනත් ඉතින් මේවා ගැනුවත් නොකරන පිරිමි කමටත් නින්දා කරන නපුන්සක වැඩ .. මාර හොරු .. මටනම් හැබැයි මේ ගැන මතක් වෙද්දීත් දැනෙන්නේ ලොකු සතුටක් .. මම සාර්ථකයි ...

මේ තව එකක් .. අර මම හැමෝටමFacebook Event වලට Page වලට Invite කරන්න පුළුවන් Java Script එකක් ගැන කියපු Post එක .. එකත් වෙන එක්කෙනෙක් කොපි කරලා .. :P

මගේ එක :  Page වලට Event වලට ඔක්කොම යාලුවන්ට Invite කරන්න .. 

කොපි කරපු එකාගේ එක :   මේකෙන් පුළුවන් ලේසියෙන්ම ඔයාගේ Facebook Fan page එකකට ලයික් කරන්න කියල , තව මොකක් හරි Facebook එකේ Event එකකට සහභාගී වෙන්න කියල ඔයාගේ යාලුවන්ට Invite කරන්න ..

මෙව්වා ගැන කතාකරලා වැඩක් නැහැ .. මුන්ට පැවැත්මක් නැහැ ... අනී අනිච්චන් .. හිකි හිකි .. මේ බ්ලොග් වල ගොඩක් තියෙන්නේ කොපි කරපු පොස්ටු ... 

මම මේවා කිව්වේ මේගැන අනිත් අයවත් දැනුවත් කරන්න  ... තමන්ගේ දෙයක් කරන්න උත්සහ කරපල්ලා බන් ... කොන්දක් නැති නපුන්සක වැඩ කරන්න එපා ..දැන් ඉතින් අහක යන අය තොප්පි දාගන්න යන්නත් එපා ඇ ..  හැ ..

මම මේ බයේ ඉන්නේ මේ Post එකත් කොපි කොරයිද කියල .. :P   .. අනිත් පැත්ත හරොල ... හිකි හිකි .. 


ටටා බායි .. !

වැලන්ටයින් දෙදහස් දාහතර .. නේද ඇ .. ලව් එහෙමත් නැත්නම් ආදරේ කරන අය වෙනුවෙන් වෙන් උණු දවස .. පෙබරවාරි 14 ..හැක හැක .. මේ වැලන්ටයින් එකටත් මම සිංගල් ඇ .. :P  .. 

ගොඩක් අය ඔය වැලන්ටයින් සමරුවට ඔකේ තේරුම දන්නේ නැහැනේ .. දැන් පොඩ්ඩක් හිතල බලන්න  කියල මේ වැලන්ටයින් කියන එකේ තේරුම ඔයා දන්නවද කියල .. මම හිතන්නේ ලව් කරන ගොඩක් අය දන්නේ නැහැ .. මේ වැලන්ටයින් කියන්නේ කතෝලික ශුද්දවන්තයෙක් ... සාන්තුවරයෙක් කියන්නේ දෙවියන් වහන්සේට ඉතා බගපත්ව , ශුද්දවන්තව ජීවත් වුන කෙනෙක් .. මේ  වැලන්ටයින් සාමිවරයා ජීවත් වෙලා හිටපු කාලේ රජා එයාගේ අධිරාජ්‍ය ලොකු කරගන්න සැහෙන කට්ටක් කාපු එක්කෙනෙක් .. මේ නිසා මේ ගොන් රජා රටේ ඉන්න හැම කෙනෙක්ටම හමුදාවට බැදිලා යුද්ද කරන්න කියල නියෝග කරලා තියනෙවා .. යකෝ හරි වැඩක්නේ නේද .. මේ යුද්ද වලට බැදපු එවුන් ගත්තම රටේ පවුල් අනාත වෙන නිසා රජා මිනිස්සුන්ට කසාද බැදීම තහනම් කරලා තියෙනෙවා .. දෙයියනේ ඉතින් මේ යුද්ද නිසා ගොඩක් පෙම්වතුන්ට තමාගේ පෙම්වතියත් , පෙම්වතියන්ට තමාගේ පෙම්වතුන්වත් අහිමි වෙලා තියෙනෙවා .. පව් නේද .. ඔයා ආදරේ කරන කෙනෙක්නම් ඔයාටත් දැනෙයි කවදාහරි ඔයාට එයා නැතිඋනොත් දැනෙන දුක  .. ඒත් ඉතින් එහෙම වෙන්නේ සත්‍ය අවංක ආදරේ කරපු කෙනෙක විතරයි .. ඔයාත් හිතල බලන්න ඔයා එහෙම කියල .. ඉතින් කතාවේ ඉතුරු ටික .. 

දැන් මේ වැලන්ටයින් කියන පුජකවරයා ,එහෙමත් නැතිනම් සාමිවරයා මෙහෙම තරුණ ජීවිත විනාස වෙන්න නොදී රජුට හොරෙන් අහිංසක පෙම්වතුන් එකිනෙකාට විවාහ කරලා දීල තියෙනෙවා .. පස්සේ කොහොම හරි මේ වැඩේ ලීක් වෙලා රජාට මාට්ටු වෙලා වැලන්ටයින් සාමිව සිරබාරයට අරගෙන තියෙනෙවා ... පස්සේ ඔය පෙබරවාරි 14 දවසක මේ පෙම්වතුන් වෙනුවෙන් කැපවුන ඒ මහා සුද්දවන්තයාගේ හිසගසා දමලා මරල .. ඔන්න ඕක වෙනුවෙන් තමයි එතුමාව සිහිවෙන්න පෙබරවාරි 14 දිනය ලෝක පෙම්වතුන්ගේ දිනය ලෙස එනම් වැලන්ටයින් ඩේ කියල නම් කරලා තියෙන්නේ .. වැලන්ටයින් ඩේ කියන එක වැරදියි .. හරි වචනේ වැලන්ටයින්ස් ඩේ .. ඒ කියන්නේ වලන්ටයිනේගේ දිනය ..



එහෙනම් ඔය ලොකුවට අයි ලව් යු මගේ පන කියාගෙන වැලන්ටයින් සමරන අයියල අක්කල , නංගිලා මල්ලිලා දැනගන්න ඇයි ඔයාල මෙහෙම දිනයක් සමරන්නේ කියලා .. පින් දෙන්න වැලන්ටයින් සාමි තුමාට .. ඔයාලට  අද ඔය මල් පොකුරක් අරගෙන ගිහින් එයාව බලන්න විසේස දවසක් තියෙන්නේ ඇයි කියලවත් මතක තියාගන්න ... අනික ඔය ඔයාගේ පන දෙන්න යන ආදරේ එක දවසකට සීමා කරන්න එපා . .එදාට විතරක් එයාගැන විසේසයෙන් බලන්න එපා .. හැමදාම එයාව විසේස කෙනෙක් කරගන්න .. අනික වැලන්ටයින් එක වැල ටයින් කරගන්න එපා .. එක ලොකු පාපයක් .. මාකටින් වුන තෑගී දීල එයාව සතුටු කරන්න එපා .. ඒවා භෞතික දේවල් .. ආත්මීය වශයෙන් දෙයක් දෙන්න උත්සහ කරන්න ...


ඔය කවුරු කොහොම කිව්වත් මටනම් මේ පාර පෝය ඇ ... :D 


එහෙනම් හැමෝටම චකස් මල්ලිගෙන් හැපී වැලන්ටයින් එකකට ආසිරි ඇ .. ලව් කරන නොකරන හැමෝටම .. :D  ..

සාදරයෙන් පිළිගන්නවා !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !