Posted by : Unknown Saturday, February 22, 2014

කුරුණෑගල ජෝන් කොතලාවල ඉස්කෝලේ සිසුවියක් ෆේස්බුක් හුටපටයකට දිවි තොර කරගනියි .. මලා ජෝන් .. මීට දවස් දෙක තුනකට කලින් කොහෙත් ඇහුනේ ඕකනේ .. ඇයි ... ඒ විතරද .. "ෆේස්බුක් මගින් අදුනාගත් පෙම්වතා සමග දොස්පවරා ගැනීමේ ප්‍රතිපලයක් ලෙස එක්දරු මවක් ගෙල වැලලාගෙන මිය යයි .. " .. තව ගොඩක් තියෙනෙව .. " ඇල්පිටිය - පිටිගල - පොකුණුවලකඩ - පැලවත්ත පාර ප‍්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි දිනේෂා තිලක්ෂි නැමති තරුණියයි අද උදෑසන සාරියකින් ගෙළ වැළලාගෙන සිය නිවසේදී ජීවිතක්ෂයට පත්වී ඇත්තේය . " .. හපොයි .. ලංකාවට ගිය කලක් .. මොකෞනත් අහිංසක ජීවිත තමා .. ඒ උනාට ඉතින් ඒ මිනුස්සුන්ගේත් මෝඩ කම .. සංවේදී වැඩි බව .. දරාගැනීමේ ශක්තිය හීන බව .. ඔන්න දැන් මට අපේ අම්මත් බනිනවා .. ෆේස්බුක් මහා ජරාවක් කියල .. ලංකාවේ විතරද ෆේස්බුක් තියෙන්නේ .. තව කොචහර රටවල මේක පාවිච්චි කරනවද මිනිස්සු .. ඒත් අපේ අය එක පාවිච්චි කරන විදියයි වැරදි .. ෆේස්බුක් විතරක් නෙවෙයි .. හැම දෙයක්ම වගේ .. ෆෝන් .. කට්ටිය දන්නේ නැති උනාට skype .. Vidio call .. අපේ ගණන් ක්ලාස් එකේ සර් මෙහෙම කිව්වා ..

මමත් දැක්ක ඔය ගැනුලමය ෆේස්බුක් නිසා මැරිලා තිබ්බ කතාව .. දැන් මොකෝ වෙලා තියෙන්නේ .. ප්‍රින්සිපල් හිරේ .. ළමය අපායේ .. ඇයි ඉතින් සියදිවි හානිකරගත්ත එකෙක් දිව්‍යලෝකේ යයි ඇ .. දැන් ප්රින්සිපල්ගේද වැරැද්ද .. අනික ඒ කෙල්ල දිහා බලපුවාම ඒ කෙල්ලගේ ටයිටල් එකත් හිතාගන්න පුළුවන් ..පොඩි ඉස්කෝලේ යන කෙල්ලෙක් නියපොතු පාටකරන් , අයිබ්‍රෝ හදල , ඉන්න විදියට ... ඒ ළමයා මොනවගේ චරිතයක් තියෙන කෙනෙක්ද කියල හිතාගන්න පුළුවන් ..      -චන්දන සර් -

අත්තක් තියෙනෙව නේද .. ඒ අම්මයි තාත්තයි ගැන ටිකක් හිතුවනම් .. දැන් මේක අර විල්සන් බැග් ජනප්‍රිය උනාවගේ නේ .. හැමෝටම මේක ට්‍රෙන්ඩ් එක වෙලා .. මාධ්‍ය මගින් මේවා ගැන හැමතැනම කියද්දී මේ වගේ දේවල් වලට ප්‍රශ්නවලින් පෙලෙන අයගේ අවධානය යොමුවෙනවා වැඩියි ..හැබැයි සාරිවලටනම් හොදයි කලක් යයි වගේ .. 

මේ වැඩෙන් අනිත් ලමයිටත් අසාධාරණයක් වෙන්නේ නැද්ද .. වැරද්දක් පෙන්වා දුන්නේ ගුරුවරුන්ට මෙහම ප්‍රශ්න එද්දී , අනිත් ගුරුවරුත් ළමයින් ගැන හොයන එක අඩුවෙන්නේ නැද්ද .. ළමයින්ගේ දෙමව්පියන්ට නොදෙවෙනි සේවයක් කරන ගුරුවරුන්ට මෙහෙම දේවල් වෙද්දී ඔවුන් ළමයිගේ වැරදි හමුවේ නිහඬව ඉන්න උත්සහ කරනවා .. එක ළමයින්ට ලොකු පාඩුවක් .. මගේ අම්මයි තාත්තයිත් ගුරුවරු නිසයි මම මෙහෙම කියන්නේ ..  අර ප්රින්සිපලවා හිරේ යවන්න හදන කොටසක් වගේම , ඔහුව බේරාගන්න හදන කොටසකුත් ඉන්නවා කියල දන්නවද .. ඒ ඉස්කෝලෙම .. පුදුමයි .. 

ඇ .. දැන් මහින්ද මාමා ෆේස්බුක් තහනම් කරන්නලු යන්නේ නේ .. පව් මාක් අයිය .. ලංකාවේ අය ෆේස්බුක් යන එක නැවතුනොත් මාක් සකර්බර්ග්ට කොච්චර පාඩුවක්ද නේ .. හැක හැක .. මට හිනා .. රටක් විදියට ගත්තොත් ලෝකේ තුන්වෙනියට වැඩිම ජනගහයක් ඉන්න රටට ලංකාවේ අය නැතිව යන එක හරියට ගමක් නැතිවුනා වගේ තියෙයි .. හරි බොළඳ අදහසක් ... මේ ගැන අපේ අයිය මෙහෙම කිව්වා .. 

ඉස්සර ලියුම් නිසා කොල්ලෝ කෙල්ලෝ බෙල්ලේ වැල දාගත්තේ නැද්ද .. කෝ එහෙනම්ලියුම් තහනම් කරන්න තිබ්බනේ .. ෆෝන් නිසා බෙල්ලේ වැල දාගත්තේ නැද්ද .. කෝ තහනම් කොරාද ෆෝන් .. එස්.එම.එස්. තහනම් කොරාද .. ඒ උනාට ෆේස්බුක් තහනම් කරන්න යන්නේ .. 


ඒ ගැන කතාකරලා වැඩක් නැහැ .. හරියට හැදුනේ නැති එකෙක් දෙන්නෙක් නිසා ගොඩක් වටිනා දේවල් විනාස කරන එක ???  ( ඔයාම කියන්නකෝ .. )

මම විරුද්ද මතදාරියෙක් කියල හිතන්න එපා .. මම කීවේ මගේ අදහස .. ගිහින් එන්නම් .. 

වෙනුෂ ඇතුළු හැමෝටම නිවන්සුව ප්‍රාර්ථනා කරමි .. 

ගිහින් එන්නම් ... 



ඔයාට හිතුන දේ කියල යන්න

☻ Photo Comment දැමීමට :

[img] ඔයාගේ Image Link එක [img]

☻ සිංහල අකුරු Type කිරීමට වම් පස පහල ඇති "සිංහල " බොත්තම ඔබන්න ..

Subscribe to Posts | Subscribe to Comments

සාදරයෙන් පිළිගන්නවා !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !