Posted by : Unknown Wednesday, March 26, 2014


මුකුත් නොදන්නා පොඩි එකෙක් වගේ ( වගේ නෙවෙයි ..පොඩි එකෙක් තමා .. ) ඉස්කෝලෙට ආපු පලවෙනි දවසේ ඉදන් බල බලා හිටපු දෙයක් ..  ...සත්‍ය අත්දැකීමක් ... මේක උනේ මීට මාස තුන හතරකට කලින් ... X Ban කිව්වම ගම්පහ අවට අයනම් දන්නවත් ඇති ..ඔව් ..එක තමා ... ගම්පහ බන්ඩාරනායකේ අවුරුදු පහකට සැරයක් තියන ප්‍රදර්ශනය ... අපිටත් මේ පාර මේකට සහබාගි වෙන්න හම්බ උනා ..බලන්න නෙවෙයි .. දෙයක් හදන්න ... අපි කිව්වේ .. අපි ඔක්කොම දහ දෙනෙක් .. ඒ දවස් වලනම් දහ දෙනෙක් කියල දැනුනේ නැහැ .. දැනටත් එහෙම තමා ... කියන්න යන්නේ හදපු දේ ගැන නෙවෙයි ... වෙච්ච දේවල් ගැන ...

මතකයි මුලින්ම ලොකු රැස්වීමක් තිබ්බ .පිට්ටනියේ .... ඉස්කෝලේ ... මුළු  ඉස්කෝලෙම වගේ හිටිය ... අපි දහදෙනත් හිටිය ... මුලින් හිටියේ හයයි .. පස්සේ හතරක් සෙට් උනා .. රැස්වීමේ කිව්වේ හැමෝම මොකක් හරි හදන්න ඕනි කියල .. ප්‍රදර්ශනේට ...

 අපේ  පන්තියේ  දිනක දක්ෂයන් බිහිවන පසු පස පෝලිමේ හිටපු අපිට දැන් හදන්නේ මුකක්ද කියල හෙන ප්‍රශ්නයක් ... සමහරු විවිඩ දාර්ශනික මත පල කරපු අවස්ථාවද එමටයි .. ඒ අතර මමත් ලොකු ලොකු එව්වා සීන් එකට එන්ටර් කළා .. මුලින්ම කරලියට ආවේ රොබෝ කෙනෙක් ..ඒකට ඔක්කොම හරි .. අපි එකට අනුග්‍රහකයොත් හොයා ගත්ත .. ඒ උනාට අපි ගාව ප්‍රොග්රමේ කනෙක් හිට්යේ නැති නිසා වැඩේ ඇත අරිය .. සැලුනේ ලෑ සහෝදරයා ... තව ගොඩක් දේවල් තිබ්බ .. අපෙ හිටපු හොදම දාර්ශනිකය කිව්වේ එක්ටැම් ගෙයක් ගහමු කියල ... අන්තිමට ඒකත් අත් ඇරිය .. එකටනම් හේතුවක් දැනුනේ නැහැ .. හැබැයි පස්සේ එක වෙන කට්ටියක් කළා ..අපෙන් අදහස අරගෙන නෙවෙයිලු ඇ .. ( දන්නෝ දනිති ) ...
දැන් කට්ටිය අඩනවා ... හැදුවේ නැත්නම් මිස්ල චාටර් කරනවා ...පන්තියේ වැඩ කාරයෝ කොල්ලෝ නෙවෙයි කියල .. ඔය බයිට් එක මුලින්ම ඇල්ලුවේ අපේ විද්‍යාව මිස් ... ඒවා ගැන කතා කරලා වැඩක් නැහැ .. අන්තිමට අපිට දෙයක් හම්බු උනා .. එකනම් මේ මගේ අදහසක් තමා .. ඔව් ..ඒ උනාට මම තනියම කරපු දෙයක් නෙවෙයි .. මම එකෙන් භාගයක්වත් කලේ නැහැ .. මම කට්ටියට කිව්වා මෙලෝ යකෙක් මෙලෝ ආත්මෙකට කරන්න හිතන්නෙවත් නැති එකක් .. දන්නවාද ..මම අපේ එවුන්ට කිව්වා කාලය හරහා යන්න කාල යන්ත්‍රයක් හදමු කියල .. අපේ එවුන්ට හෙනම චූන් .. බඩ අල්ලාගෙන හිනා වෙනවා ..

 " අඩෝ උබට මාන්දමද බන් ... "

 "උබ මොනවද බිව්වේ .. අපිට ගෙනාවේ නැහැ නේ .. සමනලයා ..."

 " ඇ .. කාල යන්ත්‍රයක් කිව්වේ මොකක්ද බන් ".. ( අපේ හිටපු විද්වතෙක්ගේ අදහසක් )

 "අනේ පව් පොඩි එකා ... "

ඕන ඔහොමයි මගේ අදහසට රිප්ලයි ආවේ .. :3 .. මට වහ කන්න හිතුන ... මම වැඩේ අත්හැරිය .. පස්සේ ආයි  මම අපේ එවුන්ට පොර වගේ මේක ගැන දුන්න ටෝක්ස් වලට අපේ එවුන් වැඩේට බැහැ බැහැ කියල කැමති උනා ...

"එහෙනම් පටන් ගන්න තැනක් කියකෝ .. "

මම කලිනුත් කිව්වේ .. අපි සෙට් එක පන්තියේ හොදම ලමයි ටික කියල .. අන්න ඒ නිසාම ගොඩක් ටීචර්ලා .. අපි පන්තියෙන් එහෙම මේ වැඩ වලට යනවට ගොඩක් අකමැති උනා ..:P ..
...හ්ම්ම්  .. ඒ උනාට අපි වැඩේ කරන්න හිතා ගත්ත ..
අපි ඔන්න ෆෝම් එකක් එහෙම අරගෙන පිරෙව්වා .. අපි 6 දෙනෙක්ගේ නම් තමා මුලින් දැම්මේ ... පස්සේ කට්ටිය මදි වෙයි කියල හිතිලා ( ස්ටෙලා මිස් තමා අපිට කිව්වේ ගොඩක් කට්ටිය දාගන්න .. පස්සේ මදි වෙයි කියල ) අපි සෙට් එක 10 දෙනා දක්වා වැඩි කොලා .. අපේ ෆෝම් එකට අත්සන් කරගන්න කියල අපි විද්‍යාව මිස් ගාවට ගිය වෙලාව ගැන මම කියන්න කැමති ලෑ ... අපි වැඩේ පටන් ගත්තේ පරක්කු වෙලා නිසා අපේ ෆෝම් එක බාරගන්න බැහැ කිව්වා .. පස්සේ ස්ටෙලා මිස්ට කීල ශේප් එකක් දාගත්ත .. :D
අපිට තැනක් හොයා ගන්නත් මාර දුකක් විදින්න උනා .. කොහොම හරි ඔක්කොම අන්තිමේ ගොඩ ..

ඔන්න දැන්  එකා එකා ප්‍රදර්ශනේ වැඩ වලට කියල ඉස්කෝලෙන් එලියට යන්න පටන් ගත්ත .. ( අනිත් කොල්ලෝ ) ...කවදත් සීතලට බර අපේ සෙට් එකට අනිත් එවුන් එලියට යනවා බලන් ඉන්න බැරි උනා .. රොහාන් සර්ගෙන් ( ස්ටෙලා මිස්ගේ හස්බන්ඩ්)ලියමකුත් ලියාගෙන අත්සනත් ගහගෙන අපිත් ඉස්කෝලෙන් එලියට යන්න ( පනින්න) අවසර ගත්ත ... ඇ ..

අපිට ඉතින් හෙන සන්තොසයිලු දැන් .. රජ මගුල් .. :v .. ඔන්න දැන් අපේ එවුන් ගම්පහ රවුන් ගහන්න ගත්ත .. දවස් දෙකක් විතර නිකන්ම ගම්පහ ඇවිද ඇවිද ඉදල ඔන්න තුන්වෙනි දවසේ විතර අපිට මතක්වුනා X Ban එකට අපි මොකක්ද හදන්න ඉන්නවා නේද කීල .. ( ඔව් ඒ වෙද්දී නමත් අමතකයි ) .  ආ කාල යන්ත්‍රේ ඇ .. ^_^ ..  ඔන්න ඉතින් එහෙනම් දැන් තුන්වෙනි දවසේ විතර ඉදන් අපි වැඩේට බැස්ස ..

අපි ඕනි බඩු එහෙම හොයාගෙන වැඩේ පටන් ගත්ත .. බඩු හූයාගත්ත උනාට අපි හිතුව තරම් මේක සිගිති වැඩක් වුනේ ලෑ .. :/ .. අපි පටන් ගත්තේ ආතල් එකට උනාට පස්සේ වැඩේ සීරියස් උනා .. ඔව් .. :3 ..  අපි රේසර්ගත්ත මැසිම කරකවන්න .. යකඩ පොලු ඒ රේසර් වලට බැස්සුවා .. සමහර ඒවා බස්සන්න බැහැ .. පොල්ල ලොකු .නිසා . ඒ නිසා අපි රේසර් එකේ සිදුරු ලොකු කරලා වැඩේ කොරාගත්ත . ඔව් අපි වැඩකාරයෝ .. ^_^ .. අනේ අපරාදේ කියන්ට බැහැ අර ලේත් වැඩපලේ අන්කල් අපිට හෙන ආසාවෙන් හැලුප් කරා ...    සමහර බාස්ල අපෙන් සාල්ලි ගත්තෙත් ලෑ .. ඔවුන්ට පින් ඇ ..

අපි ඔන්න දැන් මැසින් එක හදන්න ඕනි Main පාට්ස් ඉස්කෝලෙට ගෙනල්ල අපිට දුන්න පන්තියෙන් එහෙම තිබ්බ .. හෑ .. දැන් මේක පාස්සන්න එපෑ . අපිට පාස්සන්න බැහැනෙ .. O.o .. ඔව් . අපි පාස්සන්න එක්කෙනෙක් එක්කන් ඇවිත් වැඩේ කොරාගන්න ට්‍රයි කළා .. අපේ එකෙක්ගේම අදුරන අයියෙක් .. අර අංජන  කියන එකාගේ . . අපි ට්‍රයි කරාට වැඩේ මැන්ට කරගන්න අමාරුවෙඋනා .. හේතුව අපේ මැසිමේ ප්ලැන් එක අප්සට් එකක් නිසා ..හැබැයි පාස්සන්න ආපු අයියනම් ඉස්පිරිතාලේ ගියා පෑස්සුම් කුර ඇහේ වැදිලා ..  අපි ඊට පස්සේ ප්ලෑන් එක ටිකක් කස්ටමයිස් කොරල වෙන එක්කෙනෙක්ට කීල කරාගත්ත ..

මම පොඩ්ඩක් කියන්නද  අපේ මැසිම හදන්න හිතන් හිටිය විදිය ගැන ( අන්තිමට හැදුනු විදිය )




ඔකේ ඔය තියෙන දොරෙන් මැෂින් එක ඇතුලට යන්න පුළුවන් .. ඔය දුබුරු පාටින් පාට කරලා තියෙන කොටසින් තමයි මසින් එක  බිත්තියට සෙට් වෙන්නේ ..  ස්ටේජ් එක යට සහ අර දුබුරු පාට එක ලග මසින් එකට ස\රේසර් සෙට් කරලා තියෙනෙව කැරකෙන්න... ඔව් මිනුස්සු ඇතුලේ ඉද්දියි කැරකෙන්නේ ..  එක පාරට පස් දෙනෙක් දම්මහැකි .. මැද තියෙන්නේ ඒ රේසර් දෙක එකට සෙට් වෙන පොල්ල විතරයි .. ඒ පොල්ලෙන් අපි ගත්ත ආතල් කියල නිම කරන්න බැහැ .. කෙල්ලෝ කීදෙන්ක්ගේ කොන්ඩ පැටලුනාද ඔකේ .. ^_^ .. අපි ඉතින් ලෙහුවා ,, :v .. ;)

හිකිස් . ඔන්න ඕකයි ප්ලෑන් එක ..  දැන් කොහොම කොහොම හරි අපි ඕක අටෝ ගත්ත .. :v ..

සැ:යු:  පාසල ඉදිරිපිට තිබු කෙත්සිසිල කඩේ වැහුවේ අපි ඒ කඩේට ගොඩක් බිස්නස් සෙට් කරපු නිසා බව ඉතා අභිමානයෙන් පරකාස කරන්නමු .. :3

Behind The Scene 01 :

 ඔය උඩ නැගගෙන ඉන්නේ අර අංජන කියන එකා .. දම් පාට එකෙක් ඉන්නවා නේද .. ඌ තමයි රවිතාල් කියන්නේ .. 

ඔය රවිතාල් කියන එකා වැඩේ වෙන අතරතුර වැල්ඩින් ප්ලාන්ට් එකේ තිබ්බ ඇසිඩ් හලලා මගුලක් කොරා .. 




----------------------------------------------------------------------------------------------------------



මේ ඉන්නේ අර මනකල් කියන .එකා . .. මූ හෙන පෙරේතයා .. කන්නමයි හොයන්නේ .. ටිකක් ලෝබය .. ඒ උනාට හොද එකා .. මොනවා උනත් සෙට් එකෙන් පන්තියේ රෑන්ක් එකක් ගහන ඩයල් එකක් ඇ .. ජය වේවා මචං .. 







_______________________________________________________________________________

මු හෙන දාර්ශනික ඩයල් එකක් .. නම කවිඳු .. ටිකක් පුංචි පහේ අගක් තිබ්බට හෙන කට මුගේ .. අවංක ගණන් කාරයෙක් ..






_______________________________________________________________________________

ආයිත් වැඩේට ඇ ..

 හෑ .. මම මැසිම ගැන කිව්වට මේකෙන් අනාගතේට යන්නේ කොහොමද කියල කිව්වේ නැහැනේ .. ඔව් දැන් තමයි එක කියන්නේ .. ඉන්නකෝ ඊට කලින් මසින් එක පන්තියේ ස්ථානගත  කිරීම ... :D


ඔය අංක එක ගහල තියෙන තැනින් තමා මැසිමට ඇතුල් වෙන්නේ .. දෙක ගහල තියෙන තැනින් තමා මැසිමෙන් එලියට එන්නේ .. ඇතුලට යන තනි එලියට එන තැනය එකිනෙකට පෙන්නේ නැති විදියට අටෝල තිබ්බ .. :D .. දෙකෙන් මැසිමෙන් එලියට ගියාට ඇතුල් වෙන්නේ අනාගතේට .. :D :v .. ඔව් .. ඔය හිස් ප්‍රදේශයේ අපි අනාගතේ හදල තිබ්බ .. කට්ටිය ඉතින් රස කර කර අනාගතේ බැලුව .. :3 .. අංක තුන ගහල තියෙන තැනින් අනාගතෙන් ආයිත් වර්තමානෙට ආවහැකියි ඇ .. :P ..


Behind The Scene 02 :



අපේ එකෙක් තීන්ත නාගෙන ඉන්න අවස්තාවක් .. සයිබර් ෂොට් කැම් එකක් නැතිවෙලේ .. :P .. ඉන්නෙනම් අර ඔමේෂ කියල එකෙක් ..  ඌ  ගැනත් කියන්නම් .. මොනවා උනත් හෙන හොද කිසිම ලැජ්ජාවක් නැතිව අතේ පැලවෙන බොරුකීමට උපං  හපන් අයෙක් .. :D .. මොනවා උනත් එල කොල්ලෙක් ..



___________________________________________________________________________




මේ තියෙන්නේ කට්ටිය මැසිමට නග්ගන තැන පොටෝ එකක් .. ඔය එක්සිබිශාන එකට කලින් දවසේ .. 





_________________________________________________________________________

මේ තියෙන්නේ අපි අනාගතේට හදපු එකක් .. අනිත් ඒවගේ පොටෝ නැහැ හොද ..



මේක ගැන කියන්නද .. මේක ඇත්තටම කියනවනම් පරීක්ෂණ මට්ටමේ තියෙන පාවෙන නගරෙක ආකෘතියක් .. අනාගතෙයේ ඇති වන ඉඩකඩ ගැටලුවට විසදුමක් තමයි මේක .. අපි මේක පා කරේ කොහොමද කීල අහන්නම් ..එපා  .. එව්වා ටොප් සීක්‍රට් .. ^_^




___________________________________________________________________________

අපි හදපු තව දේවල් ගැන කියන්නම් .. අපි හැදුව නැනෝ තාක්ෂනය උපයෝගී කරගෙන ටැබ්ලට් PC එකක් සහ පොන් එකක් .. ඒවා හැදුවේ නැනෝ වලින් කීවට අපි හැදුවේ වීදුරු වලින් .. :D .. ටැබ්ලට් එක මම ගෙදර ගෙනාව .. පොන් එක කවුරු ගෙනිච්චද කීල දන්නේ ලෑ .. :/ .. ආ ... මේ තියෙන්නේ එකේ Photo එකක් .. :v .. 

___________________________________________________________________________

ඔන්න ඔහොම ඉතින් අපි ඔක්කොම වැඩ ටික කරාගත්ත .. හුටස් පටස් .. දැන් ඔන්න එක්ෂිබිෂන් ඩේ එකත් ආවලු ඇ .. සිස් .. පලවෙනි දාස ඉතින් අපි වෙලුනාලු ඇ .. :/ .. අපි පුල් අප්සට් . ආ අපි තව ඇතුලේ පොඩි ප්‍රොජෙක්ටර් කට්ටක් සැට් කොරල වැඩක් දුන්නලු ඇ .. :D ..  ඒ උනාට ඉතින් කට්ටිය ලෑ අපේ එක බලන්න .. 

අපි හිතුව වැඩේ අපරාදේ බල්ලට ගියානේ කීල .. හනේ හම්මේ .. දෙවෙනි දවසේ ඉදන්නේ අපි මාකට් වුනේ ..  දන්නවද සමහර ආපු අය අන්තිමට අපෙන්ම අහනවා මල්ලි අර පෝස්ටර් ගහල තිබ්බ කාල යන්ත්‍රේ කොහෙද කියල ... ඔව් අපි පෝස්ටර් ගැහුවා .. :D .. ඔව් .. බල්ලොත් පස්සෙන් ආව .. ඒවානම් කතාකරලා වැඩක් ලෑ .. 


 වැඩේ මගක් යද්දී මේකේ ඉගෙන ගන්න දෙයක් නැහැ කීල ආපු එවුන්ට වගේම අපිටත් මීටර් .. හැබැයි මේක තරම් ආතල් සීන් එකක් ඉස්කෝලේ හය එකොළහ සෙට් එකේ තිබ්බේ නැහැ .. එක නිසා කට්ටිය ආවේ වැල කඩාගන්නේ නැතිව .. ^_^ .. 

ඇත්තටම විසේසෙන්ම කීනවානම් අපේ සහෝදර බාලිකා පාසල් දෙක තුනෙන් අපිට ලොකු බැකප් එකක් තිබ්බ .. :3 .. ගොඩක් අය කැරකිලා කැරකිල්ල හැදිලා එහෙමත් හිටිය .. ඔව් .. එක්කෙනෙක්ට වමනෙත් යන්න ගියා .. 

ප්‍රතිඵල : 

  • කෙල්ලෝ මැසිමෙන් වැටී බඩ ගෑම . 
  • කෙල්ලොන්ගේ කොන්ඩ බුල් රැසක් අප සතුව එකතුවීම .. 
  • කෙල්ලෝ කොන්ඩ පටලෝ ගැනීම .. ( අපි ඒවා ලෙහීම ) 
  • කොල්ලෝ බැන බැන යාම . 
  • එන එවුන්ට වඩා අපි ආතල් එකක් ගැනීම .. 
ඔව් .. කොල්ලෝ අපි හැලුවා .. :3 ..  කෙල්ලෝ ගැන හරියටම දන ගත්තේ මේකෙන් ඇ .. :P .. ඒවා කීනන ඕනි ලෑ .. දන්නෝ දනිති .. හනේ හම්මේ එහෙම ආතල් එකක් .. 

ආ . මෙන්න මෙහෙමයි මැසිමට නගින්න කලින් මම ආපු අයට දුන්න ටෝක් එක .. ( අක්කේ කීල කතේ කලේ ඇ .. )

මෙහෙමයි අක්කේ මේක කාල යන්ත්‍රයක් .. ඒ කියන්නේ මේක ඔයාලට අනාගතේ ට යන්න පුළුවන් විදියට අපේම අය හදපු මැෂින් එකක් .. අපි දැන් තව ටිකකින් ඔයාලව මැෂින් එකට දාල අනාගතේට යවනවා .. එතකොට ඔයාලට බලාගන්න පුළුවනි අනාගතේ මොනවගේද , මොනවද තියෙන්නේ කියල ..
ඔයාලගේ කවුරු හරි ඉන්නවනම් හාට් ඇටක් බ්ලඩ් ප්‍රෙෂර් එහම තියෙන අය නගින්න එපා මසින් එකට කරකෙද්දී අමාරු වෙයි ...  ඇතුලට ගියාම ඔය මද පොල්ල අල්ලන්න එපා එකේ පොඩි කරන්ට් එක එනවා කරන්ට් වැඩියි .. ඕගොල්ලෝ කොන්ඩේ ඉස්සරහට කරගන්න පැටලෙයි .. හදිස්සියක් උන්ටෝහැ නවත්වන්න ඕනි උනොත් කැරකෙන එක , හයියෙන් හූ කියන්න .. එතකොට පඅපි නවත්වන්නම් .. :D :D :D :D~!@#$%^&*()_+| .. ( කට්ටිය හොල්මන් , මට හිනා යනවා .. :P ) .. 

හනේ නම්මේ කියපු පච .. ඒවගේ Records නැති එකනම් හෙනම අපරාදේ .. හම්මියෝ ..


අපි ගත්ත ගොන් ආතල් වල සමරු සටහන් ... 


අපි  කඩු පයිට් .. ^_^
 අපේ එකෙක් පොඩි එකෙක්ට මරණ තර්ජන එල්ල කරන මොහොතක් .. :D 


_____________________________________________________________________________

ආ අපිට තව හොද හොද කොමෙන්ට් තිබ්බ කොමෙන්ට් ලියන්පොතේන තිබ්බ පොතේ .. ඔව් .. සමහර සමහර කෙල්ලෝ නොම්බරත් ලියල ගිහින් තිබ්බ .. අපි පොඩි නිසා ඒවා තේරුනේ නැහැ මොකටද ලියල තිබ්බේ කීල .. :v .. :D

තව ඕක ගැන කියන්න දේවල් ගොඩයි .. ආ ඉන්නකෝ .. මම අපේ සෙට් එකේ එවුන් ටික හරියටම කියන්න ..



ආ .. අපි අන්තිම දවසේ අනිත් ප්‍රදර්ශන කුටිවල අයත් එක්ක පොඩි මෙව්වා එකක් ගත්ත .. ( රෙදි ගලවීමකි .. )
මේ අර අර අක්කනේ .. 
මේ මද ඉන්න එකා අපේ සෙට් එකේ නෙවෙයි .. එහා පන්තියේ එක්ෂිබිට් එකේ හිටපු ලොකු එකෙක් . අපි එක්ක බර ෆිට් උනා ..


ඔන්න වැඩකාරයෝ ටික ... වෙච්ච දේවල් ඔක්කොම කියන්න ගියොත් මට එකට වෙනම බ්ලොග් එකක් ලියන්ට .වේවි . ..  මට හැගුනු විදියට අපේ ආතල් ඔක්කොම ලීව .. ආ .. වැරදුනා .  භාගයක්වත් ලීවේ නැහැ .. භාගයක් ලියන්න බහ .. ;) :P . .

වැඩේ ඉවර වෙද්දී පට්ට අප්සට් ඇ .. ආයිත් මේ වගේ ජොලියක් කවදා සෙට් වෙයිද .. ආයිත් X Ban එකක් එද්දී අපි ඉස්කෝලේ නැහැ .. කමක් නැහැ .. අපි එන්නම් එදාට ආයිමත් .. සෙට් වෙමු ඔක්කොම .. 

ඉස්කෝලේ සුන්දර මතක කවදාවත් අමතක කරන්න පුළුවන් වෙයි කීල මම හිතන්නේ නැහැ .. 


තව පොස්ටුවකින් සෙට් වෙමු .. ටටා .. 


{ 13 Comments... ඒවා කියෝල ඔයාගේ අදහසත් දාල යන්න }

  1. සුපිරි මචන් අපි ගත්ත ආතල් ඉතින් ආයේ ලොවෙත් නෑ ....

    ReplyDelete
    Replies
    1. ඔව් බන් .. එව්වා මෙහෙම ලියලා ඉවරයක් කරන්නත් බහ .. :D :D :D :D :P

      Delete
  2. Replies
    1. තැන්ක්ස් අක්කියෝ .. උම්මියා ... :D :P

      Delete
  3. මමත් ඔය වැටකොලු මැස්සට නැග්ගා බං! සෝයි ඈ කස්ටියම ඇතුලෙදි යටිගිරියෙන් කෑ ගහනව!(කෑ නොගහ කොහොමද ඉතින් ඕක කැරකෙන් හැටියට :3)

    ReplyDelete
    Replies
    1. හෑ .. :v .උබත් ආවද ඇ .. එල එල .. :D

      Delete
  4. මරු මල්ලි නියමයි මට එන්න බැරි උනානේ අපරාදේ ආවනම් කාලේ හරහා ගිහින් බලන්න තිබුනා... :/

    ReplyDelete
    Replies
    1. :v .. යේකනේ .. ඔයාගෙත් අනාගතේ බලාගන්න තිබුනා .. :P :D ;)

      Delete
  5. අලේ මතක් වෙද් දි අනේ කදුළු එනවා සතුට වැඩි කමට

    ReplyDelete
  6. phone එක මන් උස්සන් අවේ .,.. හේ හේ

    ReplyDelete
  7. අඩපන් මචෝ හොදට .. දැන් ඉතින් වෙන මක් කොරන්නද ,... :D

    ReplyDelete
  8. අපිත් ඔය වගේ ෆන් එකක් ගත්ත 2008 දි... හැබැයි අපිට නම් මාස 2ක විතර ඉඳන් වල බහින්න නිදහස දීල තිබුන නෙ... ඉතින් අපි ඒක හොඳටෝම ප්‍රයෝජනේට ගත්ත... සමහර ගෙවල් වල මිනිස්සු දවස් 2ක් යනකම් දන්නෙ නෑ උන්ගෙ මිදුලෙ තිබුන පුවක් ගහ නෑ කියල... දවස් 2කට පස්සෙ එනව ඉස්කෝලෙට ඒව හොයාගන්න... අම්මෝ ඒ කාලෙ දෙයියෙක් වගේ හාමුදුරුවො හිටපු නිසා ඒ හැමෝම ආපහු හරවල ඇරිය... :)

    මේ පාරත් අපි පුංචි ෆන් එකක් ගත්ත බ්ලොගර්ස්ල ටික එකතු වෙලා..
    ;)

    ReplyDelete
    Replies
    1. "මේ පාරත් අපි පුංචි ෆන් එකක් ගත්ත බ්ලොගර්ස්ල ටික එකතු වෙලා.."


      කෝ මං දන්නෙත් ලෑ .. අපිට මේ පාර වෙලාව හම්බුනා මදි අප්පා .. හරියට වැඩක් කරගන්න හම්බුනේ ලෑ .. :(

      Delete

☻ Photo Comment දැමීමට :

[img] ඔයාගේ Image Link එක [img]

☻ සිංහල අකුරු Type කිරීමට වම් පස පහල ඇති "සිංහල " බොත්තම ඔබන්න ..

සාදරයෙන් පිළිගන්නවා !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !