Posted by : Unknown Friday, February 28, 2014

මගේ තාත්ත ... මට මතකයි දවසක් අපේ තාත්ත මාව ලස්සනට අන්දගෙන , මගේ අතින් අල්ලාගෙන මාව මගේ පළවෙනිම ඉස්කෝලේ දවසේ මාව ඉස්කෝලේ ගෙනිච්ච විදිය .. මාව පන්න්තියට එක්කන් ගිහින් මාව පන්තියෙන් ඉන්දවලා මාව ඉස්කෝලෙට බාරදීපු විදිය ... එදායින් පස්සේ හැමදාම මගේ අඩුපාඩු ගැන තාත්ත හොයල බැලුව .... මම ඉස්කෝලේ යන දවසෙන් පටන් ගත්තේ මට එතනින් ආපස්සට වැඩි මතකයක් නැති නිසා .. මම ඉපදුන දවසේ ඉදන්ම ගොඩක් මහින්සි වෙලා , මට හොද ජීවිතයක් හදාදෙන්න මගේ තාත්ත ගොඩක් කැපකිරීම් කරන්න ඇති .. අඩුවක් දැනුනේම නැ ..

අම්ම වගේ ආදරේ වැඩිය පෙන්නන්නේ නැති උනාට තාත්ත මට ගොඩක් ආදරෙයි කියල මම දන්නවා .. එක පෙන්නන්න ඕනි දෙයක් නෙවෙයි කියල තාත්තට හිතෙන්න ඇත්තෙත් සමහර විට මාව හොදට හදාගන්න ඕනි නිසා කියල මට හිතෙනේවා .. මම දඟ වැඩකරද්දී තාත්ත මට බැන්නේ , හිමිහිට පුංචි පාරක් දෙකක් ගැහුවේ මගෙත් එක්ක තරහට නෙවෙයි .. ඒ මාව හොද ළමයෙක් කරන්න ඕනි නිසා .. ඒත් ඉස්සරනම් තාත්ත ඒම කලාම මම තාත්ත එක්ක රණ්ඩුත් වෙලා තියෙනෙව ... ඒ ඉතින් නොදැනුවත් කමට කියාලා තාත්තත් දැනන් ඉන්න ඇති .. දැනුත් සමහර වෙලාවට මම රණ්ඩු වෙනවා .. ඒත් පස්සේ මට දුක හිතිලා මමම කතාකරනවා .. එතකොට තාත්තත් මාත් එක යාලුවෙක් වගේ කතාකරනවා .. ඇත්තටම මට මගේ තාත්ත යාලුවෙක් වගේ .. මට විතරක් නෙවෙයි .. මගේ අයියටත් ... 

අද මගේ තාත්තගේ උපන්දිනේ .. මමත් හැමදාම පුරුදු විදියට තාත්තට අදත් තෑග්ගක් දුන්න ..  හි ..  ඒ උනාට මට මගේ හිතේ ඇත්තටම තාත්තට තියෙන ආදරේ ගෞරවේ ඒ වගේ තෑග්ගකින් පෙන්වන්න බැහැ .. මම කවදාහරි එක කොහොම හරි තාත්තට ඒත්තු ගන්වනවා ... මම කවදාහරි තාත්තට ආඩම්බරවෙන්න පුළුවන් විදියේ පුතෙක් වෙනවා .. :)   ...

 මගේ තාත්තට සුබම සුබ උපන්දිනක් වේවා ! ..   ඔයාලත් මගේ තාත්තට සුබ උපන්දිනක් ප්‍රාර්ථනා කරන්න ....

මතු භවෙදිත් ඔබ මගේම පියාණන් වේවා .. !

ඔයාට හිතුන දේ කියල යන්න

☻ Photo Comment දැමීමට :

[img] ඔයාගේ Image Link එක [img]

☻ සිංහල අකුරු Type කිරීමට වම් පස පහල ඇති "සිංහල " බොත්තම ඔබන්න ..

Subscribe to Posts | Subscribe to Comments

සාදරයෙන් පිළිගන්නවා !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !