Posted by : Unknown Saturday, January 31, 2015


පිකිස් ක්ලාස් එකේ ඕපාදුප කියවන අවස්ථාවේ සැර්ගේ අතින් නිවුටන්ගේ නියමයකට අදාළ සමීකරණයක් කියැවුනි . ඇත්තෙන්ම කියනවනං මට ක්ලාස් එකේ සිටි පැය ගණනටම තේරුනේ එපමණි .. එයින් මා උගත් දේ හා වටහා ගත දේ මෙසේ සටහන් තබමි .. නියමයනම් ආකර්ෂණ ශක්තිය පිලිඹද නියමයි .. " d " දුරකින් වෙන්ව තිබෙන වස්තුන් දෙකක ආකර්ෂණ ශක්තිය නිවුන්ටන්ගේ මෙම නියමයට අදාළ සමීකරණය මගින් සොයා ගත හැක .. සමීකරණය පහත සදහන්ය .. එහි "G" යනු "gravitational constant" හෙවත් අර 10ms-1 කියන එකය .. "m" යනුවෙන් හදුන්ව ඇත්තේ වස්තුන් දෙකේ ස්කන්ධයයි .. "d" යනු වස්තුන් දෙක අතර ඇති දුරයි .. සැර් මේක කිව්වා ගමන් මතක් උනේ හිතේ දෝංකාර දෙන ලව් ඉලව් ඇන්ඩ් බුට් ය .. 
ඇත්තෙන්ම ලව් කපල් එකක් ඇත්වේද්දී ආදරය පලුදු වන බව මෙම නියමය මගින් නිවුටන් ප්‍රකාශ කරන අතරම අර සමීකරණය මගින් එය ඔප්පු කරයි .. ඉන්න මම පහදමි .. 


නියමයට අදාළ සමීකරණය

ආදරයෙන් ඇත්විම වනාහි වස්තුන් දෙක අතර දුර විශාල වීමයි . ඒ කියන්නේ සමිකරණයේ "d^2" වැඩි අගයක් ගනී .. එකෙන් බෙදෙන නිසා ආකර්ෂණ බලය අඩු අගයක් ගනී .. දෙදෙනා ලංව සිටීමෙන් "d" අගය අඩුවන අතර බෙදෙන්නේ අඩු ගානකින් නිසා ආකර්ෂණ බලයේ අගය වැඩි වේ .. 


තවද මෙම නියමයට අනුව දෙදෙනාගේ බර මතද ලව් අගය හෙවත් ආක්ස්ර්ශන බලය වැඩි වේ .. එම නිසා ගොඩක් මහතා දෙදෙනෙක් හම්බු වූ විට ඔවුන් ඉක්මනින් පැටලීම විද්‍යාත්මකවද ඔප්පු වේ .. (එයට තවත් සාදකයක් බලපායි .. එනම් මහත කෙල්ලන් කොල්ලෝ නැතිව වේලිමයි .. ) එම නිසා මහත කෙල්ලන් ටෝක් කිරීම ලෙහිසිය .. නමුත් ගොඩක් කෙට්ටු කෙල්ලන් සෙට් කරගනිම අමාරුය .. අන්න එතැනදී ඉහත නියමය සමග එකග විමට නොහැකිය .. ඊට හෙතුවනන් ලෑලි කැලිද කොල්ලෝ නැතිව වේලෙන නිසාවෙනි ..


මට මේ පිළිඹදව තව තව ගැඹුරු දේ හිතුනත් ඒ දේවල් මාද්‍ය සධාචාරයට පටහැනි විය හැකි නිසා ඒවා ගැන මුකුත් නොකියමි .. මගේ අතින් යම්කිසි වැරද්දක් වී ඇතිනම් එය නිවැරදි කරන මෙන්ද ඉල්ලමි .. ඔබටත් මෙම නිවුටන්ගේ අරුම පුදුම නියමය පිලිඹද හිතෙන තවත් අරුම පුදුම දේ තිබේනම් කොමෙන්ට් කරන මෙන්ද ඉල්ලා සිටිමි

කෙසේවෙතත් මෙතෙක් කිසිම පුද්ගලයෙකුට අරුත් පැහැදිලි කරගත නොහැකි ආදරය පිළිඹදව මෙසේ හෝ යම් අදහසක් ලබා ගැනීමට අපට සහය වූ සර් අයිසැක් නිවුටන්ටද මාගේ උත්තම ආචාරය .. 

{ 3 Comments... ඒවා කියෝල ඔයාගේ අදහසත් දාල යන්න }

  1. හම්මේ ඉතින් නේ?

    ReplyDelete
  2. G කියන්නේ g(10ms-1) නෙවෙයි. සාර්වත්‍ර ගුරුතුවාකර්ශණ නියතය 6.674×10−11 N m2 kg−2
    [IMG]http://i.imgur.com/11upNlt.png[/IMG]

    ReplyDelete
    Replies
    1. අනේ සොරි .. :) කමක් නෑ එක මගේ නියමයට බලපාන්නේ නැනේ .. :3

      Delete

☻ Photo Comment දැමීමට :

[img] ඔයාගේ Image Link එක [img]

☻ සිංහල අකුරු Type කිරීමට වම් පස පහල ඇති "සිංහල " බොත්තම ඔබන්න ..

සාදරයෙන් පිළිගන්නවා !

මාත් එක්ක ඉන්න සෙට් එක !

Translate

- Copyright © චකබ්ලාස්ට් ගේ ලෝකය ! - මේකේ ඔක්කොම වැඩ ටික කලේචකස් මල්ලි

වසා දමන්න !