Posted by : Unknown Sunday, December 8, 2013

මෙන්න මම අලුත් අයිටම් එකක් පටන් ගත්ත ඇ ... මෙය මාගේ බ්ලොගයේ පල වෙන මංගල කතාවයි ... සභාවෙන් අවසරයි ... :3 ...

මෙන්න මෙකලු සීන් එක ... ඔන්න දවසක් එක පොරක් ( හද්ද ඩොටේ එකෙක් ඇ ) ආවලු නගරෙට ...
අපි මිනිහට සිරිපාල කියමු..... මුගේ ගමට යන්න බස් අඩුයිලු .. කොහොම හරි මූට ගමට යන්න තිබුණු අන්තිම බස් එකත් මිස් උනාලු ... දැන් මූට බර අවුලලු ... ගෙදර යන්න විදියකුත් ලෑ .. රැ බෝ වීගෙනත් එනවා ... මු ඉතින් ශේප් එකේ කඩේකින් තෝසේ දෙකක් කවලු ... දැන් ඉතින් මූට රැට ඉන්නේ කොහෙද කියන එක මාර ප්‍රශ්නෙලු ...

මු  ශේපට් එකේ ලග පාත ගෙයක් බලල ඒ ගෙදර දොරට තට්ටු කරාලු ... එතකොට ඒ ගෙදර ඉන්න මනුස්සයෙක් ඇවිත් දොර ඇරියලු ...

ගෙදර මිනිහ : කවුද ... ???

සිරිපාල : මහත්තයෝ ... අනේ මට මගේ අන්තිම බස් එක මිස් උනා .. මට අද රෑට විතරක් මෙහෙ නවාතැන් පහසුකම් දෙන්න පුලුවන්ද ... :) ...

( ගෙදර එකා සිරිපාල දෙස නොටෝරියස් බැල්මක් දාල හෙන ගහන්න වගේ මෙහෙම කිව්වලු ... )

ගෙදර මිනිහා : හපෝ බැහැ ... උබ වල් පාටයි ... මෙහෙ වැඩි වියට පත් උන ගැනු ළමයි ඉන්නවා ...

(දඩොන් ... දොර වැහුව ..)

අපේ සිරිපාල ට බර අප්සැට්ලු ඇ ... :/ ... දැන් ඉතින් මක් කොලන්නද .. මු තවත් ගෙදරලට ගියාලු ... ගිහින් ඒ ගෙදරින් ඇහුවලු කලින් ප්‍රශ්නෙම ..

ඒ ගෙදර මනුස්සයත් කිව්වලු .. " හපෝ බැහැ .. මෙහෙ වැඩි වියට පත් වුනු ගැනු ළමයි ඉන්නවා කියල .. "

දැන් සිරිපාලට හෙනම අවුල්ලු ... සිරිය ඉතින් තවත් ගෙදරකට ගියාලු ..ඒ ගෙදර හිටියේ ඇන්ටි කෙනෙක්ලු .. අන්ටිටත් සිරිපාල කලින් ප්‍රශ්නෙම යොමු කරාලු ...

එතකොට ඇන්ටිත් කිව්වලු . " අපෝ බැහැ .. මෙහෙ වැඩි වියට පත්වුණු ගැනු ළමයි ඉන්නවා කියල ... :3 ..

සිරිපාලට පොළොව පලාගෙන යන තරමට අවුළලු ... මු ඊලග පාර ටිකක් කල්පනා කරලා .. තවත් ගෙදරකට ගියාලු ..

ඒ ගෙදර හිටියේ හෙන සයිස් පොරක්ලු .. ඌ ඇවිත් ගෙදර දොර ඇරියලු ..

හෙන පොර : කවුද යකු ඇ ..???

සිරිපාල :       අහ අයියේ ...මේ මේ ... මෙහෙ අයියේ වැඩි වියට පත් වුනු ගැනු ළමයි එහෙම ඉන්නවද ඇ ..

හෙන පොර : ඇ .. ඉන්නවා තමයි .. ඇයි උබ එහෙම අහන්නේ ඇ ..

සිරිපාල : අනේ නැහැ අයියේ ... මම මේ මෙහෙ අද රෑට නිදා ගන්න ඇහුවේ ... 

හෙන පොර : ඇ .. මොකක්ද බොල තෝ කිව්වේ .. වල වනචර කුපාඩිය .. ඔහේ හිටු ...


සිරිපාල  ඇම්බියුලන්ස් එකක් මගින් රෝහල දක්වා නොමිලේ ප්‍රවාහන පහසුකම් අත්වින්දේය ...

කතාව අවසානයි .. කොමෙන්ට් දමා share කරන සැමට ස්තුතියි ... :D 

{ 2 Comments... ඒවා කියෝල ඔයාගේ අදහසත් දාල යන්න }

☻ Photo Comment දැමීමට :

[img] ඔයාගේ Image Link එක [img]

☻ සිංහල අකුරු Type කිරීමට වම් පස පහල ඇති "සිංහල " බොත්තම ඔබන්න ..

සාදරයෙන් පිළිගන්නවා !

ලිපි ගොනුව !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !