Posted by : Unknown Friday, June 5, 2015

"ගප්පියා" නමින් කෙටිකලක් තුල සයිබරයේ ප්‍රසිද්ද උන තරුණයෙකි .. එතරම් වේගයෙන් මෑත කාලීනව තරුණ ප්‍රජාව අතර ජනප්‍රියත්වයට පත්වුණු අය අතලොස්සකි .. ඒ අතරිනුත් ප්‍රිය ආකාරයට ජන ප්‍රිය උණු අය අතැගිලි ගනනටත් අඩුය .. හාස්‍ය මෙන්ම උපහාසය සමග වීඩියෝ පට තුලින් රසික ප්‍රජාව වෙත සමීප උණු ගප්පියාට පසුගිය දිනක , හරියටම පොසොන් පොහෝ දින හෙනහුරා ලැබුවේය .. සමහරු කිවේ පෝය නිසා පුරහදේ බලපෑම කියාය .. 

ලංකාවේ මිනුස්සු මාරය .. දෙනකොට උපරිමේටම දෙන්නත් කෙලිනකොට එලටම කෙලින්නත් හොද හැකියාවක් ඔවුන් සතුය .. "hit" වුනු ගප්පියා "shit" වීමට ගියේ විනාඩි කිහිපයකි ... ගප්පියා එකපාරටම ෂීට් වුවේ , ගප්පියා හිට් වෙවියයි සිතා පළකරපු කාටුනයක් නිසාය ..

එහි මතුපිට හරය "මහින්දාගමනය අද සිදුවුවනන් තිස්ස මිහුදු හාමුදුරුවන් සමග සෙල්ෆි ගනු ඇති බවයි .. " වර්තමාන තරුණ ප්‍රජාවගේ මෙනියාවක්ව පවතින Selfie ක්‍රමය උපහාසයට ලක්කිරීම එහි අරමුණ වෙන්න ඇත්තේය .. ඒ මට පෙන විදියය .. තව එකෙක්ට ඊට වඩා ගැඹුරින් වෙන විදියකට පෙනෙන්න ඉඩ ඇත .. නමුත් ගප්පියාට පෙනුනේ කොහොමද කියා අපි නොදනිමු .. ඌට පෙනුනෙත් මට පෙන විදියටනන් එහි වරදක් නැත .. නමුත් වෙන විදියකට එක දැක්ක අය දුටු තැන සිට ගප්පියාගේ සර්වාන්ගේම මඩින් නැව්වේය .. ඒ බෞද්ධ ආගමට ගප්පියා අපහාස කිරීමේ වරද නිසාවෙනි .. 



එක අතකට ගප්පියාද වැරැද්ද ගත්තේය .. ලංකාවේ මිනුස්සු ගැන අවභෝදයක් තිබුනානං ඔයිට වඩා දුර ගප්පියාට හිතන්න තිබුනේය ..

මේ සිද්දියත් සමග මට මෙහෙම අවස්ථාවක්ද සිහිපත් වෙයි .. ඒ ජනාදිපතිවරණ කාලයේදී සමහරු මහින්දාගමනය අර්ථ දක්වමින් මිහින්තලේ චායාරුපයකට මහින්ද ඇතුළු පවුල තබා edit කර තිබු අවස්ථාවයි .. ඒ චායාරුප සම්බන්දයෙන් ඒ වෙලේ මේ වගේ ලෙඩක් වැටුනේ නැත්තේ ඇයි කියා මටනං ප්‍රශ්නයකි .. 

සමහරු ගප්පියාට සෙල්ෆි උපහාසය පොසොන් දවසෙම මතක් උනේයැයි තර්ක කළේය .. මටනං තේරෙන පරිදි නිර්මාණයකට අදහස එන්නේ හිතෙන වෙලාවකට නෙවේය .. අනික් පැත්තෙන් බලද්දී ගප්පියාගේ කාටුනය වෙන ආගමකට විරුද්ද වුනානන් ලංකාවේ මිනුස්සු ඒක ෂෙයාර් කරලා ගන්න ආතල් එකද අමතක නොකර යුතුය .. එහෙනං ගප්පිය ෂිට් නොවී තව හිට් වීමටද ඉඩ තිබුණි .. 

මම කිව්වේ එක පැත්තක් ගැන පමණි .. තවත් දෙයකි .. කුන්හරප වලින් තොරව තර්ක කිරීමටද සියලු දෙනා ඉගෙන ගත යුතු බවත් බැරි උන් ගොන් පාර්ට් නොදැමිය යුතු බවත් ගප්පියාට මඩගපු කොමෙන්ට් දැක්කම සිතුනි ..

තවද මම  බුකියී මෙහෙම පෝස්ට් එකක්ද දැක්කෙමි .. 

"ගප්පියාගේ විහිළුවක් තෙරුන්ගන්න බැරි මිනුස්සු බෞද්ද දර්ශනය කොහොම තේරුම් ගනියිද."

කෙසේවෙතත් හිට් වෙන්න ට්‍රයි කරන හිට් වෙලා ඉන්න කාට කාටත් මේවා හොද පාඩම්ය .. 




{ 7 Comments... ඒවා කියෝල ඔයාගේ අදහසත් දාල යන්න }

  1. අද කාලෙ මේව කියවන්නත් බයයි යකෝ..අයියල සැට් එක ඇවිල්ල කමෙන්ට් දාන අපිටත් එක්ක එක එක එවුව කියයි..අපි පවු

    -RC-

    ReplyDelete
    Replies
    1. සිරා බන් .. මාවත් උස්සයිද දන්නේ නැ .. :P :D


      (RC කිව්වේ අරු නේ :D )

      Delete
  2. Quoted from: ඉඳුනිල් අයියා
    බුකිය තුල ලයික් එකකින් කමෙන්ට් එකකින් ශෙයාර් කිරීමකින් සිදුවන්නෙ එම පෝස්ටුව ඉතා විශාල පරාසයක් කරා වියාප්ත වීමක්. ඒ නිසා මිනිස්සු ඒ ජනප්‍රියත්වය ලබා ගැනීම සදහා නොයෙකුත් කූට උපක්‍රම බාවිතාකරනවා. රට ජාතිය ආගමට අපහාසාත්ම දේවල් නිර්මාණය කරලා එයට සංවේදී මිනිසුන්ව කුපිත කරනවා. එහෙම කුපිත කරාම ඒ නිර්මාණයට එරෙහිව කමෙන්ට් වැටෙනවා මෙන්න මූ අපේ ආගමට ජාතියට අපහාස කරලා කියලා ඒ පෝස්ට් එක සෑම තැනකම ශෙයාර් වෙනවා.
    එවිට ඔබ නොදැනුවත්වම ඔහුගෙ හෝ ඇයගේ අපහාසාත්මක පෝස්ටුව තව තවත් සමාජගත කරන්න දායක වෙලා. පෝස්ටුව දාපු කෙනාගෙ අරමුණ වෙත ඔහුව ඔසවා තබා තියෙන්නෙ ඔබ විසින්මයි. එසේනම් හොදම සහ නුවනැති දෙය තමයි හරි වැරද්ද කියා දෙන්න කමෙන්ට් ශෙයාර් කිරීමෙන් වැලකී නොදැක්කා සේ හිදීම එවිට එවෙනි දේ බිහිවෙන්නෙ නෑ මොකද සමාජය ප්‍රතිචාර දක්වන්නෙ නැති නිසා .ඒ වගේ දේවල් වලට අපි කුපිත වෙලා ප්‍රතිචාර දක්වන්න දක්වන්න ඔවුන් තව තව එවෙනි දේවල් නිර්මානය කරනවා ඒ නිසා එවෙනි දේ නොසලකා හැරීම තමයි වඩා වැදගත්. :)
    -RksIni LK

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් .. එක උන්ට ලොකු බැකප් එකක් .. එත් එහෙම දෙයක් මම මෙතන දැක්කේ නැති නිසයි මෙහෙම පොස්ට් එකක් දැම්මේ // Just my opinion .. :)

      Delete
  3. ගප්පියා ඕක දැම්මේ වෙන දේ නොදැනද?
    අපේ මිනිස්සුන්ගේ හිතන ශක්තියේ දිග පළල නොදැනද?
    නෑ.
    මේ ටික කියන්නේ පෞද්ගලිකව ඔහු මගේ මිත්‍රයෙක් නිසා නෙවෙයි, නමුත් බොහෝ දෙනෙක්ට නැති නිදහස් මනසක් ඒ මනුස්සයට තියෙනවා.

    මිහිඳු හාමුදුරුවෝ වෙන අඹ ගස් නැතිද අහනකොට, රජතුමා "ඒවා අර කවුද මුස්ලිම් ඇමති කැපුවා" කියන කාටූන් එක අවුලක් නෑ, මේක අවුල්?

    ලංකාව ගැන අවබෝධයක් නැතුව මේක දැම්මා හිතනවා නම්, ඒ අදහස වැරදියි. ඔහු සමග මා ඒ ගැන පෞද්ගලිකව කතා කළා.

    අර මහින්දාගමන මහින්ද පවුලේ ෆොටෝ එකත් අවුලක් නොයන්න හේතුව අර ගස් කපපු කතාව වගේම තමයි.

    මෙතන ආගමික උපහාසයක් හෝ අපහාසයක් නෑ. අපහාසයක් වුනා නම් වුනේ "මේ අපේ ඩර්මය හුත්තෝ තොගේ ............. .........." කියන ගමන් තමන් බෞද්ධ කියාගෙන ආඩම්බර වෙන මිනිස්සුන්ගෙන් විතරයි.

    තමන් ගැන සතුටු වෙන්න දෙයක් ගොඩ නගාගෙන නෑ, තමන්ගේ සමාජය වැට පිටාව වෙනුවෙන් යමක් ගොඩනගලා දීලා නෑ. ඉතිං මොකක් ගැනද උඩප්පරන් ගහන්න තියෙන්නේ? උපතින් හිමි වුනාට කිසි අවබෝධයක් නැති ආගමයි, තමන් කරපු දෙයක් නැති උනාට අනුරාධපුරේ පොළොන්නරුවේ තියෙන නටබුන් ගැන විතරයි.

    මම මේ කියන්නේ ඒවා වැඩක් නෑ කියලද? අනිවාර්යෙන්ම වැදගත්, අපේ මුතුන් මිත්තෝ ගොඩ නගපු දේ ගැන කිසිම අවතක්සේරුවක් නැහැ.

    හැබැයි තමන්ගේ කියලා කරපු දෙයක් නැති හිස් මිනිස්සු ලැජ්ජාව වහගන්න ඒ දේවල් යොදාගන්න එක ගැන නම් කනගාටුයි.

    ඒ වගේම හැමෝම උතුම් කියන නිසා උතුම් කියලා හිතේ තියෙන හින්දා, අන්තර්ගතය ගැන කොහෙත්ම නොසොයා, කිසිම ධර්ම මාර්ගයකට පිලි නොපන් මිනිස්සු ධර්මය රකින්න පිසුනාවාචාව කටට ගන්නවා.

    කෝ ධර්මය? ධර්මය එන්නත් කලින් ලොප් වුනේ ඒ මිනිස්සුන්ගේ හිත ඇතුලේමයි.

    රැකෙයිද ධර්මය? සෙල්ෆි මේනියාව ගැන කතා කරනවට වඩා, ගප්පියගේ මේ වැඩෙන් මතු වුන වැදගත්ම සමාජ කාරනාව ඒකයි.


    මම මේ ගැන සටහනක් තිබ්බේ නැහැ, නමුත් මම දැන හඳුනා ගත්ත ගප්පියා ගැන පොඩි සටහනක් එක්ක, කාටූණය ගැන මගේ අදහසට ඉතාම ආසන්නයෙන් පළවුණ වෙන කෙනෙක්ගේ සටහනක් සමගින් පෝස්ට් එකක් ලිව්වා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් . ඔබේ අදහස සමග මම එකයි .. ගප්පියාට වැරදුනේ අපේ මිනුස්සු ගැන නොදැන හිටපු නිසා ..

      Delete

☻ Photo Comment දැමීමට :

[img] ඔයාගේ Image Link එක [img]

☻ සිංහල අකුරු Type කිරීමට වම් පස පහල ඇති "සිංහල " බොත්තම ඔබන්න ..

සාදරයෙන් පිළිගන්නවා !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !