Archive for April 2015


මම බ්ලොග් ලියන්න පටන් අරගෙන වැඩිකලක් නොමැත .. ආසන්න වශයෙන් වසර එකහමාරක පමණ කාලයකි .. නමුත් බ්ලොග් ලියන්න ගත දවසේ සිට මට සෙට්වුණු ආතල්නන් එමටය .. :D මුලින්ම බීච් පාටියේදී මට ඔවුන්ව සෙට් උනේය .. ඊළගට 2014 අවුරුදු උත්සවෙදිය .. අන්තිමට 2015 අවුරුදු උත්සවෙදිය .. මේ කියන්න යන්නේ 2015 ගැනය .. :)
2015 සයිබර් සිහින බක්මහ උළෙලට එන්න මුලින් අපේ අයිය කාරය හා කිව්වත් ඒකාගේ මොකක්ද මන්ද වැඩක් නිසා පස්සේ බෑ කිව්වේය .. මම තනි වුනේය .. ගෙදරින් ද මට වැට බැදුණි .. පසුව කවුපි අක්කාට , පවනි අයියාට (නන්කිට) සහ නිමේෂ් (ඔටුවා) අයියාට පින්සිද්ද වෙන්න මම වැල්ලවත්ත කුරේ පාර්ක් එකට සැපත් වුනේය .. ^_^ ආවේ වැටෙන් පැනලය .. ( ඇත්තටම එකට එන පාරක් කොහෙන්ද තිබ්බේ බන්)




කොහොමින් කොහොමින් පසු පැවිලියන් එකට ආවේය .. එතැන් සිට වුනු එක එක දේවල් එක එක ආකාරයෙන් මතකයට ආවත් ඒ ඔක්කොම කියන්නන් බැරිය .. මාත් එක්ක කතාකරපු එකෙක්වත් මන් ගැන ඇහුවේ නැත .. උන් ඔක්කොම හෙව්වේ අයියවය .. >_< ( නපුරෝ ) සමහර උන්ට අයියවයි මාවයි පැටලී ඇත ..

පොල්තෙල් පහන පත්තු කිරීමෙන් පසු තරග පටන් ගත්තේය .. -_- එක එකා එක එක තරග වලට සිට එක එක එව්වා දිනාගත්තේය .. මමනම් හිටියේ නැත .. -_- :3
පොල්තෙල් පහන පත්තු කිරීමෙන් පසු තරග පටන් ගත්තේය .. -_- එක එකා එක එක තරග වලට සිට එක එක එව්වා දිනාගත්තේය .. මමනම් හිටියේ නැත .. -_- :3 කබ අදින්න ට්‍රයි එකක් දුන්නත් අපේ කරුමයකට මුලින්ම සෙටුනේ හෙන  නපුරු ලොකු උන් ඉන්න කණ්ඩායමකි .. -_- 


මේ නැම්දිනම් හෙනම නපුරුය .. :/ .. අලියට ඇහැත් තියල අවුරුදු කුමාරි ඔටුන්නත් ඉස්සුවේය .. :3 
 කවුද යකෝ බැලුන් හදපු එකා .. >_< පිම්බෙනවා විතරයි පුපුරන්නේ නැ . .. :/
ගියපාර ෆර්ස්ට් ගහපු speedy පැරදුනු අවස්තාව .. :3 හෙන සන්තෝසයි .. 

ඔටුවෙක් මුට්ටියට කෙලි අවස්තාවක් .. ( මුට හොදට පේනවා .. මොකට කන්නාඩි දානවද මන්ද )
පැනල ඇවිත් හිටපු මේ මාමිවයි නැම්දිවයි දන්නේ නැ කාද කිලා .. :/
අනවුන්සරස් ෆොර්එවර් .. :3

නැම්දීලාලගේ රේස් එක .. ^_^ හම්මේ ..

බොන උන් බිව්වේය . මම බලන් සිටියේය .. :) එක එකාගේ පටිවට් කුඩුවන අවස්ථාවේ මට මිට අවුරුදු එකහමාරකට පමණ පෙර මට තිබුණු නොනසුනු පිවිතුරු මගේ ෆේක් ජීවිතය මතක් උනි .. :'( දැන් එකේ කැලිත් නැත .. මම පජාත උන ෆේක් චරිතයක් වී ඇත .. කොහොම හරි ඒ වෙලී මම තාම පොඩියි කි විට නැන්දිල මාමිලා හිනා උනේ ඇයි කියා මම තාම නොදනියි .. :/ ( නපුරෝ ) අන්තිමට දවල්ට කන වෙලාවත් ආවේය .. ඊට පස්සේ හවස තේ වෙලාව ආවේය .. :3 .. ඒ අතරමැද තරග ගොඩක් තිබුනේය .. ඒවාට සහභාගී නොවුනත් ඒවගෙන් පට්ට ආතල් එකක් ලැබුනේය .. -_- අවුරුදු කුමාරි නැමදිලාගේ කැට් වොල්ක් එක යන වෙලේ කේක් කැල්ල උගුරේ හිරවුනේය .. :3 . අවන්කවම .. රසික (රණා) අයියාගේ සෙල්පි රැප් එක හිත මනබැන්දේය .. :v .. තාමත් දෝංකාර දෙනවා වගෙය .. :3 

අනේ ඉතින් මම පුංචි එකා කියල කවුරුත් මාව හැලුවේ නැත .. වචනයක් හරි මාත් එක්ක කතා කරපු උන්ට හෙනම ඉස්කොතුය .. අනිත් උන්ට මුකුත් කියන්නේ නැත .. :D මා අතින් නොදන්නා කමට නැම්දිල මාමලාට වරදක් උනානං සමාව භාජනය මැනවි .. :) වැඩේ එලටම ඔර්ගනයිස් කර තිබු සංවිදායක නැම්දිල මාමිලාට ඉස්කොතුය .. :D මිතුදමේ පස්වෙනි සැමරුම සමරන විට ඔබ සමග සිටීමට හැකි වීම ගැන සතුටු වෙමි .. :D 

 අවසාන වසයෙන් ප්‍රාර්ථනා කරන්නේ .. " පස්වසක මිතුදම සියවසක්ම පවතීවා කියාය " :) ..


ප/ලි : මම පොටෝ ගැහුවේ නැත .. ඒවායේ අයිතිය ගහපු උන් සතුය .. මඩ ඉදිරියට .. :D

එහෙනං ආයි සෙට්වෙමු මචං .. :)

යෝ යෝ .. සිරිලක පිරි අවුරුදු සිරි මේ .. ඔන්න එහෙනං හැමෝටම එකසිය විස්සට දෙසියවිස්සක් ආයුබෝවේවා වේවා කිව්වා .. :P ඒ වගේම ලැබුවාවූ මේ සිංහල දමිල අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන සාමය සතුට රජයන වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා කියල චකස් මල්ලි එකසිතින් ප්‍රාර්ථනා කරනවා ඇ .. (ඔයාලත් අනිත් පැත්තට ප්‍රාර්ථනා කරන්න ඇ ) :D ආ මේ ..  අර අර අපොස සාපෙ .. අන්න එකේ රිසාල්ස් ආවනේ .. ඔන්න මගෙන් රිසල්ස් අහන්න බලන් හිටපු අයට පහලින් මගේ රිසල්ස් ෂිට් එක අමුණලා තියෙනෙව .. අනේ මන්ද මේක හොද එකක්ද නරක එකක්ද කියල මටවත් තාම හිතාගන්න බෑ .. :P



හරි හරි .. එක ගැන කියන්න නෙවේ මේ පෝස්ට් එක ලිව්වේ .. :) .. මේක ලිව්වේ මේ අවුරුද්දේ පට්ටම ආතල් එකක් ගන්නා විදිය ගැන ඔයාලට කියන්න .. හැමෝම දන්නව ඇතිනේ සයිබරයේ යුනිකෝඩ් සිත්තම්කරුවෝ ඒ කියන්නේ බ්ලොගර්ස් ලගේ වාර්ෂික අවුරුදු මෙව්වා එක . .:D ඔව් ඔව් අවුරුදු උත්සවේ .. ආන්න එක ගැන කියන්න තමයි මේ ලක ලැහැස්ති වෙම්නේ .. :D

වැඩි සින් ඕනේ නැ .. ඔන්න මම කෙලින්ම එක ගැනම කියල මාරු වෙන්නම් . .:) මුලින්ම කියන්න ඕනේ සයිබර් සිහින බක්මහ උළෙල කියන්නේ අවුරුදු උත්සවයක් :3 .. බ්ලොගර්ස් ල කිව්වට මේකට එන්නේ බ්ලොගර්ස්ල විතරක් නෙවේ .. බ්ලොග් ලියන සහ කියවන ඇමෝම එක එක පළාත් වලින් එක එක වෙලාවට සමහරු එක එක දවස් වලට මේකට එනවා  ... :D

 එක එක දවස් වල ආවට ඉතින් මේක තියෙන්නේ අප්‍රේල් 19 වෙනිදා .. ටක්කෙටම කියනවනං අප්‍රේල් 19 උදේ 8 විතර ඉදන් තමයි වැඩේ යන්නේ .. මේක තියෙන්නේ වැල්ලවට්ටේ කුරේ ග්‍රවුන්ඩ් එකේ .. හැමෝටම එන්න ලේසියිනෙ .. 

මේක මාර ෆැන්ටසි උත්සවයක් .. අවුරුදු උත්සවේ අතරතුර ආතල් වගේම ගෙදර ආපුවාම යන දැවැන්ත මඩ ප්‍රචාරයේ අවධානමත් මේකට එන අයට භාරගන්න වෙනවා .. මොකද මේකේ පැපරාසි කාරයෝ වගේ පොටෝ ගහන උන් ටිකක් ඉන්න නිසා .. :3 



ඉන්න මම මේ පාර තියෙන අයිටම් ටිකක් කියන්නම් .. :D


  • දීවීම (පිරිමි)
  • දිවීම (ගැහැණු)
  • කණාමුට්ටි බිදීම
  • අලියාට අැස තැබීම
  • කඹ අැදීම
  • යෝගට් කැවීම
  • තුන් පා දිවීම
  • අවුරුදු කුමරු
  • අවුරුදු කුමරිය
  • සතය සෙවීම
  • බනිස් කෑම
  • තොප්පි පාස් කිරීම
  • බිත්තර ඇල්ලීම
  • බැලුම් පිපිරවීම
  • DJ සංගිත තරගය
  • ජන ගී ගායනා විකට ඇඳුම් තරගය




ඔන්න ඔය තියෙන්නේ මේ පාර සෙට් කරලා තියෙන තරග ලැයිස්තුව .. :D ඕවට දෙන තෑගි ටිකත් පට්ට මවලස් .. මොබයිල් ෆෝන් , රයිස් කුකර් , ගෑස් කුකර් , බිත්ති ඔරලෝසු , කුල් & හොට් ට්‍රැවලින් වෝටර් බොට්ල් , ටීෂර්ට් , මග්ස් වගේ ගොඩක් දේවල් ඔයාලට අරගෙන යන්න පුළුවන් මේකට ආවොත් .. :)

ආ තව එකක් .. එන හැමෝටම දවල් කෑම එක සහ වතුර දෙන්න සංවිධායක මණ්ඩලය තීරණය කරලා තියෙනෙව .. ඒ හැමදේටම ඇතුල්වීමේදී රුපියල් 200 ක් වගේ පුංචි ගාස්තුවක් ඔයාලගෙන් අය කරනවා . එකත් අරන් එන්න ඇ .. :D අනික් දේ තමයි ඔයාල මේකට එනවනං ( එනවනං නෙවේ අනිවාර්යෙන් වරෙව්) මෙන්න මේ පහල තියෙන ලින්කුවෙන් ගිහින් ඔය Form එක පුරවන්න .. :) එක හරියටම කි දෙනෙක් එනවද කියල දැනගන්න ලොකු හයියක් ..

ලියාපදින්චි වීමේ ෆෝරම් එක

ඔක්කොම වගේ කියන්න ඕනේ ටික කිව්වා .. :D (@කිව්වද බලමින්)

අ තව විස්තර , ඒ කියන්නේ වැඩි විස්තර දැනගන්න සයිබර් ෆෙස්ටිවල් ඔර්ගනයිස් කරන බ්ලොගර්ස් ලගේ මෙව්වා එකේ official බ්ලොගට ගිහින් බලන .. මෙන්න
මෙතනින් ..

 ආ තව එකක් එන උන් අවුරුදු 17 ට අඩු ලස්සන ලද බොලඳ සිනහවකින් මුව කමල ගවසාගෙන ඉන්න නංගිලා එහෙම ඉන්නවනං එක්කන් වරෙව් ඇ .. මන් පරිස්සමට බලාගෙන හවසට යද්දී ආයි ගෙනත් දෙන්නන් .. ^_^ :* ( මන් දන්නවා කිය්ව්වට උබල එක්කන් එන්නේ නෑ කියල .. -_- )

එහෙනං මම සුරුස් .. එදාට සෙට් වෙමු ඇ .. ආ මේ .. එදට මාව දැක්කොත් කතානොකර යන්නත් එපා ඇ .. :D ජය වේවා ..






සාදරයෙන් පිළිගන්නවා !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !