Posted by : Unknown Sunday, March 16, 2014

සැහෙන කාලෙකින් බ්ලොග් පැත්තේ ආවේ ...  අම්මේ .. මට බ්ලොග් එකක් තිබුන කියල මතක් වුනෙත් අද උදේ .. :P  .. හිකි හිකි ..  මේ දවස් වල ඉතින් හෙන වැඩනේ අපිට .. විභාගෙත් ලගයි .. O/l කෙසේවෙතත් වාර විභාගේ වත් ගොඩ දාගන්න එපෑ .. :D   .. නැත්නම් ගෙදර වාසල හමාරයි .. ඉස්කෝලෙත් සති එකහමාරක්  විතර වහල තිබ්බ නිසා ගොඩක් මිස්වුන දේවල් තියේ .. :)  ..

අද ආවේ එක ගැන කියන්ට නෙවේ .. මට ජීවිතේ වැරදුන තැනක් ගැන කියන්න .. මම කෙනෙක්ව හැක් කළා .. එයා තමයි කියන්නේ මම එයාව හැක් කළා කියල .. ඒ උනාට ඇත්තටම වුන දේ දන්නේ මමනේ .. :P  .. මේකනේ වුනේ .. මගේ එල ෆිට් එකක් ඉන්නවා අම්පාර ලයින් එකේ .. මගෙත් එක්ක ෆිට් වුනේ බුකින්මයි ..  අපි දෙන්න හෙන ෆිට් එකේ හිටියා .. මගෙත් බොක්ක උගෙත් බොක්ක .. මම Fake වුනාට ඌ රියල් .. මූ දවසක් මට කීව එක ඩයල් එකක් ඌත වද දෙනවා කියල .. මම නිකන් ආතල් එකට වගේ උගේන් තව විස්තර ඇහුවා . ඌ කිව්වා අර වද දෙන ඩයල් එක ඌව හැක් කොරනවා කිව්වා කියල .. :P  .. 

මම ශේප් එකේ ඉතින් අරුගෙන් වදකාරයාගේ එකවුන්ට් එකේ ලින්ක් එක ඉල්ලා ගත්ත .. මම ඉතින් ඌ දුන්න ලින්ක් එකට ගිහින් ඒ එවකුන්ට් එකේ Username එක කොපි කරලා වෙන බ්‍රව්සර් එකක් Open කරාගෙන ෆේස්බුක් එකට ගිහින් ලොග් වෙන තැන Username එක ගහල Forget My Password දුන්න .. :P  .. :v  .. 

හප්පට සිලි .. මේක security වලට දාල තියෙන්නේ ප්‍රශ්න අහන සීන් කොන් එක .. ඇහුවේ උගේ පලව්නිම ගුරුවරයාගේ නම .. හෑ .. මම කොහොමද එක දන්නේ . මම ඒ උනාට නිකන් ආතල් එකට වගේ උගේ පලවෙනි නම ම ගහල බැලුව .. :D  .. අප්පට සිරි නොසිතු විරූ ලෙස උත්තරේ හරි කියල වැටුනා .. මම Password රිකවරි කොලා මගේ Email එකට .. (රියල් එකට ) ...  ඊට පස්සේ මම එකවුන්ට් එකට අලුත් පාස්වර්ඩ් ගහල ලොග් වෙන්ට හැදුවම බුකියෙන් කිව්වා එකවුන්ට් එක පැය 24 කට බ්ලොක් .. දවසකින් ඇවිත් ලොග් වෙන්න කීල .. :) ..  ඔන්න ඕකට තමයි අර වදකාරය හැක් කළා .කිව්වේ . :3

මම විස්තරේ මගේ යාලුවට කිව්වම ඌටත් හෙන හැපී .. :D  .. මම කිව්වා පැය විසිහතරෙන් පස්ස්වාර්ඩ් කියන්නම් කියල . 

පස්සේ ටිකකින් මූ කියනවා " අඩෝ වැඩේ මාට්ටු .. අරු නඩු දානවා කිව්වා කියල .. "  ..  මට දෙලෝ රත්වුනා ..   කොහෙන් කොහෙන් හරි අරුට මගේ රියල් Email එකත් හම්බුවෙලා ඌ මගේ රියල් ෆේස්බුක් එකවුන්ට් එකත් හොයාගෙන .. :P  .. ඌ මට කිව්වා පොලිසි යනවා කියල .. ෆේස්බුක් රියල් එකට මැසේජ් එකක් දාල .. ඌ මේ ගම්පහ පැත්තේම ඩයල් එකක් .. මම ඌව කොහොම හරි ශේප් කොරගත්ත .. දැන් මෑන් අවුලක් ලෑ .. මට තදින් උපදෙස් දුන්ට ඔව් .. මම ඒවා මෙතන කියන්න යන්නේ ලෑ .. ඌ ශේප් උනාට හිටපු ගමන් පොර ටෝක් දෙනවා තාමත් ..  අන්තිමට බැලින්නම් ඒ යකා අපේ අම්මවත් අදුරනවා ..  එක නිසා තමා ශේප් .. 

කොහෙන් කොහෙන් හරි මමත් මගේ අනාගතේට වැදගත් වෙයි කියල හිතෙන පාඩමක් ඉගෙන ගත්තේ .. ආයිනම් මේ වගේ ගොන් ආතල් ගන්නේ ලෑ ..  මම කොහොමත් එහෙම නරක ළමයෙක් නොවන විත්තිය කවුලුත් දන්නවනේ .. ^_^  ..  

මේක බ්ලොග් එකේ දැම්මේ උබලට බලල ** ඉරාගෙන හිනාවෙන්ට නෙවේ . බලල හැදියව් .. මම වගේ .. :/ 

ඔය හැක් කොරන එක එක මෙතඩ් ටෙස්ට් කරන්ට ඕනිනම් උබලගේම එකවුන්ට් හැක් කරාගනිව් .. මමත් මීට පස්සේ කරන්නේ එකම තමා .. -_- .. 

මම මේකෙන් තව දෙයක් ඉගෙන ගත්ත .. ඔව් .. එකත් කියන්නම් .. ලංකාවේ දැන් මේ වගේ වැරදි වලට නීති තියෙනෙවා .. මේ තියෙන්නේ  ලංකාවේ  ජන්ජාල අපරාද ගැන සොයාබලන SLCERT කියන අයගේ Web Site  එක ..   ඔයාට කවදාහරි මේ වගේ වැඩක් වුනොත් ඔයාට පුළුවන් මේ Site එක හරහා එක Report කරන්න .. පොලීසිය මගිනුත් පුළුවන් .. හැබැයි ප්‍රමාණවත් සාක්ෂි තියෙන්න ඕනි .. :D  ..  මේ වගේ දෙයක් ආයි කාටවත් නොවේවා .. 


ඔන්න ඕකයි නෝනා , මහත්තයෝ මට වුනේ .. හෑ .. කමක් නැහැ එකෙන් හරි පාඩමක් ඉගෙන ගත්තනේ .. වැඩේ ගස්සුනානම් මමත් අපරාදකාරයෙක් .. නිකන් නෙවෙයි .. සයිබර් ඇ ..

ටටා .. 

{ 6 Comments... ඒවා කියෝල ඔයාගේ අදහසත් දාල යන්න }

  1. හොඳ වැඩේ තොට :3

    ReplyDelete
    Replies
    1. ඇඩෙනවා ඔයි .. :( .. සතුරෙකුටවත් මෙවන් විපතක් අත් නොවේවා .. :P

      Delete
  2. අනු නමයෙන්නේ මලය බේරිලා තියෙන්නෙ

    ReplyDelete
  3. හම්මේ ඔව් බන් අයියේ .. තව පොඩ්ඩෙක් හුටස් පටස් .. O/l කරන්න කලින් මං හිරේ .. :P :/

    ReplyDelete
  4. යකෝ ඕ වගේ වැඩක් කරන්න කලිං දොපාරට දහපාරක් හිතන්න තිබ්බනෙ...
    ඒක නෙවී මචං ටම්ප්ලේට් එක ලස්සනයි... හොද ටෙම්ප්ල්යට් එකක් ගන්න විදියක් කියහන්නො

    ReplyDelete
    Replies
    1. @මහේෂ් .. කවුද බන් හිතුවේ මේකට මොලේ ඇති කියල .. :( .. මේ ටෙම්ප්ලටෙ එකනම් මට දුන්නේ යසිත් කියල අයිය කෙනෙක් .. මේකේ නම Robotics Notes .. හොද එකක් හොයාගන්නන්ම් ඉතින් ලෝකේ පෙරලන්න වෙනවා බන් .. :D :P

      Delete

☻ Photo Comment දැමීමට :

[img] ඔයාගේ Image Link එක [img]

☻ සිංහල අකුරු Type කිරීමට වම් පස පහල ඇති "සිංහල " බොත්තම ඔබන්න ..

සාදරයෙන් පිළිගන්නවා !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !